අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ තුළට හමුදාව කැඳවීමට සැරසෙන අධ්‍යාපන ලේකම්ට එරෙහිව ගුරු අධ්‍යාපනඥයෝ අද ලෙඩ නිවාඩු වාර්තා කරති!

by editor
ජූලි 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හෙට දිනයේ දී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට හමුදාව කැඳවීමට අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දර විසින් ගෙන ඇති තීරණයට විරෝධය පලකිරීමක් ලෙස ගුරු අධ්‍යාපනඥ සේවයේ සියලුම වෘත්තිකයන් අද (17) දින ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් වෙත එළඹ තිබේ.

වර්ෂ 2021/2022 උසස්පෙළ විභාග ප්‍රතිඵල මත අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා නවක සිසුන් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ හෝ නිමා වී නැති පරිසරයක හෙට දිනයේ සිසුන් බඳවා ගැනීම ආරම්භ කරන ලෙස සිදුකරන බලපෑමට විරෝධය පලකිරීම සහ ගුරු අධ්‍යාපනඥ සේවයේ පවතින වෘත්තීය ගැටලු කීපයක් නිරාකරණය කරදෙන ලෙස ඉල්ලා සිටීම සඳහා බඳවා ගැනීම් ක්‍රියාවලියෙන් ඉවත්වීමට ගුරු අධ්‍යාපනඥ වෘත්තිකයින් තීන්දු කිරීමත් සමග අධ්‍යාපන ලේකම්වරිය ඉතිහාසයේ පළමු වරට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ තුළට හමුදාව කැඳවා කලාප අධ්‍යාපන කාර්යාල හරහා අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගැනීමට නියෝග කර ඇති බව ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමය ප්‍රකාශ කරයි.

මැතිවරණයක් ඉලක්ක කරගෙන සිදුකරන දේශපාලන හැඩයක් සහිතව අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගැනීම කඩිනම් කරවා ගැනීම සඳහා කරන මෙම බලපෑම සිසුන්ගේ ද ජිවිතවලට විශාල හානියක් සිදුවන බව පෙන්වා දෙන ගුරු අධ්‍යාපනඥ සේවයේ වෘත්තීය සංගම් මේ වනවිට සිදුවෙමින් ඇති බඳවාගැනීම්වල පවතින ගැටලු රාශියක් හෙළිදරව් කරයි.

  1. විද්‍යාපීඨ සඳහා සිසුන් බදවා ගැනීමට මෙතෙක් සිදුකළ ක්‍රමයට පිටින් ගොස් පෞද්ගලික සමාගමක් වෙත පවරා දීම නිසා විනිවිදභාවයක් නොමැති වීම
  2. මෙවර ශාරීරික අධ්‍යාපන විෂයට පමණක් පැරණි ක්‍රමයට සම්මුඛ පරික්ෂණ දෙකක් පවතින අතර අනිත් විෂයන් සදහා online ක්‍රමයෙන් පමණක් අවසන් තෝරාගත් ලැයිස්තුව අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ කිරීම.
  3. පෙර වසරවල සම්මුඛ පරික්ෂණයට කැඳවීම සිදු කරනු ලැබුවේ ලියාපදිංචි තැපැලෙන් වන අතර මෙවර අන්තර්ජාලය සහ SMS හරහා පමණක් සිසුන්ට සහතික පරික්ෂා කිරීමේ දින දැනුම් දීම. බහුතරයක් සිසුන්ට පසු දින පැවැත්වෙන සම්මුඛ පරික්ෂණයට පැමිනෙන ලෙස දැනුම් දී ඇත්තේ පෙර දින රාත්‍රී 9 න් පසුවය. මේ නිසා සිසුන් විශාල අපහසුතාවයන්ට පත් වී ඇත.
  4. onlin ක්‍රමවේදය හරහා ඉතා නිවැරදිව සුදුස්සන් තෝරන බව අමාත්‍යාංශයේ ප්‍රධාන කොමසාරිස්වරිය පැවසුව ද සැබෑ තත්ත්වය ඊට හාත්පසින් වෙනස්‍ ය. ICT පළමු කැමැත්ත ලෙස ඉල්ලු ඒ සදහා ඉහලම සුදුසුකම් ඇති අපේක්ෂකයන්ට තුන්වන කැමැත්ත ලෙස ඔවුන් නම් කර ඇති   ඉංග්‍රීසි විෂය සඳහා තෝරා ගෙන ඇත.
  5. එකම සිසුන් වසර දෙකකින්ම විද්‍යාපීඨ සදහා තෝරා ගැනීම… ඒ නිසා වෙනත් සිසුන් රාශියකට අවස්ථාව අහිමි වී තිබීම.. පෙර වසරවල මේ ආකාරයට එකම නම දෙවරක් එකම විෂය වෙනුවට තේරීම වැලැක්වීමට හරස් පරික්ෂාව නම් ක්‍රමය යොදා ගෙන තිබිණි. මෙවර එවැනි ක්‍රමයක් නැති නිසා සිසුන්ට දැඩි අසාධාරණයක් සිදුවී තිබේ.
  6. සිසුන්ට ගැසට් නිවේදනය අනුව පළමු කැමැත්ත දෙවන කැමැත්ත ආදි ලෙස ඉල්ලුම් කළ හැකි අතර මෙම ඔන්ලයින් ක්‍රමවේදය යටතේ ඒ සදහා අවස්ථාව ලැබී නොතිබීම.

මෙවැනි බරපතල අඩුපාඩු සහිතව පවත්වාගෙන යන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල බඳවා ගැනීම් ක්‍රියාවලියට එරෙහිව සිසුන් තිදෙනෙක් මානව හිමිකම් නඩු ගොනු කර ඇති බව ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමය පවසයි.

සම්මුඛ පරික්ෂණ අවසන් වීමටත් මත්තෙන් හෙට දින සිට වහාම සිසුන් බදවා ගන්නා ලෙස පීඨාධිපතිවරුන්ට බලපැම් කිරීමට වැඩබලන ප්‍රධාන කොමසාරිස් කටයුතු කරන්නේත්,  එම බඳවා ගැනීමේ ක්‍රියාවලියෙන් ඉවත්වීමට ගුරු අධ්‍යාපනඥ වෘත්තිකයින් ගත් තීන්දුවත් සමග ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ තුළට හමුදාව කැඳවීමට අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දර තීරණය කරන්නේත් ඔවුන්ගේ මූලික වෘත්තීය ස්වරූපවල හරය මුලුමනින්ම විනාශවන අත්තනෝමතික ආකාරයෙන් බවත්,  ඊට එරෙහිව අද දින ලෙඩ නිවාඩු වාර්තා කරන බවත් ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමය පවසයි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුව නැවතත් මැතිවරණ විකල් කරන්න ගැටයකට සූදානම්… නීතිඥ සාමුහිකය හෙළි කරයි!

Next Post

ව්‍යවස්ථා සංශෝධන ගැටේ ගහලා අන්තිම පාරටත් ඡන්දය කල් දාගන්න හදන වැඩේ ප්‍රතිඵල එනකොට රනිල් ගෙදර… අනුර කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.