අමායා උඩුවැරැල්ල –
වසර 120 කට පෙර ඔස්ට්‍රේලියාවේ වෙරළට ඔබ්බෙන් අතුරුදහන් වූ නෞකාව ක අභිරහස විසඳන්නට ගවේෂකයන් පිරිසක් සමත් ව තිබෙනවා.
SS Nemesis නම් නෞකාව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය වෙත ගල් අඟුරු ප්‍රවාහනය කරමින් සිටියදී 1904 වසරේ ජූලි මාසයේ නිව් සවුත් වේල්ස් ප්‍රදේශයේ දී දරුණු කුණාටුවකට හසු ව තිබුනා. එම අවස්ථාවේ දී නෞකාව එහි කාර්ය මණ්ඩලයේ 32 දෙනා සමඟ කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් ව තිබෙනවා.

එයින් සති කිහිපයකට පසු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සිරුරු සහ නෞකාවේ සුන්බුන් කොටස් සිඩ්නි සිට සැතපුම් 18 ක් පමණ දකුණින් ඇති ක්‍රොනුල්ලා වෙරළ තීරයේ වෙරළට (Cronulla Beach) ගසාගෙන ගොස් තිබිය දී සොයාගෙන තිබුනා. නමුත් අඩි 240ක් පමණ උස නෞකාවේ සුන්බුන් කිසිදා හමු නොවූ අතර එය ගිලුනු ස්ථානය මේ දක්වාම අභිරහසක් ව පැවතියා.

Subsea Professional Marine Services නම් දුරස්ථ සංවේද සමාගමක් මගින් පසුගියදා සාගර පතුල සෝදිසි කරද්දී අහම්බෙන් අතුරුදන් ව තිබු SS Nemesis නෞකාව සොයාගෙන තිබෙනවා. නිව් සවුත් වේල්ස් හි පරිසර සහ උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය විසින් සිඩ්නි ප්‍රදේශයේ වෙරළට ඔබ්බෙන් අඩි 525 ක පමණ සාගර පතුලේ තිබී නෞකාව සොයාගත් බව පසුගිය සති අන්තයේ දී තහවුරු කර තිබෙනවා







