පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හෙට (3) දිනයේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේය.
හෙට පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට සහ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පැවරීම සම්බන්ධව අධ්‍යාපන රාජ්‍ය ඇමති අරවින්ද කුමාර් මුලින්ම ප්‍රකාශ කර තිබිණි.
හෙට පාසල් නිවාඩු දෙන බවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශය අද දෙරණ විසින් තහවුරු කර වාර්තා කර තිබිණි.







