ශ්‍රියානි විජේසිංහ –
විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ට බලපා ඇති වැටුප් විෂමතාවන් නිවැරදි කිරීම, හිලවු දීමනාවන් ලබා ගැනීම ඇතුළු ඉල්ලිම් කීපයකට ලබන අයවැය මගින් විසදුම් ලබා දෙන බවට ගිවිසුම් ගතවීමත් සමඟ දින 75ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන ගිය වැඩ වර්ජනය අත්හිටු බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති බලමණ්ඩලය සඳහන් කරයි.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම් සභාවේ නියෝජිතයින් , අධ්‍යාපන ඇමතිවරයා සහ වෘත්තීය සමිති නියෝජිතයන් සාමුහික ගිවිසුමකට අත්සන් කිරිමත් සමඟ මෙම වැඩ වර්ජනය අවසන් කල බව එම වෘත්තීය සමිති නායකයින් පවසයි.
මේ අනුව රාජ්‍ය විශ්ව විද්‍යාලයන් හී අනධ්‍යන කටයුතු හෙට සිට සාමාන්‍ය පරිදි සිදුකරනු ලබන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෘත්තීය සමිති බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් ටී.ඒ.ජී. සුංජීව මහති පැවසුවේ.







