-
හෙට විවාදයට ගැනීමට නියමිතව තිබූ සත්ව සුබසාධන පනත් කෙටුම්පත ඉදිරි දිනකදී විවාදයට ගැනීමටත් තීරණයක්
නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව සභාව කල් තැබීමේ විවාදයක් හෙට (11) පැවැත්වීමට අද (10) කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර පැවසුවාය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ සෙසු අදාළ නීති මගින් දක්වා ඇති විධානවලට අනුකූලව 2024 සැප්තැම්බර් 17 සිට ඔක්තොම්බර් 16 දක්වා වූ කාල පරිච්ඡේදය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු ලක්ෂ්මන් විසින් ඒකාබද්ධව ගෙනඑනු ලබන යෝජනාවට අනුව මෙම සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇත.
මේ අනුව හෙට වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලින් අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.30 දක්වා විවාදය පැවැත්වීමට තීරණය වී තිබේ.
එසේම හෙට දිනයේ විවාදයට ගැනීමට නියමිතව තිබූ සත්ව සුබසාධන පනත් කෙටුම්පත ඉදිරි දිනකදී විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර වැඩිදුරටත් පැවසුවාය.







