අමායා උඩුවැරැල්ල –
අද උදෑසන චීනයේ යැන්ජියාඕ හි ඇති වූ ගෑස් පිපිරීමකින් ගොඩනැගිලි සහ වාහන රැසකට හානි සිදු වූ බව මාධ්‍ය වාර්තා කරයි.
එරට වේලාවෙන් අද උදෑසන 7.55 ට පමණ යැන්ජියාඕ හි පැරණි නේවාසික සංකීර්ණයක බිම් මහලේ පිහිටි අවන්හලක මෙම පිපිරීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.තුවාල ලැබූවන් සංඛ්‍යාව පිළිබඳව තවමත් නිශ්චිතතොරතුරු නැතිමුත් තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ යැන්ජියාඕ හි ප්‍රාදේශීය බලධාරීන් විසින් විමර්ශන කණ්ඩායමක් එම ස්ථානයට යවා ඇති අතර මේ වන විටත් ගලවා ගැනීමේ කටයුතු සිදු කරමින් සිටින බවයි.







