බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

සමහර ඒවා අත් හැරියොත් අත් හැරියම තමයි! අදත් එහෙම යි…

by editor
මාර්තු 15, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සමහර අත් හැරීම් අත්හැරුනා නම් අත හැරියාමය.  කුසල් මෙන්ඩිස් අතින් ගිලිහුනු ගිලිහීම අවසානයේ දි දැවැන්ත ඉලක්කයක් වී කණ්ඩායම වෙත යළි ලැබී ඇත්තේය.

කාසියේ වාසිය දිනා පන්දු රැකීම තේරූ ශ්‍රී ලංකා කණ්ඩායමට බංගලාදේශ කණඩායම ලකුණු 286ක තියුණු ඉලක්කයක් ලබා දී ඇත. කඩුළු 07ක් පමණක් දැවී ගොස් ලබා දුන් ඒ ඉලක්කයට බංගලාදේශ පිතිකරුවන් යන ගමනේ දී  අපට අත්හැරුණු තීරණාත්මක තැන් දෙකක් දුටුවෙමු.

ඒ ලකුණු 06 දී ටොවිඩ් හ්‍රිඩෝයි විසින් දිල්ෂාන් මධුශංකගේ පන්දුවකට ලබා දුන් උඩපන්දුව කුසල් මෙන්ඩිස් අතින් ගිලිහී යෑමය. උත්තරය ලැබුනේ හ්‍රිඩෝයි ලකුණු 96ක් නොදැවී ලබා ගැනීමෙනි.  ඔහු ලකුණු 96 ඉන් පසු කළමනාකරණය කළේ ලැබුණු අවස්ථාව උපරිම ලෙස පාවිච්චි කරමිනි.  හ්‍රිඩෝයි අවසන් පන්දු ඕවර දෙකේ එල්ල කළ හයේ පහර තුනකි. මුළු ඉනිමටම හයේ පහර 5කි. හතරේ පහර 3කි.  එක්දින තරගයක තාක්ෂණික රිද්මය නියම ලෙස පිටිය තුළ නිර්මාණය කළ හ්‍රිඩෝයි ඉනිමේ අවසන් පන්දුවටත් ලහිරු කුමාරට හයේ පහරක් එල්ල කළේය

අපට සිද්ධවුන දෙවැනි බිඳවැටීම පන්දු ඕවර 10 යවා ගැනීමට නොහැකි වූ ආරම්භක පන්දු යවන්නා වන ඩිල්ෂාන් මධුශංක පන්දු ඕවර 6යි පන්දු 4ක් යැවීමෙන් පසු පිටියෙන් ඉවත් විමය. අනතුරුව ප්‍රමෝද් මධුශාන් උතුර දකුණ මාරුවන විදිහට ගුටි කෑමය. ප්‍රමෝද් මධුශාන් පන්දු ඕවර 9ක් යවා ලකුණු 72ක් ලබා දුන්නේය.

බංගලි ඉනිම

බංගලාදේශ ඉනිමේ පෙර තරගයේ දී මෙන්ම ලිටොන් දාස් ලකුණු නොලබා 3 වැනි පන්දුවේ දීම දැවී යන්නේය. අනතුරුව ගොඩනැගෙන සම්බන්ධය කදිමය. දෙවැනි කඩුල්ල වෙනුවෙන් සෞම්‍යා සකාර් සහ නායක නජ්මුල් හොසෙයින් සැන්ටො අතර ලකුණු  75ක සම්බන්ධතාවයක් ගොඩනැගෙමින් තිබිය දී දිල්ශාන් මධුසංඛගේ පන්දුවකට පා ඉන්න දෙසට පනිමින් කුසල් මෙන්ඩිස් කදිම උඩපන්දුවක් රැක ගන්නේය. නජ්මුල් ඒ වනවිට ලකුණු 40ක් ලබාගෙන සිටියේය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ඉනිම ගොඩනැගීමේ දී සෞම්‍යා සකාර් පන්දු 66ක දී හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 68කි.

ඉනිම මුලුමනින්ම ගොඩනැගෙන්නේ ටොවිඩ් හ්‍රිඩෝයි ගේ පිතිකරණය වටාය. මුලින් කී ලෙස ඔහු ලකුණු 96කි.

විශිෂ්ට පන්දු යැවීමක යෙදුණු වනිදු හසරංග ලකුණු 45කට කඩුළු 04කි. ඩිල්ශාන් මධුශංක පන්දු ඕවර 6.4ක් යවා ලකුණු 30කට කඩුළු 02ක් ලබා ගත්තේය.

ලැබී ඇති ඉලක්කය ලකුණු 286කි. එය පහසු ඉලක්කයක් නොවේ. තරගයේ මුල් පන්දු ඕවර 20 ඉරණම තීරණය කරනු ඇත. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ වී මුහුණ දුන් පළමු  පන්දුවේ දීම  ලකුණු නොලබා අවිශ්ක ප්‍රනාන්දු  දැවී ගොස්ය.

තරගයකදී වරදින්නට පුුලුවන. එහෙත් වැරදි අඩුම වෙනවා නම් මරුය. සිදුකළ එක් වැරැද්දක් මේ වනවිට තරගයෙන් අඩක් අපෙන් ගලවාගෙන ඇති බැවිනි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බිත්තර ලොකු ලූණු මිල වැඩි වුවත් කෙටි කෑම මිල වැඩි කරන්නේ නෑ… බේකරි හිමියන්ගෙන් සහතිකයක්!

Next Post

සංවර්ධන කටයුතු සඳහා රජය ලබා දෙන මුදල් නිසි ලෙස වැය කරමින් එහි ප්‍රතිලාභ ජනතාවටත්, රටටත් ලබා දෙන්න! ජනපති දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ඉල්ලයි…

Related Posts

ක්‍රීඩා

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.