කොළඹ – දිලංගා ගෝමස්
වැල්ලවත්ත වෙරළ පාරේ පිහිටි හෝටලයකට අද (27) අලුයම 4.30 ට පමණ වෙඩි තැබීමක් සිදු කර ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.
වෙඩි තැබීමෙන් කිසිවකුටත් හානි වී නොමැත.
වැල්ලවත්ත පොලිසිය විසින් මේ පිළිබඳ වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.







