බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තානාපති කාර්යාලයක රැකවරණයේ සිටි චූදිත දේශපාලකයා අත් අඩංගුවට ගැනීමට තානාපති කාර්යාලය අක්‍රමණය කළ රටක කතාව …

by editor
අප්‍රේල් 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මෙක්සිකෝවේ දේශපාලන රැකවරණය සහිතව, ඉක්වදෝරයේ මැක්සිකෝ තානාපති කාර්යලය තුල රැඳී සිටි දුෂණ චෝදනා සහිත  ඉක්වදෝරයේ හිටපු උප ජනාධිපති ජෝර්ජ් ග්ලාස්  අත් අඩංගුවට ගැනීමට ඉක්වදෝර ආරක්ෂක අංශ ඊයේ රාත්‍රියේ ඉක්වදෝර මෙක්සිකෝ තානාපති කාර්යාලය ආක්‍රමණය කරනු ලැබුවේය.

ලෝක රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු විෂයෙහි බරපතල තත්ත්වයක් ඇති කළ මේ තත්ත්වයත් සමග මැක්සිකෝව   ඉක්වදෝරය සමග  සිය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත් හරින බව මෙක්සිකානු ජනාධිපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රඩෝර් නිවේදනය කළේය.

සන්නද්ධ හමුදා නිලධාරීන් හමුදා රථ සහිතව පැමිණ තානාපති කාර්යාලය වටලා තානාපති කාර්යාලයේ රැකවරණය යටතේ සිටි ඉක්වදෝර උප ජනාධිපතිවරයා අත් අඩංගුවට ගන්නේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ විරෝධය මායිම් නොකරමිනි.

හිටපු උප ජනාධිපති  ජෝර්ජ් ග්ලාස් ක්විටෝ හි මෙක්සිකානු තානාපති කාර්යාලයෙන්  පැහැගෙන ගොස් මේ වනවිට ආරක්ෂක අංශ භාරයේ රඳවා තබාගෙන ඇති බව  මේ වනවිට  සමාජ ජාලවල වාර්තා කර ඇත.

ඉක්වදෝරයේ මෙක්සිකෝ    තානාපති රොබර්ටෝ කැන්සෙකෝ විසින් විස්තර කරන ලද පරිදි අප්‍රේල් 5 රාත්‍රියේ පොලිස් නිලධාරීන් සන්නද්ධ වාහන සමඟ රාජ්‍ය තාන්ත්‍රික මූලස්ථානයට ඇතුළු වී ග්ලාස් පිටතට ගෙන ගොස් ඇත. මෙක්සිකානු තානාපතිවරයා සන්නද්ධ මෝටර් රථ පසුපස දිවගොස් ඒවා නවත්වන්නට උත්සාහ කරන ආකාරයත් පොලිස් නිලධාරීන් වහාම ඔහුව පාලනය කරන අකාරයත් Ecuavisa.com වෙබ් අඩවියේ පලවී ඇති  සුවිශේෂී පින්තූරවල දැක්වේ.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජෝර්ජ් ග්ලාස් කවුද?

ජොර්ජ් ග්ලාස්…

ඔහු ඉක්වදෝරයේ හිටපු උප ජනාධිපතිය. 2013 සිට 2017 දක්වා කාලය තුළ රෆායෙල් කොරියාගේ වාමාංශික රජය යටතේ උප ජනාධිපති ලෙස කටයුතු කළ ග්ලාස්ය. ජෝර්ජ් ග්ලාස්ට     එරෙහිව රාජ්‍ය වංචාව සම්බන්ධයෙන් ජාතික අධිකරණය විසින් නිකුත් කරන ලද වරෙන්තුවක් තිබිණි.  දූෂණ චෝදනාවලට  දෙවරක් වරදකරු වූ ග්ලාස් දෙසැම්බර් මාසයේ දේශපාලන රැකවරණ පතා  ට ක්විටෝ හි මෙක්සිකෝ තානාපති කාර්යාලයේ රැඳී සිටියේය.

ඔහුව අත් අඩංගුවට ගැනීමේ  නියෝගය 2024 ජනවාරි මාසයේදී නිකුත් කරන ලද අතර එය ජාතික පොලිසිය විසින් සිදු කළ යුතු බවට නියෝගයක් වූයේය.

පසුගිය දෙසැම්බර් මාසයේ සිට මෙක්සිකෝ  තානාපති කාර්යාලයේ රැඳී සිටින හිටපු උප ජනාධිපති ජෝර්ජ්   ග්ලාස්ට   රට හැර යාමට හැකි වන පරිදි  ආරක්ෂිත ගමන් මාර්ගයක් ලබා දෙන ලෙස මෙක්සිකෝවේ විදේශ අමාත්‍යාංශය ඉක්වදෝරයෙන් ඉල්ලා සිටියේ . කෙසේ වෙතත්, ඉක්වදෝරය එම ඉල්ලීම බැහැර කළේ  “සාමාන්‍ය අපරාධ සඳහා වරදකරුවන් වූ හෝ නඩු පවරනු ලබන පුද්ගලයන්ට  සරණාගතභාවය ලබා දීම නීත්‍යානුකූල නොවේ” යනුවෙන් ප්‍රකාශ කරමිනි.

පසුව  සිකුරාදා ජෝර්ජ් ග්ලාස් වෙත මෙක්සිකෝව දේශපාලන රැකවරණ නිල වශයෙන්  ලබා දීමෙන් පසුව මෙම වර්ධනය සිදු විය.

දේශපාලනඥයා අත්අඩංගුවට ගැනීම සඳහා ඉක්වදෝරය මෙක්සිකෝවෙන් අවසර ඉල්ලා තිබිණි. මෙක්සිකෝව එය ප්‍රතික්ෂේප කළේය.  එය සාර්ථක නොවූ තැන මෙම අක්‍රමණය සිදුකර තිබිණි.

හිටපු උප ජනාධිපතිවරයා අත් අඩංගුවට ගත් බව ඉක්වදෝර් ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කලේය. ඔහුව රැගෙන ගිය ඉක්වදෝරයේ   ඇන්ඩියන් අගනුවර මහේස්ත්‍රාත් උසාවියේ දැඩි හමුදා රැඳවුමක් වූ බව රොයිටර් වාර්තා කර තිබිණි.

පැහැර ගැනීම වළක්වන්න ගිය ඉක්වදෝරයේ මෙක්සිකෝ තානාපති රොබර්ටෝ කැන්සෙකෝ ට වේච්චි දේ…

රටවල් දෙකේ චෝදනා.

ඉක්වදෝරයේ ජනාධිපති කාර්යාලය මෙක්සිකෝවට චෝදනා කරන්නේ  ” රාජ්‍ය තාන්ත්‍රික දූත මෙහෙවරට ලබා දී ඇති මුක්තිය සහ වරප්‍රසාද අනිසි ලෙස භාවිතා කර   සාම්ප්‍රදායික නීති රාමුවට පටහැනිව හිටපු උප ජනාධිපතිවරයාට මෙක්සිකෝව රාජ්‍ය තාන්ත්‍රික සරණාගතභාවය ලබා දී ඇති” බවයි.

මෙක්සිකෝ ජනාධිපති ලෝපෙස් ඔබ්‍රඩෝර් පැවසුවේ, අත්අඩංගුවට ගැනීම “අධිකාරී” ක්‍රියාවක් සහ ජාත්‍යන්තර නීතිය සහ මෙක්සිකානු ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් ලෙසය.  , ඉක්වදෝරය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සියල්ල අත්හිටුවන ලෙස මෙක්සිකානු විදේශ ඇමතිනී ඇලිසියා බාර්සිනාට උපදෙස් දුන් බව ඔහු කීවේය.

මැක්සිකෝ තානාපතිවරයා නිශ්ක්‍රිය කර තානාපති කාර්යාලයේ රැකවරණය ලැබූ හිටපු උප ජනාධිපතිවරයා ඉක්වදෝර ආරක්ෂක අංශ අත් අඩගංගුවට ගත් අයුරු….

🔴 #AHORA | La noche de este viernes 5 de abril, la Policía Nacional entró con carros blindados a la embajada de México en Quito. Roberto Canseco, encargado como embajador de ese país en Ecuador, se enfrentó a los uniformados y confirma su ingreso a las instalaciones.

Más… pic.twitter.com/plbRTlouar

— Ecuavisa Noticias (@EcuavisaInforma) April 6, 2024

Tags: නවතම
Share69Tweet43
Previous Post

අමරවිරගෙන්  හරක් හොරුන්ට අනතුරු ඇඟවීමක්… හොරකම් කරන හරකෙකුට ලක්ෂ10  ගානේ දඩ ගහන්න නීති ගේන්න යයි!

Next Post

ශ්‍රි.ල.නි.ප මූලස්ථානයට කිසිවෙකුට ඇතුලුවීම තහනම්… වැදගත් ලිපිගොනු අතුරුදහන් වීම ගැන විමර්ශන ඇරඹෙයි…

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.