නිශානි අත්තනායක –
සඳ මත ස්වයංක්‍රීය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් තැනීම සඳහා චීනය සමඟ එක්ව කටයුතු කිරීමට රුසියාවේ අභ්‍යවකාශ ඒජන්සිය -Roscosmos දැන් සැලසුම් කර තිබේ.
යෝජිත ප්‍රතික්‍රියාකාරකය දෙරට එක්ව ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තුවන වන යෝජිත චන්ද්‍ර කඳවුරක් සවිබල ගැන්වීමට උපකාරී වනු ඇත.
රොස්කොස්මොස් අධ්යක්ෂ ජනරාල් යූරි බොරිසොව් රජයට අයත් රුසියානු ප්රවෘත්ති වෙබ් අඩවියක් වන TASS වෙත Roscosmos පසුගිය දා නිවේදනය කළේ CNSA සමඟ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් තැනීමට උත්සාහ කරන බවත්, එය මඟින් න්‍යායාත්මකව ILRS බල ගැන්වීමට හැකි වනු ඇති බවත්ය.
” 2033-2035 අතරකාලයේ – අපගේ චීන සගයන් සමඟ එක්ව චන්ද්‍ර පෘෂ්ඨය මත න්‍යෂ්ටික බල ඒකකයක් ස්ථාපනය කිරීමට මේවනවිට අපි බැරෑරුම් ලෙස සලකා බලමින් සිටිනවා” යැයි ඔහු පැවසීය.
2021 දී, Roscosmos සහ චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය (CNSA) හෙළි කළේ ඔවුන් සඳ මත හවුල් මධ්‍යස්ථානයක් ගොඩනැගීමට අදහස් කරන බවයි. එය ජාත්‍යන්තර චන්ද්‍ර පර්යේෂණ මධ්‍යස්ථානය (ILRS) ලෙස නම් කරන අතර, එය “සඳ ගැන උනන්දුව සිටින රටවල් සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සියල්ලන්ටම විවෘත වනු ඇතැයි කියා සිටියේය.”
කෙසේ වෙතත්, CNSA සමඟ ඓතිහාසික වශයෙන් ඇති සැක සංකා සහිත සබඳතා සහ Roscosmos සමඟ ඇති වූ මෑත භේදයක් හේතුවෙන් මෙම කඳවුර නැරඹීමට NASA ගගනගාමීන්ට ඉඩ නොදීමට හැකි අතර, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයෙන් පැනවූ සම්බාධකවලට ප්‍රතිචාර වශයෙන් 2025 වන විට ඔවුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ද පිටව යනු ඇත.
Roscosmos විසින් මෙම කඳවුර ගොඩනැගීම සඳහා අවශ්‍ය භාණ්ඩ සඳ මතට ප්‍රවාහනය කිරීම සඳහා දැවැන්ත න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන රොකට් භාවිතා කිරීමට බලාපොරොත්තු වන නමුත් මෙම අභ්‍යවකාශ යානා ආරක්ෂිතව ගොඩනඟන්නේ කෙසේදැයි ඒජන්සිය තවමත් සොයාගෙන නොමැති බව මේ අතර රොයිටර් වාර්තා කර තිබුණි.







