දිනසේන රතුගමගේ –
යාපනයේ මාදගල් දඹකොළ පටුන සංඝමිත්තා විහාරය ආසන්න මුහුදේ මසුන් මැරීම නාවික හමුදාව විසින් 19 දා සිට තහනම් කොට තිබේ.
මීට වසර ගණනාවකට පෙරද මෙම මුහුදු කලාපයේ මසුන් මැරීම නාවික හමුදාව විසින් තහනම් කොට තිබූ අතර මහින්ද රාජපක්ෂ ජනධිපතිවරයාව සිටි කාලයේදී උතුරේ ධීවර සංවිධානවල ඉල්ලීමක් මත එම මුහුදු කලාපයේ මසුන් මැරීමට ධීවරයින්ට අවස්ථාව සලසා දි තිබේ.
නමුත් නාවික හමුදාව මෑතකදී ගන්නා ලද තීරණයක් මත යළිත් එම මුහුදු කලාපයේ මසුන් මැරීම තහනම් කොට ඇත.
ආගමික සිද්ධස්ථානයක් අසල මසුන් මැරීම යෝග්‍ය නොවීමත් පරිසරයට සිදු වන හානිය හා බලපෑම අවම කරගැනීමටත් නාවික හමුදාව මේ තීරණය ගෙන තිබේ.
මෙම මුහුදු කලාපයේ මින් ඉදිරියට මසුන් මරනු ලැබුවහොත් එම ධීවරයින්ව නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගන්නා බව උතුරේ ධීවර සමීති වලට නාවික හමුදාව දැනුම් දී තිබේ.







