වෛද්‍ය ආසිරි මුණසිංහ –
පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා තරංග ළංවෙලා.හැමෝම ලහි ලහිය තමන්ගේ නිවාසය දිනවන්න හෝ ගාලා වැඩ. අධ්‍යාපනයට අමතරව ක්‍රීඩාවටත් මේ වගේ ප්‍රමුඛතාවයක් දක්වන එක දකින්න ලැබීමත් සතුටක්. ඒ වුණත් මේ දවස්වල මේකෙ ලොකු අවදානමක් තියෙනවා… මේ දිනවල සූර්ය රශ්මය බොහොම අධිකයි. කොටින්ම කිව්වොත් හවස පහ වෙනකන් එළියට යනවා තියා එළිය දිහා බලන්නත් බැරි තත්ත්වයකුයි තියෙන්නේ.
ඉතින් මේ වගේ බොහොම අධික සූර්ය රශ්මියක් ඇති කාලයක පොඩි ළමයි එළියට බැහැලා ක්‍රීඩාවල සහ පුහුණුවීම් වල නිරත වෙනවා කියන්නේ බොහොම අනතුරුදායක දෙයක්. විශේෂයෙන්ම අපගේ ශරීරයේ තියෙන ජල ප්‍රතිශතය ඉතාමත් කෙටි කාලයක් තුළදී සම හරහා දාඩිය හැටියට වාෂ්ප වෙලා විජලන තත්ත්වයකට පත්වෙන්න පුළුවන් . මෙම හේතුව නිසා කලන්තය,හිසරදය,අධික පිපාසය සහ තාවකාලික වකුගඩු අකර්මණ්‍යතාවය ඇතිවීමේ ඉහළ සම්භාවිතාවයක් පවතින බවක් පෙනී යනවා.
එම නිසා සිදු කළ යුතු හොඳම විකල්පය වන්නේ මෙම අනතුරුදායක දැඩි සූර්ය රශ්මිය කාලය තුළ පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සව වැනි එළිමහනේ සිදුකරන ක්‍රියාකාරකම් සංවිධානය නොකිර සිටීමයි. එහෙත් අධ්‍යාපන බලධාරීන්ට මෙහි අනතුරු දායක තත්වය තේරුම් ගෙන ඇති බවක් දක්නට ලැබෙන්නේ නැති එක ලොකු කණගාටුවට කරුණක්.
එනිසා ඔබගේ දරුවා අධික සූර්ය රශ්මයෙන් සිදුවන විජලනය හෙවත් තාප ආඝාතයෙන් (heat stroke) තත්වයෙන් වැළකීම සඳහා පහත සඳහන් උපක්‍රම අනුගමනය කිරීමට ඔබේ දරුවන් පොළඹවන්න.
- හැකි තරම් සෙවණක රැඳී සිටින්න
- හැකි සෑම වෙලාවකම හිස් ආවරණයක් පළඳින්න.
- ඔබ රැඳී සිටින්නේ පාසල් පන්ති කාමරය තුළ වුවත් සෑම කාලච්ඡේදයකම අවසානයේදී පන්තිභාර ගුරුවරුන් සහ පාසල් සන්නිවේදන පද්ධති ආධාරය සෑම කාලච්ඡේදයකම වරක් ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන මෙන් ශිෂ්‍යයන්ට මතක් කර සිටිම.
- අවම වශයෙන් පැය භාගයකට වතාවක්වත් ජලය මිලි ලීටර් පනහක් හෝ එයට වැඩි ප්‍රමාණයක් පානය කරන්න.
- පිටවන මූත්‍රා ප්‍රමාණය අඩුවීමක් හෝ මූත්‍රා වර්ණයෙහි වැඩිවීමක්/ තද කහ පාටක් /මූත්‍රා දැවිල්ලක් ඇති වන්නේ නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමු වන්න..
පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා මෙම පණිවුඩය හැකිතාක් දුරට ඔබගේ මිතුරන් අතර,පාසල් දරුවන් අතර බෙදාහරින්න







