දිනසේන රතුගමගේ –
වවුනියාවේ ඊච්චන්කුලම පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාගේ සේවය අත් හිටුවීමෙන් පසුව ඔහු තමන් සතුව තිබූ සියලුම බඩු බාහිරාදිය ඊයේ (09) ආපසු බාර දී තිබේ.
ඊච්චන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් සේවය කරමින් සිටියදී එම පළාතේ තිබූ නිධානයක් ගොඩ ගැනීමට හිතවතුන් පිරිසකට උදව් කළ අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයා ද අත් අඩංගුවට ගැණුනි.
දකුණු ප්‍රදේශයේ සිට එම නිධානය ගොඩ ගැනීම සඳහා ස්කෑන් යන්ත්‍ර හා තවත් උපකරණ සමග සැකකරුවන් නව දෙනෙකු පැමිණ සිටි අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලබුණු තොරතුරක් අනුව නිධානය හාරමින් සිටි පිරිස අත් අඩංගුවට පත් වුණි.
පසුව ඒ සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේදී එම පොලිස් නිලධාරියාව වවුනියාව අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරන ලද නමුත් පොලිස් දෙපාර්තමේන්තුව විසින් පත් කළ විශේෂ කමිටුව සිදු කළ පරීක්ෂණ වලදී ඔහු වැරදිකරු වීම නිසා ඔහුගේ සේවය පොලිස්පතිවරයා විසින් අත්හිටුවීමට නියෝග කර තිබුණි.
ඒ වන විට මෙම පොලිස් නිලධාරීයා වවුනියාව පුලියන්කුලම පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු වශයෙන් සේවය කරමින් සිට ඇත.
ඔහුගේ සේවය අත් හිටුවීමෙන් පසුව ඔහු ඒ සම්බන්ධයෙන් පොලිස් පතිවරයාට හා පොලිස් කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති අතර දැනට ලැබී ඇති නියෝගය මත එම නිලධාරියා භාරයේ තිබූ පොලිස් දෙපාර්තමේන්තුව සති සියලුම බඩු බාහිරාදිය නීත්‍යානුකූලව බාර දී තිබේ.







