බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෆ්රැන්සිස් ස්කොට් කී අනතුර සිදුවන අවස්ථාවේ දී පැවති තත්වය පැහැදිලි වන හඬපට සොයාගැනේ…..

by lankasara-editor
මාර්තු 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

බැල්ටිමෝර් හි ෆ්රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටුනු භාණ්ඩ ප්‍රවාහන නෞකාව සහ ඒ අසල ස්ථානය ඊයේ දින (27) පරීක්ෂා කළ බවත් එහිදී නෞකාව පාලමේ ගැටීමට මිනිත්තු කිහිපයකට පෙර අනතුරට මුහුණ දුන් පුද්ගලයන් ජීවිත බේරා ගැනීමට ගත් දැඩි උත්සාහයන් පිළිබඳ තොරතුරු සොයා ගැනීමට හැකි වී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පෙරේදා අලුයම පාලම කඩා වැටීමට මිනිත්තු කිහිපයකට පෙර එහි කටයුතු කල පුද්ගලයන් එයට මුහුණ දීමේ දී ඊට අදාල ව පටිගත වූ හඬපට කිහිපයක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

පාලම මත සියලුම ගමනාගමනය නවත්වන ලෙසත්, පාලනය ගිලිහුණු නෞකාවක් ළඟා වන බවත්, වැඩ කරමින් සිටි කාර්ය මණ්ඩලයට පාලමෙන් පිටව යන ලෙස කල  අනතුරු ඇඟවීම ඇතුළු මීළඟට ගන්නා පියවර පිළිබඳව සිදු කල කතාබහ ඵම පටිගත වූ හඬපට වල ඇතුලත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. එමෙන්ම විශාල හඬක් පසුබිමෙන් ඇසෙන අතර, එක් අයෙක්  “මුළු පාලමම කඩා වැටුණා” යැයි පවසන ආකාරයක් ද පටිගතව තිබූ බව සඳහන් වනවා.

සිංගප්පූරු ධජය සහිත ඩාලි නෞකාව පාපන්දු ක්‍රීඩාංගණ තුනකට සමාන දිගකින් යුත් කන්ටේනර් නෞකාවක් වන අතර අනතුර සිදුවීමට පෙර එය පාලනයෙන් තොර බව වූ බව වාර්තා කර, නෞකාව මන්දගාමී කිරීමට නැංගුරම දමා, පාලම මත ගමනාගමනය නැවැත්වීමට බලධාරීන්ට ප්‍රමාණවත් කාලයක් ලබා දී ඉන් විශාල ජීවිත හානියක් වළක්වා ගත හැකිව තිබූ බව සඳහන් වනවා.  මෙම අනතුර හේතුවෙන් එක්සත් ජනපද නැගෙනහිර මුහුදු තීරයේ කාර්යබහුලම ස්ථානයක් වන බැල්ටිමෝර් වරාය වසා දමා තිබෙනවා.

විශ්ලේෂකයින් පවසා තිබෙන පරිදි රක්ෂණ කටයුතු සඳහා ඩොලර් බිලියන ගණනක් වැය විය හැකි අතර එය වාර්තාගත නැව් රක්ෂණ පාඩුවක් වනු  ඇති. එක්සත් ජනපදයේ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලයේ විමර්ශකයින් අඟහරුවාදා දින නෞකාවේ දත්ත රෙකෝඩරය සොයා ගත් අතර නැවේ කාර්ය මණ්ඩලය, දිවි ගලවා ගත් අනෙකුත් අය සහ හදිසි ප්‍රතිචාර දැක්වූවන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය දක්වා තිබෙනවා.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

එක්සත් ජනපදයේ ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් පරීක්ෂණ කටයුතු සිදු කරමින්

කන්ටේනර් නෞකාව පාලමේ ආධාරක කණුවක ගැටුනේ කෙසේද සහ ඇයිද යන ගැටලු සඳහා පිළිතුරු සෙවීමට කණ්ඩායමක් කිලෝමීටර් 2.6 ක් දිග පාලමේ නටබුන් පරීක්ෂා කිරීමට නියමිත අතර අනතුර හේතුවෙන් අතුරුදන් වූ කම්කරුවන් පිළිබඳව තවමත් තොරතුරක් නොමැති බව ද සඳහන් වනවා.වොෂින්ටනයේ මෙක්සිකානු කොන්සල් කාර්යාලයට අනුව මියගියා යැයි අනුමාන කරන අතුරුදන් වූ පුද්ගලයන් හය දෙනා ට මෙක්සිකෝව, ග්වාතමාලාව සහ එල් සැල්වදෝරයේ සංක්‍රමණිකයන් ඇතුළත් වනවා. පාලම් කාර්ය මණ්ඩලය පාර මතුපිට වළවල් අලුත්වැඩියා කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් බැල්ටිමෝර් වරාය විවෘත කිරීම කෙරෙහි අවධානය යොමු කල යුතු බවත් එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ ප්‍රමුඛතාවයන් වන්නේ නැව් ගමනාගමනය සඳහා ජල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම, නෞකාව ස්ථාවර කිරීම සහ එය ඉවත් කිරීම බවත් ධවල මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බලධාරීන් ප්‍රකාශ කරතිබෙනවා. නෞකාව ගෙන යාමට පෙර සුන්බුන් ඉවත් කිරීමට වෙරළාරක්ෂක බලකාය එක්සත් ජනපද හමුදා ඉංජිනේරු බලකාය සමඟ කටයුතු කරන බවත් එහිදී අවධාරණය කර ඇති අතර සුන්බුන් බවට පත් නෞකාවේ ආරක්‍ෂිත වාර්තාව කෙරෙහි අවධානය යොමු කළ නමුත්, එය තරමක් හොඳ ආරක්‍ෂිත වාර්තාවක් බව ඔවුන් වැඩිදුරටත් දක්වා තිබෙනවා. අනතුරට පත් වන විට නෞකාවේ භාණ්ඩ බහාලුම් 4,700 ක් තිබී ඇති අතර ඉන් 56 ක අන්තරායකර ද්‍රව්‍ය තිබූ නමුත් එයින් මහජනතාවට තර්ජනයක් නොමැති බව සඳහන් වනවා අනතුර සිදුවන අවස්ථාවේදී කන්ටේනර් දෙකක් මුහුදට වැටුනු නමුත් ඒවායේ අනතුරුදායක ද්‍රව්‍ය අඩංගු නොවූ බව වාර්තා වන අතර
නෞකාවේ ඉන්ධන තෙල් ගැලුම් මිලියන 1.5 කට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කර තිබෙනවා.

බැල්ටිමෝර් වරාය වෙනත් එක්සත් ජනපද වරායන්ට වඩා මෝටර් රථ භාණ්ඩ ප්‍රවාහනය කරයි.වරාය දත්ත වලට අනුව 2022 වසරේ සිට වාහන 750,000 කට වඩා වැඩි ප්‍රමාණයක් මෙන්ම සීනි සිට ගල් අඟුරු දක්වා බහාලුම් සහ තොග භාණ්ඩ ද ප්‍රවාහනය කරයි. කෙසේ වෙතත් ආර්ථික විද්‍යාඥයින් සහ සැපයුම් විශේෂඥයින් පවසන්නේ, නැගෙනහිර මුහුදු තීරයේ ප්‍රතිවාදී නැව් මධ්‍යස්ථානවල ඇති ප්‍රමාණවත් ධාරිතාව හේතුවෙන් වරාය වසා දැමීම ප්‍රධාන එක්සත් ජනපද සැපයුම් දාම වලට අර්බුදයක් හෝ භාණ්ඩවල මිලෙහි විශාල වැඩිවීමක් සිදු නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි. පාලම නොමැති වීම නිසා බැල්ටිමෝර් හරහා යන මාර්ග අවහිර වී ඇති අතර, රියදුරන්ට වෙනත් තදබදයක් සහිත වරාය හරස් මාර්ග දෙකකට යාමට සිදුවීමෙන් දෛනික ගමනාගමනය සහ කලාපීය ගමනාගමනය සංකීර්ණ වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රිය අනතුරකින් මිය යයි!

Next Post

අපේක්ෂිත ඇප කැන්සල් වුන දමිතා සහ සැමියා අත් අඩංගුවට ගැනීමට CIDය යද්දි ඔවුන් ගෙදරින් අතුරුදහන් !

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.