බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි හිමිපාණෝ අපවත් වෙති.

by editor
නොවැම්බර් 17, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක නාපානේ ප්‍රේමසිරි නා හිමියෝ මීට ස්වල්ප වෙලාවට ප්‍රථම අපවත් වූහ.

උන්වහන්සේ සතියකට ආසන්න කාලයක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් වැඩ  සිටියහ.  අපවත්වන විට උන්වහන්සේ 98 වැනි වියේ පසුවූහ.සංඝ ශෝභන ගුණ පූජිත මහා තෙරනමක් ලෙස සුපතල මැණික්හින්න හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති නාපානේ පේමසිරි මහනාහිමියෝ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දහතුන් වැනි මහ නායක ස්වමින්ද්‍රයන් වහන්සේය.

ඓතිහාසික කන්ද උඩරට මහනුවර පාතදුම්බර උඩගම්පහ කෝරළයේ නාපාන ග්‍රාමය කේන්ද්‍රිය කැර උඩරට සම්භාවනීය පරම්පරාවකින් පැවත එන ඒකනායක මුදියන්සේලාගේ මහකුඹුරේ ගෙදර කිරිබණ්ඩාර නිළමේතුමා හා නියංගොඩ හිටි බණ්ඩාර මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේගේ  පුත්රුවනක් ලෙස 1923 නොවැම්ර් 30 දා ඒකනායක මුදියන්සේලාගේ මහකුඹුරේ ගෙදර ටිකිරි බණ්ඩාර නමින් උන්වහන්සේ උපත ලැබූහ.

වලල මූලික පාසලෙන් අධ්‍යාපනයේ අත්පොත්  තැබීමෙන් අනතුරුව ගුන්නෑපාන අමුණුගම මහා විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලද  ටිකිරි බණ්ඩාර කුමරු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධූරයෙන් පිදුම් ලත් අපවත් වී වදාළ තෙරිපැහැ සිරි සීලවංශ නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් නාපාන පේමසිරි නමින් ශිෂ්‍යවරයෙකු ලෙස සසුන්ගත වූයේ 1933 වසරේදීය.සාමණේර අවධියේ මූලික බණ දහම් අධ්‍යනය කළ නා හිමියෝ 1935 දී කොළඹ වැල්ලවත්ත ශ්‍රී ධර්මෝදය පරිවෙණස්ථානයට ඇතුළත් වූහ.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ව්‍යක්ත,විශාරද,බහුශ්‍රැත ධර්මධර විනයධර මහා තෙරවරුන්ගේ ආශ්‍රය ලැබන්නට භාග්‍යවන්ත වූ  නාහිමියෝ ප්‍රාචීන,ප්‍රාරම්භ,මධ්‍යම අවසන රාජකීය පණ්ඩිත විද්‍යා විශාරද විභාග පිළිවෙළින් සමත් වූහ.වර්ෂ 1943 දී උපසම්පාදව ලත් උන්වහන්සේ දීර්ඝ කාලයක් සිදුකළ අධ්‍යයන  කටයුතු වලින් ලත් ධර්ම ශාස්ත්‍රීය සේවය පළමුව භික්‍ෂු පරපුරට දායාද කිරීම පෙරටුව 1945 දී නිට්ටඹුව විද්‍යානන්ද පරිවෙණස්ථානය  මූලික කරගනිමින් ගුරු වෘත්තිය ආරම්භ කළහ.

ගිහි පැවිදි විශාල ශිෂ්‍ය පිරිසකට පාලි,සිංහල,සංස්කෘත,බුද්ධ ධර්මය යන විෂයන් ඉගැන්වීමේ නිරතව සිටි නාහිමියෝ ස්වකීය ජන්මලාභය ලත් ගම් ප්‍රදේශයට යාබද මැණික්හින්න හුරිකඩුව විද්‍යාසාගර පරිවෙණස්ථානය 1967 දී ආරම්භ කැර එහි පළමු පරිවෙණාධිපති ධූරයේ වැඩ භාර ගත්හ.

උන්වහන්සේ 1980 දී මහනුවර ප්‍රාදේශීය සංඝ සභාවේ සභාපති ධූරයට ද 1986 දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ සභාවේ ලේඛකාධිකාරී පදවියට ද  1987 දී එම නිකායේ සඤ්ඤා ලේඛකාධිකාරී ධූරයට ද 1998 දී අධිකරණ සංඝනායක පදවිය ටද  පත්වූහ.මියන්මාර් රාජ්‍යයෙන් උන්වහන්සේට අග්ගමහා පණ්ඩිත ගෞරවෝපාධිය පිරිනමනු ලැබුවේ 2008 වසරේදීය.

ස්වකීය සංඝ සභාවේ නොමද ගෞරව සම්මානයට පාත්‍ර වූ නා හිමියෝ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සිදුකළ අනූපමේය සේවය ඇඟයුමට ලක්කැර වේවැල්දෙණියේ මේධාලංකාර මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ රමඤ්ඤ මහනිකායේ අතිගරු මහනායක පදවියට පත්වූහ.

ඉමහත් සේවයක් කල හැකි  ශිෂ්‍ය භික්‍ෂු පරපුරක් දායාද කළ මහ නාහිමියෝ සිව් දෙසින් වැඩමකෙරුණ මහා සඟරුවන ගේ ආශිර්වාද මධ්‍යයේ සම්බුදු ශාසනයේ උන්නතිය උදෙසා දුනුවිල සඳගිරි ලෙන් විහාරය, කුණ්ඩසාල වරාපිටිය බෝධිරුක්ඛාරාමය, පල්ලේකැලේ සීලවංශ බෞද්ධ මධ්‍යස්ථානය, හාමින්දගොඩ සිරි සුමනාරාමය, රජවැල්ලේ ශ්‍රී පූර්වාරාමය හා අලුත් වත්ත මිහිඳු ධර්ම පීඨය යන විහාරස්ථාන රාශියක් ඉදි කිරීමට මාර්ගෝපදේශකත්වය ලබා දුන්හ.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයවැය යෝජනා: රටපුරා සෞඛ්‍ය සේවා ස්ථානවල කාර්යමණ්ඩල වැඩිකිරීමට මිලියන 18000ක්

Next Post

අයවැය යෝජනා: කොවිඩ් රක්ෂණ යෝජනා ක්‍රමයක්

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.