බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

පොඩිඑකාට ජීවිතය ඉගෙන ගන්න දෙන්න…

වැඩි මනත් පොහොර යෙදූ විට ලපටි පැල නොවැඩේ... අධ්‍යාපනය යනු ඉගනීමේ සමස්ථය නොවේ...

by editor
නොවැම්බර් 15, 2020
in විනිවිද
Share on FacebookShare on Twitter

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා –
එෂාමා කාරියකරවන –

නිවේන් හත් හැවිරිදි පුංචි පුතෙකි. ඔහු පාසැලේ දෙවන වසරේ ඉගෙනුම ලබයි. බුද්ධිමත් දරුවකුගේ ලක්ෂණ ඔහු වෙත දක්නට ඇත. නිවේන් කැටුව ආ මව්පියන් කළ පැමිණිල්ල වූයේ ඔහු මව්පියන් පවසන ඕනෑම දෙයකට දක්වන විරෝධතාවය සහ දැඩි කෝපයයි. 

එසේම කියන කිසිවක් එක වරින් කරන්නට ඔහු කටයුතු නොකිරීමයි. ඔහුට අවශ්‍ය දෙයම ලබා දෙන තෙක් කරනු ලබන හැඬීම මහත් හිරිහැරයක් බවත් මව්පියෝ වැඩිදුරටත් පැවසූහ. කාටූන් බැලීමට දැඩි රුචියක් දක්වන නිවේන් පැය ගණන් කාටූන් බලන බව මව පැවසුවාය. පාසැලේදී ඉතා හොඳ ළමයෙකු ලෙස ගුරුවරුන් පවසන නමුත් නිවසේදී ඊට හාත්පසින්ම වෙනස් අන්දමට හැසිරෙන බව මව පැවසුවාය. 

පාසැලෙන් දෙන ගෙදර වැඩ නොකර මග හැරීමට උත්සහ කරන බැවින් නිවේන් තමාගෙන් පහර කන බවද මව පැවසුවාය. අසල්වැසි දරුවන් හා සෙල්ලම් කිරීමට ගියහොත් නිවස තුළට ගැනීමට ඉතා අසීරු වන අතර එවිට දැඩි ලෙස ප්‍රචණ්ඩ වන බව මව කීවාය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

එමනිසා නිවස තුළම නිවේන් රඳවා ගැනීමට මව උත්සහ කරන බව පැවසුවාය. ඔහුට අවශ්‍ය සියළුම ක්‍රීඩා භාණ්ඩ නිවස තුළම ඇති බැවින් පිටතට යෑමේ අවශ්‍යතාවක්ද මව නොදකී. පාසැලෙන් පසු ඔහුව අමතර පංති ගෙන යෑම පිළිබදව ද ඔහු විරෝධය දක්වන බවත් කරාටේ පංතියට යෑමට අකමැතිව ඔහුගේ කරාටේ ඇඳුම සොයා ගන්නට බැරි තැනක ඔහු සැඟවූ බවත් මව පැවසුවාය.  

මව රැකියාවක් නොකරන ගෘහණියකි. පියා උසස් රුකියාවක නියුතුය. නිවේන් එකම පුතුය. තම එකම පුතු ඉල්ලන ඕනෑම දෙයක් වහා ඉටුකිරීමට සූදානම් පියෙකු නිවේන්ට ඇත. ඊට අමතරව ඊටත් වඩා නිවේන් වෙනුවෙන්ම සිටින අත්තම්මා සහ සීයා කෙනෙකුද වෙති. නිවේන්ගේ එක් ඇඬුමකට ලෝකයම ඔහුගේ දෙපා මුල තියන්නට මේ පිරිස සැදී පැහැදී සිටිති. 

මව නිවේන් ඉතාම කුඩා ළදරුවකු කාලයේ සිට කාටුන් නරඹන්නට ඉඩ දී  නිවසේ වැඩ කටයුතු කරගෙන ගොස් ඇත. ඊට අමතරව පාසැල් ඇරී නිවේන් කෙළින්ම නිවසට නොඑයි. ඔහු ඉංග්‍රීසි පංති දෙකකටත් වෙනත් විෂයයන් සදහා පංති දෙකකටත් පිහිනීම, කරාටේ, සංගීතය සහ නැටුම් පංතිවලටත් යන අතර  ඉරිදා උදෑසන දහම් පාසැල්ද යයි. පාසැලෙන් මෙන්ම මෙම ටියුෂන් පංතිවලින්ද නිවේන්ට ගෙදර වැඩ ලැබෙයි. නිවේන් යන ටියුෂන් පංතියේ සහ පාසැලේ පංතියේ දක්ෂ සිසුන් හා නිවේන්ව සංසන්දනය කරමින් මව නිවේන්ට දොස් පවරයි.

මෙහිදී අප දකින්නේ වැඩිහිටියන්ගේ නොදැනුවත්කම් නිසා පීඩාවට පත්වන අහිංසක දරුපැටියෙකි. මෙහිදී වැඩිහිටියන් අතින් සිදුවී ඇති නොකළ යුතු කාරණා විමසා බලමු.

  • දරුවා ඉල්ලන සෑම දෙයම වහාම ලබාදීම
  • අධික ලෙස කාටූන් නැරඹීමට යොමු කිරීම
  • සමවයස් කණ්ඩායම් සමග මුසුවීමට ඉඩ නොදීම
  • ඔහුගේ වයසට නොගැලපෙන තරම් වේලාවක් අධ්‍යාපනයට වෙන් කිරීම
  • දරුවා අන් දරුවන් හා සංසන්දනය කිරීම
  • අවමන් කිරීම
  • පහරදීම
  • දරවාට සමබර ජීවිතයක් ලබා නොදීම
  • දරුවා තේරුම් නොගැනීම

මේ කතාව අසා සිටින විට දැනෙන්නේ මේ මව්පියන් දරුවකු හදාවඩා ගත යුතු ආකාරය පිළිබඳව නිසි දැනුමකින් තොර වූවන් බවයි. බැලූ බැල්මටම මේ දරුවා තුළ අස්වාභාවික යමක් නැති බව මනෝ උපදේශනය නොදන්නා දරුවන් ගැන දන්නා කෙනෙකුට වුවද පෙනී යනු ඇත.

 නිවේන්ගේ වයස අනුව ඔහු කුඩා දරුවෙකි. ක්‍රීඩා කිරීම, නින්ද සහ සෞන්දර්ය ක්‍රියාකාරකම්වල අවශ්‍යයෙන්ම යෙදිය යුතු වයසේ සිටින දරුවකුට මව්පියන් සිදු කරන දැඩී පීඩනය මව්පියන්ගේ ප්‍රකාශ වලින් පෙනේ. මේ වයසේ දරුවකුට අත්‍යාවශ්‍ය වනුයේ සමබර ජීවිතයකි.  ඒ සදහා ප්‍රමාණවත් නින්ද, ක්‍රීඩා, සෞන්දර්ය ක්‍රියාකාරකම් ලැබීමද අතිශයින්ම වැදගත්ය. එයට අමතරව ආදරය, පිළිගැනීම රැකවරණය සහ දරුවා තේරුම් ගැනීම වැදගත්ය. 

එහෙත් මේ කිසිවක් දරුවාට නිසි අයුරින් නොලැබී ඇති බව පෙනී යයි. විශේෂයෙන් වර්තමාන සමාජයේ මව්වරුන් අධ්‍යාපනයට දී ඇති අනවශ්‍ය වැදගත්කම නිසා දරුවා පෞරුෂවත් පුද්ගලයකු බවට පත්කරන ඉගෙනුම් ක්‍රියාවලියෙන් ඈත් කරවයි.

අධ්‍යාපනය යනු “ ඒ පුද්ගලයා ජීවත්වන සමාජය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑම සඳහා එම සමාජයේ පාලන තන්ත්‍රය විසින් තෝරා බේරා දරුවන්ට ලබා දෙන දැනුම් සම්භාරයයි“ එහෙත් ඉගෙනුම යනු “පුද්ගලයකු උපතේ සිට මරණ මෙහොත දක්වාම අත්දැකීම් ඇසුරු කරගෙන ලබා ගන්නා පුහුණූවයි“

මේ ඉගෙනුම් ක්‍රියාවලියෙන් ඈත් කොට අධ්‍යාපනය පමණක් දීමෙන් දරුවා බොහෝ දේ අහිමි කර ගනී. 

පළමු දෙය සමවයස් කණ්ඩායම් සමග කරන ක්‍රීඩා, රංචු ගැසීම්, අදහස් හුවමාරුවෙන් ලැබෙන අත්දැකීම් ඔහුට නොලැබී යෑමයි. මේ සමස්ත අත්දැකීම් සමාජානුයෝජනය නම් වූ ඉතාම වැදගත් ක්‍රියාවලිය තුළ අන්තර්ගතව පවතී. දරුවකුට අවවාද, අනුශාසනා, බැණවැදීම් පහරදීම් වලින් තොරව ආදර්ශයෙන් යහගුණ ඔහුගේ ජීවිතයට ඇතුළත් කළයුතු බව මව්පියන් අවබෝධ කර ගත යුතුය. 

කුඩා කළ සිටම දරුවාට පුද්ගලයන් සමග ගනුදෙනු කරන ආකාරය ඉගෙන ගැනීමට අවස්ථාව දිය යුතුය. ආත්ම කේන්ද්‍රණය මූලික කොට සිතන දරුවාට සමූහය තුළදී තමා ඔවුන් අතර තවත් සාමාජිකයකු පමණක් බවත් තමාට ඇත්තේ ඔවුන්ට සමාන අයිතිවාසිකම් පමණක් බවත් ඉගෙනීමට ඉඩ සැලසිය යුතුය. එසේම කණ්ඩායමක් වශයෙන් කටයුතු කරන විට නායකත්වයට අවනත වීම, කණ්ඩායම් හැඟීම, සහ අන්‍යන්ට අන් මතවලට ගරු කීම යන මේවා නිරායාසයෙන් ඉගෙනුම ලබයි. ක්‍රීඩා භාණ්ඩ සමග ගණුදෙනු කිරීමෙන් දරුවකුට මේ අත්දැකීම් නොලැබෙයි. හැඟීම් ප්‍රකාශනයට ඉඩ නොලැබෙයි. චිත්තවේග කළමණාකරනය පිළිබඳ ස්වයං අවබෝධය නැතිවෙයි. ආදරය ,දයාව මෛත්‍රිය වැනි උසස් චිත්තවේගික හැඟීම් ප්‍රකාශ කිරීමට, අත්දැකීමට ඉඩ කඩ නොමැති වෙයි. අවසානයේ සමාජයට වැඩිහිටියකු ලෙස පිවිසුන විට අන්තර් පුද්ගල සම්බන්ධතා දුර්වල වීමෙන් විශාල මානසික කඩා වැටීමකට ලක්වෙයි.

කාටූන් පිළිබඳ මව්වරුන්ගේ දැක්මද සාවද්‍ය එකකි. කාටූන්වල සුරතල් සතුන් , කුඩා දරුවන් සිටි පමණින් කාටූන් දරුවන්ට සුදුසු නොවේ. විශේෂයෙන් අප රටේ විකාශය වන කාටූන් වලින් දරුවන්ගේ පෞරුෂයට වන හානි බලවත්ය. බොහොමයක් කාටූන් වල ඇත්තේ ප්‍රචණ්ඩත්වය වපුරන ක්‍රියාවන්ය, කපටිකම්ය, යුද්ධ, ආයුධ පරිහරණය,  අවිනීත භාෂා භාවිතය, මත්පැන්, දුම්වැටි, සොරකම්, උදුරාගැනීම්, පහරදීම්, අන්සතු දේවලට හානි කිරීම්, සහ අනුන්ට සිදුවන විපත්වලදී සතුටට පත්වීම, ආත්මාර්ථකාමී හැඟීම් සහ කෑදර බව පෙන්වීම ආදිය වේ. මේවා අලංකාර කොට ආකර්ශනීය චරිත යොදා ගනිමින් දරුවාට ලබා දෙද්දී මෙම චර්යාවන් අවිඥානිකව දරුවාගේ මනස තුළ තැන්පත් වෙයි. 

“වීඩියෝ ගේම්“ සහ “කාටූන්“ දරුවන්ගේ ප්‍රචණ්ඩත්වයට හේතුවන බව නවතම සමීක්ෂණයන් ආධාරයෙන් හෙළිදරව් කර ඇත. එහෙත් සමහර මව්වරු තමන්ගේ වැඩ කටයුතු පහසු කරගැනීම සඳහා කාටූන් බලන්නට දරුවන් බලෙන් පොළඹවන බව දන්නට ලැබෙයි.

එසේම වයස අවුරුදු තුනට අඩු දරුවන්ට රූපවාහිනිය කිසිසේත්ම නොපෙන්විය යුතු අතර වයස අවුරුදු දහය වනතෙක් දරුවන්ට එක දිගට පැයකට වඩා රූපවාහිනිය නැරඹීමට ඉඩ නොදිය යුතු බව ඒ පිළිබඳව විශේෂඥ මතය වේ. දරුවන්ට චිත්තවේග වෙනස්කම්වලට අමතරව බරපතළ අක්ෂි ආබාධ ඇතිවීමට හේතුවිය හැකි බවත් ඔවුන් පවසති.

එසේම හැඟීම් දැනීම් නැති ක්‍රීඩාභාණ්ඩ සමග ක්‍රීඩා කිරීමෙන්ද දරුවාගේ පෞරුෂය සංවර්ධනය නොවේ. ඔහු ආත්මාර්ථකාමී වීමට හෝ හුදකලාවීමට හෝ එය හේතුවක් වනු ඇත.අඩුම තරමේ දරුවාට සුරතල් සතකු සමග හැසිරීමට ඉඩ ලැබුණහොත් ඔහු කරුණාව, දයාව, පරිත්‍යාගය සහ ආදරය වැනි උසස් මානුෂිය ගුණධර්ම වඩවා ගන්නවා ඇත.

එසේම නිවේන්ගේ වයසේ දරුවකුට මේ සා විශාල වැඩ කොටසක් කිරීමට නොහැකිය. ඔහුට පංති කාමරයේ ලැබෙන අධ්‍යාපනය සහ පාසැලේ ගෙදර වැඩ ඉතා ප්‍රමාණවත්ය. ඒ කටයුතු මවකට ඉතා පහසුවෙන් කළ හැකිය. ඉවසීමෙන්  ආදරයෙන් දරුවා සමග කටයුතු කිරීමේ හැකියාව මවකට තිබිය යුතුය. 

එසේම දරුවාගේ වැඩ කිරීමේ හැකියාව වැඩිහිටියගේ ප්‍රමාණයෙන් බලාපොරොත්තු නොවී දරුවාගේ ප්‍රමාණයට කර ඇත්නම් සෑහීමට පත්වීමට මව්වරු ගුරුවරු වගබලා ගත යුතුය. මේ සිටින්නේ ජීවිතය ඉගෙන ගන්නා කුඩා දරු පැටියෙකි. ඔහුට අප තරම් හොදින් සියල්ල කළ නොහැකිය. ඒ නිසා දරුවා අනවශ්‍ය ලෙස අධ්‍යාපනයට යොමු නොකළ යුතුය. කුඩා පැළවලට බාහිරින් පොහොර නොදමන්නා සේ දරුවාටද ඔහුගේ ශක්ති ප්‍රමාණය ඉක්මවා ප්‍රතිඵල අපේක්ෂා කිරීම වරදකි. අධිකව පොහොර යෙදීමෙන් කුඩා පැලෑටි ඇට්ටකුණා තත්වයට පත්වන්නේ යම් සේද දරුවන්ට ඉසිලිය නොහැකි ඔවුන්ගේ ප්‍රමාණයට වඩා විශාල පීඩනයන් දීමෙන් ඔවුන්ද ඉහත පැළෑටිවලට අත්වූ ඉරණමට ගොදුරු වෙයි.

හැකිතරම් දරුවන්ට සමවයස් කාණ්ඩ සමග හැසිරීමටත් ක්‍රීඩා කිරීමටත් ඉඩ දිය යුතුය. දිවීම්, පැනීම්, හැංගිමුත්තන්, ගුඩුවිදීම වැනි ක්‍රීඩා වලින් දරුවන් ඉගෙන ගන්නා කුසළතා මව්පියන් දනිත්නම් කිසිවිටෙක් දරුවන් ඉන් නොවළකනු ඇත. එසේම රසවින්දනය පුහුණු කළ යුතුය. සංගීතය ,චිත්‍ර ආදිය ගැන දරුවා සමග සාකච්චා කල හැකි නම් දරුවාගේ පරිකල්පන වපසරිය පුළුල් වෙයි. විවේකය  සහ නින්ද දරුවන්ගේ හැකියා සහ මතක ශක්තිය ඔප් නංවනු ඇත. එසේම කතාන්දර ඇසීමට සැලැස්වීම දරුවාගේ නිසග කුසලතා අවදි කිරීමට හේතුවෙයි.

දරුවන් ඉල්ලන හැමදේම ඉල්ලූ සැණීන් දීමට නම දරුවන්ට මව්පියන් අවශ්‍ය නැත. දරුවන්ට අවශ්‍ය හොඳ දේවල් තෝරා බේරා දීමට හොඳ බුද්ධිමත් මව්පියන් අවශ්‍යයය. අනවශය දේ ඉල්ලා අඬන විට හෝ කෝපවී හැසිරෙන විට එය පාලනය කර ගැනීමට ඔහුගේ ඉල්ලීම් ඉටුකරන මව්පියන් ඒ සමගම වටහා ගත යුතු කාරණාව නම් දරුවාට අවශ්‍ය යම් දෙයක් ලබාගැනීමට අනුගමනය කළ යුතු ක්‍රමවේදය මව්පියන් විසින් දරුවාට කියා දෙන වගයි. අනවශ්‍ය දෙයක් ඉල්ලීම් කරන්නේ නම් කෙතරම් ඇඬුවත් ප්‍රකෝප උනත් නොදිය යුතුය. තමා හැඬූ පළියට සියල්ල නොලැබෙන බව ඔහු වටහා ගන්නේ එවිටය. එය ජීවිත පාඩමක් වෙයි. එසේම මව්පියෝ දරුවන්ගෙන් යම් යම් දේවල් කරවා ගැනීමට නොයෙකුත් පොරරොන්දු දරුවන්ට ලබා දෙති. එවැනි පොරොන්දුවක් දුන්හොත් එය ඉටු කළ යුතුය. එසේ නොමැති වූ විට දරුවගේ සිතෙහි මව්පියන් බොරුකාරයන් බවට හැඟීමක් ඇතිවී විශ්වාසය බිඳ වැටේ. එමනිසා දිය නොහැකි සහ නුසුදුසු කිසිවක් දරුවන්ට පොරොන්දු නොවිය යුතුය.

පහරදීම අවමාන කිරීම කුසළතා රහිත දුර්වල මව්පියන්ගේ ලක්ෂණයකි. ඉතා පුංචි යහපත් දෙයක් දරුවකු කළද අගැයීමක් දෙන්න. එය ඔහුට ඉතා වටී. එසේම වරදකදී දඬුවමක් දිය යුතුම නම් යම් වේලාවකට ඔහු ඉතාම ප්‍රියකරන දෙයින් ඔහුව ඈත් කර තබන්න. ඔහු කළ වරද ඔහුට පෙන්වා දී දඬුවම ලබා දෙන්න. 

දරුවාට මේ ලෝකය ප්‍රියමනාප තැනක් කිරීමේ භාරදූර වගකීම පැවරී ඇත්තේ මූලික වශයෙන් මවිපියන්ටය. මව්පියන් ඒ සම්බන්ධයෙන් දැනුම ලබා තිබිය යුතුය. ඒ දැනුම නිසි අයුරින් ලබාගෑනීමට උන්නදු විය යුතුය.

දරුවන් අපරිමිත කරුණාවෙන් යුතු, සියුමැලි, ආදරණීය හුරුබුහුටියෝ වෙති. ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් මව්පියන් කළ යුතු වැදගත්ම කාර්යය නම් දරුවාගේ වයසට ගැලපෙන ප්‍රමාණයට පමණක් වගකීම් ලබාදීමයි. එය වර්තමානයේ සෑම මවක්ම දැනගත යුතු වන්නේය. නිවේන්ගේ මව්පියන් සමග සාකච්ඡා කරනු ලැබුවේ එම කාරණා පිළිබඳවයි. එය නිවේන්ට මහත් යහපතක් සැලසීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මඩලකලපුවේ නිරෝධායනය වී පැමිණි යාපනයේ අයෙකුට කොරෝනා…

Next Post

ටි.එන්.ඒ මන්ත්‍රීගේ වාහනය හරස් කර වටකොට පහර දීලා…

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.