මනම්පිටිය නිමල් ජයරත්න –
විදේශීය රටක, නිපදවන ලද නවීන පන්නයේ ගිනි අවියක් සමඟ වැලිකන්ද පෞද්ගලික ගොවිපලක් ආසන්නයේදී තරුණයන් දෙදෙනෙකු අද (03) අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනා වැලිකන්ද මොනරතැන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 සහ 35 වයසේ පසු වන්නන් බව ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් දෙදෙනාගෙන් නවීන පන්නයේ ගිනි අවිය පිළිබඳ ප්‍රශ්න කිරීමේදී වැලිකන්ද ප්‍රදේශයේ කැලෑවක තිබි මෙම ගිනි අවිය හමු වු බවට පොලිසියට පාපොච්චාරණය කර ඇති බවද වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක අප කළ විමසීමකදී සඳහන් කලේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ගිනි අවිය සමග අද පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාඅගේ උපදෙස් මත වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.







