එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනසුරාදා මැතිවරණ ප්රචාරක රැලියකදී ඝාතනය කිරීමට තැත් කිරීමේ සැකකරු ලෙස පෙන්සිල්වේනියාවේ බෙතෙල් පාර්ක්හි 20 හැවිරිදි තරුණයෙක්වන තෝමස් මැතිව් කෲක්ස් හඳුනාගෙන ගත් බව FBI ප්‍රකාශ කළේය.
පෙන්සිල්වේනියාවේ බට්ලර් හි පැවති රැළියක කතා කරමින් සිටි ට්‍රම්ප්ගේ වේදිකාව දෙසට වෙඩි තැබූ බව කියන සැකකරු එම සිද්ධිය වී තත්පර කිහිපයකින් රහස් ඔත්තු සේවය විසින් වෙඩි තබා මරා දමනු ලැබුවේය.
මේ දැක්වෙන්නේ ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයට ලක් වූ මොහොතය රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබූ අයුරුය.
ප්‍රහාරයේ චේතනාව නිශ්චය කිරීමට කටයුතු කරමින් සිටින බව පවසන FBI ප්‍රකාශ කර ඇත්තේ රැලියට සහභාගී වූ අයෙකු මිය ගිය බවත් රැළියට එක් වී සිටි පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති. බවත්ය. වෙඩි ප්‍රහාරයෙන් ට්‍රම්ප් ගේ කන් පෙත්ත සිදුරු වී තිබිණි.
මැතිව් කෲක්ස් ජීවත් වී ඇත්තේ බට්ලර්හි වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ සිට පැයක් පමණ ගමන් දුරකිනි. එමෙන්ම කෲක්ස් ලියාපදිංචි රිපබ්ලිකානුවෙකු බව ප්‍රාන්ත ඡන්දදායක වාර්තා පෙන්වා දෙයි. එළැඹෙන නොවැම්බර් 5 මැතිවරණයට මැතිව් කෲක්ස් ඡන්දය ලබා දෙන්නට නියමිතව සිටියේ සිය ජීවිතයේ මුල්ම අවස්ථාවට ය. ජනාධිපතිවරණ සටනක ඡන්දය දීමට තරම් ඔහු වයසින් මුහුකුරා ගිය පළමු අවස්ථාව මෙයය .
කෲක්ස්ගේ ගේ පියා 53 හැවිරිදි මැතිව් කෲක්ස් පැවසුවේ තමා ද මේ සිදු වූයේ කුමක්දැයි සොයා ගැනීමට උත්සාහ කරන බවය. තම පුතා ගැන කතා කිරීමට පෙර නීතිය ක්‍රියාත්මක කරන්නන් සමඟ කතා කරන්නනට තමන් බලා සිටින බව ඔහු CNN වෙත පවසා තිබිණි.
තෝමස් කෲක්ස් 2022 දී බෙතෙල් පාර්ක් උසස් පාසලෙන් උපාධිය ලබා ගත් තරුණයෙකි. ඔහු ගණිත සහ විද්‍යා දැනුම් උරගා බලන National Math and Science Initiative ජාතික ඉසව්වෙන් වෙතින් ඩොලර් 500 ක “තරු සම්මානයක්” ලබා ගත් තරුණයෙකි.
නිව් යෝර්ක් ටයිම්ස් විසින් උපුටා දක්වන ලද 2022 උපාධි ප්‍රදානෝත්සවයේ වීඩියෝවක් පෙන්නුම් කරන්නේ කෲක්ස් ඔහුගේ උසස් පාසැල් ඩිප්ලෝමාව ප්‍රශංසාවට ලක් කරමින් ලබා ගන්නා ආකාරයයි.
එම උත්සවයේ වීඩියෝව අන්තර්ජාලයේ පළ කර ඇත්තේ කෲක්ස් කළු උපාධි ඇඳුම සහිතව කණ්නාඩි පැළඳ පාසල් නිලධාරියෙකු සමඟ පෙනී සිටින ආකාරයයි.
නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් සෙනසුරාදා කියා සිටියේ කෲක්ස් වෙඩි තැබීම සිදු වූ ස්ථානයට කිසිදු හැඳුනුම්පතක් රැගෙන නොගිය අතර වෙනත් ක්‍රම භාවිතා කරමින් හඳුනා ගැනීමට සිදු වූ බවය.
එෆ්බීඅයි භාර විශේෂ නියෝජිත කෙවින් රොජෙක් මාධ්‍ය වෙත පවසා ඇත්තේ තෝමස් මැතිව් කෲක්ස් පිළිබඳ හඳුනා ගැනීම් තහවුරු කිරීමට ඩීඑන්ඒ පරීක්ෂණ වෙත යොමු වී ඇති අයුරුය.
මේ වනවිට තෝමස් මැතිව් කෲක්ස්ගේ නිවස පිටත නීතිය බලාත්මක කිරීමේ ආයතනව වාහන දුසිම් ගණනක් ස්ථානගත කර ඇති අයුරු USA Today වාර්තා කරයි. මධ්‍යසාර, දුම්කොළ, ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජිතයෝ ද එම ස්ථානයේ වෙති. බෝම්බ නිශ්ක්‍රීය අංශයේ විශේෂඥ කණ්ඩායමක් ද සැකකරුගේ නිවසේ විමර්ශනයට එක් වී සිටින බව USA Today වාර්තාවේ දැක්වේ. සැකකරුගේ නිවස වටා කහ පොලිස් අනතුරු ඇඟවීමේ පටියක් ඇද ආරක්ෂා කර ඇත.
මේ කොලුවා මේ සිදුකළේ කුමක් ද?. ලෝකයම වික්ෂිප්තව විමසන්නේ එය ය. පහත දිගුවෙන් රොයිටර් වාර්තාව වෙත යා හැකිය.






