අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුද ජයග්‍රහණයට අවුරුදු 15 යි… ආතල් කැඩෙන්නට පෙර…

by editor
මැයි 18, 2024
in පුවත්
sri-lanka
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –
( ඉරිදා ලංකාදීප පුවත්පතෙහි පළ වූ  ලිපියකි)

ඉතිහාසය ගොඩනැගෙන්නේම ගැටුම් මතිනි.  අපට ස්ඵර්ශ කළ හැකි වකවානුව තුළ ඇතිවූ එවැනි බිහිසුණු  ගැටුමක් නිමා වී අවුරුදු 15ක් ගත වී තිබේ.

ඒ ගැටුමේ නිශ්ඡිත වින්දිතයන් වී උතුරේත් දකුනේත් අපි අපේ ළමා කාලයත් තරුණ කාලයත් ගෙවා දැමූවෙමු. යුද්ධය නිමාවූ පසු මනුෂ්‍යත්වයේ පාරාදිසියක සුබ ලකුණු පහළවනු ඇයැයි උත්කර්ෂයට පත් වූ අතීතයක් තිබිණි.  යුද්ධය සඳහා දිනකට වැයවන මහජන මුදල් ගණනය කෙරිනි. යුද්ධය නිමා වනවිට ඉතිරිවන අරමුදල් ප්‍රමාණය ගැන ප්‍රකාශිත විය. ඉන් ගොඩනැගිය හැකි සංවර්ධනයේ රාජ්‍යයක් පිළිබඳ අදහසක් විය. යුද්ධය නිමා කර ආසියාවේ ආශ්චර්යය පහළ කරගත හැකි ආකාරය ගැන සංවාද ගොඩනැගිනි.

එහෙත් යුද්ධය නිමා වී 15 වසරක් ගත කළ පසු  අපේ මැදිවිය ගතවෙමින් අත්තේ බංකොළොත් රටක මිනිස් පරඬැලි ලෙසිනි.

ඉතිහාසය පුරා අප අත් දුටු යථාර්ථය මෙයය.  යුද්ධයක ජයග්‍රහණය දේශපාලන ප්‍රහර්ෂයක් ඇති කළ කාරණාවක් විනා සැබෑ සමාජ පරිවර්තනයක් ඇති කිරීමට සමත් විභවයක් නිර්මාණය කළේ නැත. එවැනි චින්තන ධාරාවන් ඇතිවීමට ඉතිහාසයේ  කිසිම පාලකයෙක් ඉඩ තැබුවේත් නැත.  දේශපාලකයින්ට එවැනි නිදහස් චින්තනයකට වඩා යුද්ධය පහසුය.  මේ වනවිට දිගහැරෙමින් ඇත්තේ නිරායුදව කෙරෙන ඒ යුද්ධයේ දිගුවකි.  අප අවබෝධ කරගත යුතු ඇත්ත එයය.

අවුරුදු 15කට පෙර මුල්ලිවයික්කාල්…

සුන් වූ සිනා

යුද්ධය අත්දකිමින් ගෙවූ අඩ සියවසක්වූ ජීවිතයේ ලස්සනම සිනහවන් දුටු අවස්ථා දෙකක් මතකය.    වර්ෂ 2001 අග එක්සත් ජාතික පෙරමුණු  (එජාපෙ) ආන්ඩු තේරි පත් විය.  අනතුරුව වර්ෂ 2002 පෙබරවා˙යේ දී සටන් විරාමයක් සඳහා  අත්සන්  කෙරිනි.  එම  සාම ගිවිසුම අත්සන් කර මාස දෙකකට පමණ පසු වේලුපිල්ලේ  ප්‍රභාකරන්ගේ ප්‍රධානත්වයෙන් දෙස් විදෙස් මාධ්‍යවේදීන් කැඳවමින් වට්ටකච්චි ප්‍රදේශයේ   මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබිණි.   එම අවස්ථාවට එක් වූ   මාධ්‍යවේදීන් 300ක අතරට එක් වෙමින් මුල් වරට වන්නියට ගිය ගමනේ දී දකුණෙන් එන රිය පෙරහර දකිනු සඳහා මග දෙපස එක් ව සිනා පිරුණු මුහුණු සහිතව අපට අතවනමින් සිටි වන්නියේ  මිනිසුන් දුටුවෙමි.  අප දුටුවේ ජීවිතයේ මුල් වරට සිනාසෙන මිනිසුන් යැයි සිතෙන තරමට පිවිතුරු බලාපොරොත්තු  සහිත මිනිසුන්ය.

එදා අපි  මේ මුහුණුවල සහ  දකුණේ ඈත හම්බන්තොට දී හෝ සූරියවැවදී දකින දරිද්‍රතාවයෙන් හෙම්බත්වී වියලී ගිය මුහුණින් යුතුව  දිරාපත් ඇඳුම් දරනා මිනිසුන් අතර වෙනෙස හඳුනා ගැනීමට අපොහොසත් වුනෙමු.  අප මැදිවී සිටින්නේ අපේ නොවන යුද්ධයකට බව එදා මුල්ම වරට හැඟිනි.

වන්නියේ මිනිස්සුන්ගේ   පිපිණු බලාපොරොත්තුවේ හිනාව ඊට මාස කීපයකට පසු වියැකී ගියේය. වේලුපිල්ලේ ප්‍රභාකරන් මෙහෙයවූ එල්.ටී.ටී.ඊ.ය වර්ෂ 2003 අප්‍රේල් මස නැවත වරක් යුද්ධය තෝරා ගත්තේය.  අපට ඉහළින් ඇති දේශපාලනයේ තේරීම අවසානයේ දී නිමා වූයේ ඊට වසර හයකට පසු වෙල්ලමුල්ලි වයික්කාල්වලිනි. එතන අප ආ   මග දෙපස සිනාසෙමින් සිටි අසරණ සිවිල් මිනිසුන් කී දෙනෙක් ඉතිරිව සිටියේ දැයි නොදැන සිටියෙමි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එල්ටීටිය විසින් බලහත්කාරයෙන් කොටු කරන ලද කලාපයක සිරවී ජීවිත අපේක්ෂා රහිතව ගත කළ කාලය පසු කළෙක ඒ අත්දැකිම් ලද මිනිසුන් කියනු ඇසුවෙමි.  නන්දිකඩාල් කලපුවේ පාවෙමින් තිබු සිය ගණන් මිනිස් සිරුරු ගැන, මැරී වැටෙන මිනිසුන්ගේ සිරුරු මතින් පැන ජිවිතය පමණක් රැකගෙන පැමිණි ගමන ගැන කී කතා තුළ සියලුදේ අහිමි අසල්වැසියාගේ සුව නොවන ජිවිත රිදුම නිදන් වී තිබිණි. සංහිඳියාව ඇති කළ යුත්තේ ඒ හදවත්වල කම්පනය සහ ආතතිය හඳුනා ගැනිමෙන් බව පැහැදිලි විය. එහෙත් උතුරේ හෝ දකුණේ දේශපාලනය ඒ සඳහා සූදානම් වූයේ නැත.

යුද්ධය නිමා වූ බව කියා මීට වසර15කට පෙර  දේශපාලනයෙන්   කුළුගන්වන ලදුව  හන්දියක් ගානේ කිරිබත් කන  දකුණේ මිනිසුන් දකින විට යුද ජයග්‍රහණයක් යනු තාවකාලික විරාමයක් බව සහතිකව කිව හැකිව තිබිණි.   අප විසින්  පරාජය කර තිබුණේ ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදී සංවිධානය ය. ඒ සංවිධානය බිහිවූයේ උතුරේය.  ඒ  සඳහා සටන් වැදුනේ  දකුණෙන් බිහි වී තිබුණු ලෝකයේ විශිෂ්ටම මිනිස් බලයෙන් යුතු යුද හමුදාවක්ය.

මේ විශිෂ්ට මානව සම්පත මේ කුඩා දූපත තුළ නිර්මාණය වී තිබුණු බවත් අප සටන් කර තිබුණේ වෙනත් රටක් සමග නොව අපේම සහෝදර ජන කණ්ඩායමක් සමග බවත් යුද්ධයෙන් අනතුරුවත් අප අමතක කළේය.  මේ මානව සම්පත එක් අරමුණක් සඳහා එක්ව යොමුවීනම් ලෝකයේ අපට අත් කරගතහැකි තැන සම්බන්ධව අදහසක් මේ යුද්ධයත් සමග ප්‍රකාශ වූයේය.

එය කළමනාකරණය කරගැනීමට උතුරත් දකුණත් සූදානම් වූයේ නැත.  යුද්ධයක නිමාවෙන් උගත යුතු පාඩම් සම්බන්ධ වූ අත්දැකීම් සියල්ල යටපත් කර එය දේශපාලන යුද වීරත්වයක් බවට පරිවර්තනය කර හන්දියක් ගානේ  කිරිබත් කනවිට     නිවසේ තබා තිබූ මළසිරුරක් වළ දමා යළි නිවසට පැමිණීම කිරිබත් කා සැමරිය යුතු නිමිත්තක් නොවන බවත් අපට වැටහී තිබුණේ නැත.

දෙවැනි සිනාව 

පිරී ගිය බලාපොරොත්තු සහිත සිනාවක් දෙවැනිවර  දුටුවේ යුද්ධය නිමා වූ බව ප්‍රකාශිතවී  දෙදිනකින් අනතුරුව ආරක්ෂක බංකරවලින් නිදහස්ව පැවති වව්නියාව නගරයේ අවන්හලකදීය. එය   සිවිල් මිනිස්සුන්ට විශ්වාස කළ නොහැකි අත්දැකීමක් වී ඇති අයුරු දුටුවෙමි.  අති බහුතරය එවැනි අත්දැකීමක් විඳිමින් සිටියේ ජීවිතයේ පළමුවරටය.  වාර්ගික භේදයක් දුටුවේ නැත. මිනිස්සු නිදහසේ සිනාසෙමින් සවුදිය පුරනු දුටුවෙමි.  ඔවුන් පසුපස මෙතෙක් සෙවැනිලි මෙන් පැමිණි මරණයේ සාධක නොවීය. සවස හය වනවිට බත් කෑ බල්ලෙක් නැති පාරවල් සජිවීව තිබිණි. ටවුන් එක කානිවල් පොලක බඳු විය. බියක් සැකක් නැතිව ජිවත් විය හැකි පරිසරයක් නිර්මාණය වනු ඇතැයි කල්පනා කළ මිනිස්සුන්ගෙන් වව්නියාව නගරය පිරි තිබිණි.

එහෙත්  මිනිස්සුන්ගේ කොටහළු  ගෙවල්වලටත් බුද්ධි අංශ පිරෙන විට, මළගෙවල් මගුල් ගෙවල් ආගමික උත්සව එළිපිට සිදුවන ආරක්ෂක නිරීක්ෂණයන් ගෙන් පීඩාවට පත්වන විට තමන් නිදහස් මිනිසුන් නොවන බව ඔවුන්ට වැටහිනි. විද්‍යාත්මක ගැඹුරකින් තොරව සිදුවූ මැදිහතවීම් හරහා  ඒ අපේක්ෂා අවභාවිත කිරීමේ පාපයට වන්දිය කුමක්දැයි අපට වැටහෙන්නේ නැත.  යුද්ධය නිමා වී අවුරුදු පහළොවකට පසු අප  ජීවත් වන්නේ කැඳ කෝප්පයකටත් බියවන දේශපාලකයින් සහිත රටකය. අවසන් සටනේ දී ජීවිතය පමණක් සහිතව    වෙල්ලමුල්ලි වයික්කාල් වෙත කොටුවු මිනිස්සු  නොමැරි සිටිම සඳහා දිනකට වරක්  පානය කළ කැඳ සලාකය දේශපාලන ප්‍රකාශනයක් කරගත් දේශපාලකයින් සහිත රටකය. රන් පවුමකට සහල් මිටක් හුවමාරු කරගෙන මුහුදු වතුරෙන් පිස පානය කළ  වෙල්ලමුල්ලිවයික්කාල් කැඳ කෝප්පය පිඩාකාරී යුද්දයේ අතීත මතකයක් සේ සිහි කිරිමේ උතුරේ  දේශපාලනයට  දකුණ තිගැස්වී ඇත.

මේ තිගැස්ම පසුපස ඇති සංකේතාත්මක ප්‍රකාශනය අත් නොහැරි වාර්ගික යුද්ධයක මතවාදී  ගැඹුරය. අවිශ්වාසය ය. අඩු ආයුද පමණි.  ඒ යුද්ධය ආයුධ සහිතව කෙරෙන ගෝත්‍රික මරාගැනිමකට වඩා ප්‍රබලය.  මේ මොහොත වනවිට එළි දැක ඇත්තේ ඒ සීතල යුද්ධය ය. විද්‍යාත්මකව තහවුරුවන පුරාවස්තුවක් ඉතිහාසයගත කතාව පිළිගැනීමට සූදානම් නැති මිනිස්සු පමණක් නොව අධිකරණත් උතුරේ නිර්මාණය වන්නේය. දකුණේ සමාජයේ මහෝඝය අත්විඳි  ජනාධිපති නීතිඥ  සුමන්තිරන්  උතුරේ  අලජ්ජි ජාතිවාදය වෙනුවෙන් නිති කෘත්‍ය  නියමුවා වන්නේය.

යාපනයේ සිංහල මිනිහෙකුට ජීවත්විමේ ඇති අයිතිය යුද සමයේ සිදුවූ බරින්ම ප්‍රශ්න කරන්නේය. වසා දමා ඇති යාපනයේ සිංහල විද්‍යාලය යළි ආරම්භ කිරීමට  උත්සාහ කිරීම වාර්ගික දේශපාලන ප්‍රශ්නයකින් විවරණය වන්නේය.  විනිසුරුවරයෙක් ලෙස ජිවිතයෙන් බොහෝ කාලයක් ගත කර  දකුණේ සිංහල පවුල් සමග ලේ බැම්මෙන් බැඳෙන විග්නේෂ්වරන්  වාර්ගික ඡන්ද අපේක්ෂාවෙන්   ඉරණමඩු ජලාශයෙන් ලැබෙන වතුර ටික කිළිනොච්චියට  ගෙන ඒමට එරෙහි වන්නේය.

මේ නිරායුද යුද්ධය යළිත් වරක් උතුරේ  මිනිස්සු මානසිකව වෙල්ලමුල්ලිවයික්කාල් පරිසරය වෙත කොටු කර තිබේ. දකුණේ අපව ජාතිවාදයේ අන්තයෙන් පැමිණෙන  සංවේදි ප්‍රවේගයන්  හරහා ස්ඵර්ශ කරමින් තිබේ. නැවත  මේ දෙපාර්ශවය තුළම ඇත්තේ අපේ ජිවිත යථාර්ථය අමතන්නේ නැති දේශපාලන ජඩකමය.

තවත් යුද්ධයක් තෙක් යාවත්කාලින වන මානසිකත්වය     

යුද්ධය හේතුවෙන් ජිවිතක්ෂයට පත්වූවන්    සංඛ්‍යාව මෙපමණ යැයි තවම නිශ්ඡිත සඳහනක් නැත. දෙපාර්ශවයේම   යුද්ධයෙන් අතුරුදහන්වූවන්ගේ සංඛ්‍යාව සහ    ආබාධිතවූවන් සහ වින්දිතයින් බවට පත්වූ පිරිස ද සංඛ්‍යාත්මකව ප්‍රකාශ කළ නොහැකිය. වසර 15ක් ගතවු පසුත් නොවිසඳුනු සමාජීය ගැටලුවලින් ප්‍රධාන වශයෙන් උතුරේ  මිනිස්සු පීඩා විඳිති. ඒ ප්‍රශ්නවලට මැදිහත්වීමේ අවකාශය උතුරේ දේශපාලනය විසින් සීමා කර තිබේ.  මිනිස්සු දරිද්‍රතාවය පත්ල ස්ඵර්ශ කරමින් සිටිති.  අවුරුදු 15කට පසුත්  රටක් ලෙස ආමන්ත්‍රණය නොකළ ගැටලුවේ ප්‍රතිඵල විවිධ මාන ඔස්සේ  ප්‍රකාශ වෙමින් ඇත.  2023 වසරේදී උතුරු ප්‍රදේශය තුළ  පුද්ගලයින් 228 දෙනෙකු සියදිවි හානි කරගෙන ඇති බව   රෝහල් සංඛ්‍යා ලේඛන වාර්තා කළේය.  වැඩිම පිරිසක් සිය දිවි හානි කරගෙන අත්තේ කිළිනොච්චිය දිස්ත්‍රික්කයෙනි. අගයක් ලෙස එක දළ වශයෙන් මුළු සංඛ්‍යාවෙන් තුනෙක් එකකට වැඩිය.

උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශය පෙන්වා දෙන්නේ    යුද්ධ සමයේදි සිය  දෙමව්පියන් දූදරුවන් හා ඥාතීන් අහිමි වීම නිසා ඇති වූ ඇති වූ දැඩි මානසික කම්පනය තවමත් ඔවුන් තුළින් ගිලිහී නොයාමත්  එවැනි පීිඩිත  පවුල්වලට නිසි  උපදේශන සේවාවක් නොලැබීමත්, දරිද්‍රතාවය හා බැඳුනු ආර්ථික ගැටලු  මෙන්ම  අඩු අධ්‍යාපන මට්ටමත් සිය දිවි හානි කර ගැනීම්වලට හේතු වී ඇති ප්‍රධාන සාධකයක් බවය.

වසර 15ක ගත වූ අවසානයේ අප ඉදිරියේ ඇත්තේ  දේශපාලන වාසි සොයමින් වාර්ගික ගිනි ඇවිලවීමේ විකල් ස්වරූපය තුළ   යුද සමයේ පැවති මානසිකත්වයම  සමාජය තුළ යාවත්කාලින කර පවත්වා ගැනීමේ ස්වරූපයකි.    නැවත යුද්ධක අපේක්ෂාවක් ඒ පසුබිමේ පෙනෙමින් තිබේ. වසර දෙදහස් ගණක්   පුරා ගෙවූ ඉතිහාසය මේ අත්දැකීමට වඩා වෙනස් වන්නේ නැත.

ඉතිහාසය කියා දෙන කතාව

ඉතිහාසය කියා දෙන කතාවක් තිබේ. කිසිම යුද ජයග්‍රහණයක් දශක හතරකට හෝ පහකට වඩා වැඩි කාලයක් පවතින්නේ නැත. ඉතිහාසයේ දැවැන්ත යුද විරුවන් දෙදෙනෙක්  වංශකතා විසින් මතුකරයි. මහාවංසය ලියැවෙන්නේම ඔවුන් වෙනුවෙනි.

මහාවංසයේ මහා වීරයා දුටුගැමුණුය. ඔහු එළාරට එරෙහිව කළ දැවැන්ත සටන මුල්කරගත් වීරකාව්‍යයක් සේ මහාවංශයේ මුල් අවධිය ලියැවෙන්නේය.  එහෙත් රට එක්සත් කළ ඒ මහා යුද වීරයාගේ ඥාති පුත්‍රයා ( සද්ධාතිස්සගේ බාල පුතා)  වූ වළගම්බා දුටුගැමුණු විසින් එකසේසත් කළ රටේ 34 වසරක් ගත වූ පසු   කල් ගෙවන්නේ  වන වැදී  ගල් ගුහාවල සැඟවෙමින්ය. අවුරුදු 14ක් ඉන්නේ කැලෑවේය. රට පාලනය කළේ පුළහත්ථ, බාහිය, පනයමාර, පිළයමාර, දාඨිය ආදී වූ ආක්‍රමණික කණ්ඩායමය. අප ඒ පසු කතාව කියන්නට කැමති නැත.

දෙවැනි මහාවිරයා මහා පැරකුම්බාවන්ය. රට තුළ ඇති සියලුම බලවේග බිඳ දමා රාජ්‍ය බලය සහිතව වෙනත් රටවල් සමග ද යුද කරමින් ගත කරන පැරකුම්බාවන්ගේ අභිලාෂකාමී 33 වසරක රාජ්‍ය පාලනයෙන් අනතුරුව දශක 05ක් ඉක්ම යනවිට පොලොන්නරුව රාජධානියත් රටට අහිමි වන්නේය. අනතුරුව ආක්‍රමණික සතුරු බලය විසින්  නිරිතදිගට විතැන්වන  සිංහලයේ රාජධානිය පර්වතයෙන් පර්වතයට, ගිරි දුර්ගවලට, වගුරුබිම්වලට මාරුවෙමින් අවසානයේ කන්ද උඩරට දුර්ගයෙන් නිමා වන්නේය.

ඉතිහාසය චක්‍රයකි. අප යුද ජයග්‍රහණ තොරොම්බල් කරමින් මේ ගමන් කරන්නේ ඒ චක්‍රයේය. යුද්ධ නිමා වී අවුරුදු පහළොවකින් පසු බංකොලොත් දුගී රාජ්‍යක  නැවත යුද්ධයක් වෙනුවෙන් තබා පලා යෑමටවත් නැගී සිටිමට ජවයක් නැති බෙලහීන හිඟන ප්‍රජාවක් ලෙස මේ අප ගත කරන්නේ ඒ පුනරුච්ඡාරණයවන ඉතිහාසය තුළය.

සිතිවිලි පරිවර්තනයක් සිදුවූ ඇතැම් අවස්ථාවල ඒ චක්‍රයෙන් මිදී සුඛිත වුන  කෙටි කාලින අත්දැකීම් ද අපි අත්විඳ ඇත්තෙමු. ඒ සම්බන්ධ ඉතිහාසය වසංකතාකරුවන් විසින්ද මග හැර පැමිණි අතීත දේශපාලන භාවිතය අදට වඩා වෙනස් නැත.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

මේ අත්දැකීම අපට කියන ඇත්තක් තිබේ.  යහපත් ජිවිත වෙනසක් ඇත්තේ සිතිවිලි මාත්‍රයක දුරය.  අපේ කාලයේ දී පැවති සිවිල් යුද්දයෙන් දශක එක හමාරකට පසුත් අප ඒ පරිවර්තනය සඳහා සූදානම් නැත. ව්‍යසනය ඇත්තේ එතැනය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

IMF දෙවැනි සමාලෝචන අනුමැතියට ශ්‍රි ලංකාව තවත් කරුණු 2ක් සම්පුර්ණ කළ යුතුයි… අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා කියයි!

Next Post

මහ වැසි ඉඟි කරන්නේ නිරිත දිග මෝසමේ අධි වර්ෂාපතනයක් ද?

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.