මනම්පිටිය නිමල් ජයරත්න –
මඩකලපුව වාකරේ කිරිමිච්චිය ගම්මාන හරහා ඊයේ ( 04 ) සවස අධික වර්ෂාවත් සමඟ හමා ගිය තද සුළඟකින් කිරිමිච්චිය ගම්මානයේ නිවාස 12 කට හානි සිදු වී ඇති බව වාකරේ පොලිසිය පවසයි.
මෙම තද සුළඟ හේතුවෙන් එම නිවාසවල වහල ගැලවී ගොස් විදුලි රැහැන් මතට විශාල ගස් කඩා වැටී විදුලිය විසන්ධි වී ඇති බවද වාකරේ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා අංශයේ නිලධාරියකු අප කළ විමසීමකදී පැවසීය.
04 වෙනිදා සවස 4 ත් 5 ත් අතර මෙම තද වර්ෂාව සහ සුළඟ පැවතී තිබේ.







