අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෙහෙළිය… ඔයා  යාළුවොත් එක්ක ඔතනින්ම අපායට යන්න… බංකොලොත් රටේ අසරණයින්ගේ ජීවිතවල වටිනාකම බල්ලට දමා සෞඛ්‍ය බලධාරින් හොරා කෑ හැටි ගැන විගණනය කියන කතාව…

by editor
මාර්තු 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • මතභේදයට තුඩුදි ඇති සියලුම හදිසි මිලදි ගැනිමේ ප්‍රසම්පාදනයන් සහ අභිලාෂ කැදවිමේ ක්‍රමවේදයන් අවිධිමත්.

  • ඇමති මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් බිලියන  9ක් වටිනා ඖෂධ සැපයුම් 158ක් සදහා  ඇණවුම් නිකුත්කරලා.

  • අසාදු ලේඛනගත සමාගමකට රුපියල් බිලියන 7ක් වටිනා ඖෂධ ඇණවුම් 38ක ඇණවුමක් ලබාදිලා.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් එන්නත් මිලදි ගැනිමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට   හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත    ඇතුළු 08 දෙනෙකු  රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත්තේය. මේ එක් සිද්ධියක් පමණි.   සෞඛ්‍ය අමාත්‍යංශය විසින්   2022/2023 යන වර්ෂයන්හිදි වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන් සිදුකළ  හදිසි මිලදි ගැනිම් ක්‍රියාවලිය තුළ දි  වංචා හා දුෂණ රැසක් සිදුවි ඇති බව විගණන විමසුම් මගින්  මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. ඉන්දියානු ණය ආධාර යටතේ වෛද්‍ය සැපයුම් මිලදි ගැනිම, කොවිඩි එන්නත් මිලදී ගැනීම  ඇතුළු දුෂිත ගනුදෙනුවලින් මෙන්ම   කල්ඉකුත්වු එන්නත් සහ ඖෂධ වලින් ද  සෞඛ්‍ය අමාත්‍යංශය  නින්දා සහගත ගසාකෑම් සිදුකර තිබේ. එය අප කියන කතාවක් නොවේ. මේ අපරාධය හෙළි කරන්නේ විගණනය ය.

2022 වර්ෂය ආරම්භයේ රට තුල ඇතිවු ආර්ථික අර්බුදයත් සමග  විනිමය ගැටලු හේතුවෙන් රෝහල්  පද්ධතිය තුළ දැඩි ඖෂධ හිඟයක් නිර්මාණය වී තිබුණි. මෙවන් පසුබිමක් තුළ ඉන්දියානු ණය ආධාර හා දේශිය මුදල් යොදාගෙන සෞඛ්‍ය අමාත්‍යංශය විසින් හදිසි මිලදි ගැනිම් හරහා ඖෂධ මිලදි ගැනිමට කටයුතු කරතිබුණි.

අවිධිමත් මිලදි ගැනිම් ක්‍රියාවලිය    හා සම්මත ප්‍රසම්පාදන මාර්ගෝපදේශ බැහැර කිරිම හේතුවෙන් වෛද්‍ය සැපයිම් මිලදිගැනීමේ, සැපයිමේ හා බෙදාහැරිමේ ක්‍රියාවලිය තුළ බරපතල අක්‍රමිකතාවයන් සිදුවී ඇති බව මේ සම්බන්දයෙන් කරණු ලැබු විගණනයේ දි අනාවරණය වි ඇත.

හිටපු සෞඛ්‍ය ලේකම්වරයා, ඖෂධ නිෂ්පාදන සැපයිම් හා නියාමන අංශයේ අතිරේඛ ලේකම්වරයා, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා, වැඩබලන අධ්‍යක්ෂකවරයා ලෙස සේවය කළ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ  ප්‍රධාන විධායක නිලධාරිවරයා, ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සිදුකළ අක්‍රමිකතා  ගණනාවක් දැන්  අනාවරණය වි ඇත.

  • වෛද්‍ය සැපයුම් හදිසි මිලදි ගැනීමේ  ප්‍රසම්පාදන 

මුදල් අමාත්‍යංශයේ ලේකම් විසින් නිකුත්කොට ඇති චක්‍රලේඛයට අනුව  සෞඛ්‍ය අංශ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ සිදුකළ ප්‍රසම්පාදනයන් මගින් මිලදීගත් අයිතමයන් පිළිබඳ මිලදීගැනිමේ අවශ්‍යතාවය සාධාරණිකරණය කරමින් මාසික වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩල  ආවරණ අනුමැතියට යටත්ව ඉදිරිපත් කළයුතුය. එහෙත් හිටපු සෞඛ්‍ය ඇමතිවරයා ඒ අයුරින් කටයුතු කර නොතිබුණි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඖෂධ නිෂ්පාදන සැපයිම් හා නියාමන අංශය මගින් අනෙකුත් හදිසි ප්‍රසම්පාදනයන්  නිරික්ෂණය කරනොතිබුණි. ඒ අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසානයේ දි සාධාරණ හා පලදායි ක්‍රියාවලියක් සහතික කොට නොතිබුණි.

ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය අහෝසි කිරිමෙන් පසුවද හිටපු සෞඛ්‍ය ලේකම්වරයා විසින් කිසිදු  අනුමැතියකින් තොරව  ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන අංශයක් ස්ථාපිත කොට වෛද්‍ය සැපයුම් සම්බන්ධ ප්‍රසම්පාදනයන් ඒ හරහා සිදුකිරීමට කටයුතුකර තිබුණි. හිටපු සෞඛ්‍ය ලේකම්වරයා මෙම කටයුතු සිදුකොට තිබුණේ සෞඛ්‍ය අමාත්‍යංශය තුළ ප්‍රසම්පාදන  අංශයක් පැවතියදිය.

  • එක් හදිසි මිලදී ගැනීමකවත් විනිවිද භාවයක් නෑ…

මතභේදයට තුඩුදි ඇති සියලුම හදිසි මිලදි ගැනීමේ ප්‍රසම්පාදනයන් සහ අභිලාෂ කැඳවිමේ ක්‍රමවේදයන් අවිධිමත්ව කිසිදු විනිවිදභාවයකින් තොරව සිදුකොට ඇති බවටද විගණනයේ දි අනාවරණය වි ඇත. ඖෂධ නිෂ්පාදන සැපයිම් හා නියාමන අංශය විසින් ඉන්දියානු ණය ආධාර යටතේ පුද්ගලික සැපයුම්කරුවන්ගෙන් හදිසිමිලදී ගැනිම් යටතේ ඖෂධ ඇණවුම් කොට තිබුණි. මෙහිදි ලැබිය යුතු තොග පිළිබඳ නොසලකා ඇණවුම් කිරීමට කටයුතු කර තිබුණි. වැඩිමිලට වෛද්‍ය සැපයුම් මිලදී ගැනීමට  කටයුතු කිරීමෙන් රජයටවන පාඩුව පිළිබඳ සෞඛ්‍ය බලධාරින් විසින් කිසිදු අවධානයක් යොමුකොට නොතිබුණි.

තුට්ටු දෙකේ හොරාකෑම වන්නේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිමටත් පෙර ඉන්දියාණු ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ වැදගත් හා අත්‍යවශ්‍ය ඖෂධ බව සඳහන් කරමින් ඖෂධ ආනයනය කොට තිබීමය. මිලදිගත් ඖෂධ අයිතම් 285 තුළ අත්‍යවශ්‍ය නොවන ඖෂධ අයිතම් ද ඇතුළත් කර තිබුණි.

තවද ඇතැම් පිළිකා විශේෂිත ඖෂධ ඇගයිම් සඳහා තාක්ෂණික දැනුම ඇති ප්‍රවිණයකු පත්කර නොතිබුණි. ඖෂධවල ගුණාත්මකභාවය  පිළිබඳ කිසිදු සලකාබැලිමක් සිදුකොට නොතිබු  බවද විගණන වාර්තාවේ සදහන් වේ.

  • ලියාපදිංචිය නැති සැපයුම් කරුවන්

ලංසු ඉදිරිපත් කළ බොහොමයක් සැපයුම්කරුවන්ට  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ  වලංගු ලියාපදිංචි සහතික නොතිබුණි. ඖෂධ ප්‍රසම්පාදනයේ දී ගුණාත්මක ඖෂධයක්ද යන්න සහතික කරනු ලබන ඖෂධ අධිකාරියේ ලියාපදිංචි සහතිකයේ අනිවාර්ය අවශ්‍යතාවය නොසලකා හැරතිබුණි.

එපමණක් නොව, තාක්ෂණික  ඇගයිම් කමිටු පත් නොකිරීමට, තාක්ෂණික ප්‍රවීණයන්ගේ උපදෙස් ලබා නොගැනීමටත් කටයුතු කර තිබුණි.  මෙවන් පසුබිමක් තුළ  ඇගයිම් කමිටුව විසින් ඖෂධවල ගුණාත්මකභාවයට  අදාළ ලේඛණ පරික්ෂා නොකිරිම යන කරුණු හේතුවෙන් මිලදි ගන්නා ඖෂධ සම්බන්ධයෙන් දැඩි අවදානමක් පැවතිබව විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

සෞඛ්‍ය බලධාරින් විසින් රෝගින්ගේ ජිවිත ගැන තුට්ටුවකටවත් මායිම් නොකොට  මුදල් කුට්ටි මත සියල්ල තීන්දුකොට තිබුණි. මෙම තත්ත්වය නිසා උසස් ප්‍රමිතියෙන් යුතු ඖෂධ රෝගීන්ට ලබාදීමට නොහැකිව තිබු අතර එවායේ ප්‍රථිපල  අත්විඳීමට රෝගින්ට   පසුගිය කාලයේ දි සිදුවිය.

  • කෙහෙළියගේ කුපාඩිකම

ඉන්දියාණු ණය යෝජනා ක්‍රමයේ ඉතිරිව පවතින අරමුදල් සහ ශ්‍රි ලංකා රජයේ  වෙනත් අරමුදල් ක්‍රම භාවිතා කරමින් වෛද්‍ය සැපයුම් ආනයනය කිරිම සඳහා  හිටපු සෞඛ්‍ය ඇමතිවරයා විසින් 2022 ඔක්තෝබර් මස 25 දින ඉදිරිපත් කොට තිබු අමාත්‍ය මණ්ඩල සංදේශයට  ඇමති මණ්ඩලයේ අනුමැතිය ලැබී නොතිබුණි. එහෙත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව ආසන්න වශයෙන් රුපියල් බිලියන  6.9ක් වටිනා ඖෂධ සැපයුම් 158ක්  ඇණවුම් ඔහුගේ මැදිහත්වීම මත  නිකුත්කොට  තිබුණි.

මෙකී වෛද්‍ය සැපයුම් හදිසි මිලදි ගැනිම් ලෙස මිලදි ගෙන තිබු අතර  හදිසි මිලදීගැනිම්වල  සාධාරණත්වය පිළිබඳව ද අමාත්‍ය මණ්ඩලය වෙත කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබු බව  විගණනය මගින් අනාවරණය කොට ඇත.

මෙසේ ඇණවුම්කරණු ලැබු ඖෂධ සමාගම් 21ක් අතර  බෙදිගොස් තිබුණි. ඇතැම් සමාගම් එකම  සමාගම් ජාලයකට අයත් බව   විගණනයේ දී  නිරික්ෂණය වි  තිබුණි.

ඒ අනුව අදාල සැපයුම්කාර සමාගම් විසින් තම සමාගම් සමුහයේ පවතින සමාගම්  හරහා විවිධ මිල ගණන් යටතේ ලංසු ඉදිරිපත් කොට තිබු බවද අනාවරණය වී ඇත. කෙසේවුවද අමාත්‍ය මණ්ඩලය වෙත මුලින් ඉදිරිපත් කොට තිබු අමාත්‍ය මණ්ඩල සංදේශයේ ඉන්දියාණු ණය යෝජනාක්‍රමයේ ඉතිරි අරමුදල් භාවිතා කරමින් හදිසි මිලදී ගැනිම් සිදුකළ බව සඳහන් කළද   ඖෂධ  ඇණුවම් කොට තිබුණේ දේශිය අරමුදල් භාවිතාකරමින් බව විගණන වාර්තාවේ සඳහන් වේ.

  • කැබිනට් එකට බොරු කී හැටි

සෞඛ්‍ය අංශ හදිසි ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතියකින් තොරව  සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා විසින් ඉන්දියානු සමාගමක් වෙත   රුපියල් බිලියන 1.7ක් වටිනා ඖෂධ ඇණවුම් 38ක්  නිකුත්කර තිබුණි. මේ සඳහා සෞඛ්‍ය අංශ ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය හිමිවි තිබුණේ ඊට පසුදිනය.  වැදගත්ම කාරණය  වන්නේ මෙම සමාගමේ කිසිදු  ඖෂධයක් සඳහා  ඖෂධඅධිකාරියේ ලියාපදිංචිය නොතිබිමය.

ඖෂධ නියාමන අධිකාරිය විසින්ද  විශේෂ ක්‍රමවේදය යටතේ ඖෂධයේ ගුණාත්මක භාවය පිළිබඳ ඇගයිමකින්  තොරව සහතික 38 ලබා දි  තිබුණි. මෙම ඖෂධ මිලදී ගැනිම් සම්බන්දයෙන් අමාත්‍ය මණ්ඩලයටද සංදේශයක් ඉදිරිපත් කොට තිබුණි. එම අමාත්‍ය මණ්ඩල සංදේශයේ  සඳහන්ව ඇත්තේ රටේ උග්‍ර වෛද්‍ය සැපයුම් හිඟයක් නිර්මාණයවිමේ  දැඩි අවධානමක් පවතිනබවත් මේ නිසා ශල්‍යාගාරවල ක්‍රියාකාරිත්වය  මුළුමණින්ම අක්‍රියවන බවත්   උග්‍ර වෛද්‍ය සැපයුම් හිඟය වලක්වාගැනීම සඳහා වෛද්‍ය සැපයුම් අංශයේ හදිසි තත්වය මත මෙම සමාගමෙන් ඖෂධ ආනයනය කරණ බවත් ය

එහෙත් ඇණුවම් කරණු ලැබු  ඖෂධ 38න්  ඖෂධ අයිතම් 10ක් අත්‍යවශ්‍ය නොවන කාණ්ඩයේ ඖෂධ වන අතර ඒ සඳහා වැයකිරිමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 280ක් බවද විගණන වාර්තාවේ සදහන්වේ. ඖෂධවල ගුණාත්මක භාවය පිළිබඳ පරික්ෂාවකින් තොරව වැඩි මිලට එකම සමාගමකින් මෙම ඖෂධ  ඇණවුම් කිරීම    පිළිබඳ  ඇත්තේ බරපතල සැකයකි.

කෙසේවුවද රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව විසින් මෙම සැපයුම්කාර සමාගම මීටපෙර  අසාධු ලේඛනගත සමාගමක් බවට කරුණු අනාවරණය විමෙන් පසු මෙම ඖෂධ මිලදී ගැනිමේ ක්‍රියාවලිය ආරම්භකර  නොතිබුණි. තවද නොව ඇණවුම් ලබාදුන් ඖෂධ අයිතම්  38කට අදාල ඖෂධ ගෙන්වීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා තිබුණි.

  • කොවිඩ් එන්නත් වලින් වංගු ගහලා

සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්තවලට අනුව අමාත්‍යංශය විසින් කොවිඩි වසංගත සමයේ දී    රුපියල් බිලියන  66ක මුදලක් වියදම්කොට   කොවිඩ් 19 එන්නත් මිලියන  42ක් මිලදී ගෙන තිබුනි. මෙම එන්නත්  මිලදීගෙන තිබුණේ ලෝකබැංකු හා ආසියානු බැංකු ණය වලිනි. මෙම එන්නත් මිලදිගැනීමේ  ප්‍රසම්පාදන ක්‍රියාවලිය විනිවිදභාවයකින් සිදු වී  නොමැති බව විගණනය මගින්   අනාවරණය කොට තිබුණි.

එන්නත් මිලදි ගෙන ඇති අවස්ථා ගණන,  ප්‍රසම්පාදන ලබාදුන් ආකාරය, ලංසුකරුවන් සංඛ්‍යාව , ලංසුකරුවන් තෝරාගැනීමේ පදනම  ආදි තොරතුරු විගණනය සදහා ඉල්ලා  සිටියද එම තොරතුරු රාජ්‍ය ඖෂධ නතිගත සංස්ථාව විසින්  විගණනය සදහා ලබා දි නොතිබුණි.

කොවිඩි 19 එන්නත් මිලදි ගැනිමේ දි ප්‍රසම්පාදන මාර්ගගෝපදේශ  පිළිපැදිම පිළිබඳ  සැහීමකට පත්විය නොහැකි බවත් එන්නත් මිලදී ගැනිම සම්බන්ධයෙන් ඇතැම් තොරතුරු  විගණනය සඳහා ලබාදී  නොතිබු බව ද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

එන්නත් ඇතුළු සැම මිලදී ගැනිමක්  සඳහාම  ප්‍රසම්පාදන, මාර්ගෝපදේශ  අනුගමනය කළයුතු අතර  ඖෂධ සඳහා කාර්යක්ෂම  බඩුතොග පාලන ක්‍රමයක් හඳුන්වා දිය යුතු බවට විගණනය මගින් පෙන්වා දි ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දිඹුලාගල ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ ලක්ෂ 200ක් වටිනා වාහන මුදල් විශුද්ධිකරන වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට…

Next Post

රිය අනතුරු වැඩියි… සෞඛ්‍ය ආරක්ෂිත නෑ… ලබන කන්නයේ සිට ගොවීන්ට පාරේ වී වේලීම තහනම් කරන්න… සෞඛ්‍ය අංශ වෙතින් ඉල්ලීමක්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.