ලලිත් චාමින්ද-
ගාල්ල මහමෝදර මාතෘ රෝහල තුළදි සෑම වසරකම පාහේ වයස අවුරුදු 18ට අඩු බාලවයස්කාර දැරියන් 20ත් 25ත් අතර සංඛ්‍යාවක් දරුවන් බිහිකරණ බැව් ගාල්ල මහමෝදර මාතෘ රෝහලේ ප්‍රසව හා නාරිවේද පිළිබද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ලංකා දසනායක පවසයි.
මේසේ අඩු වයසින් ගැබ්ගෙන සිටින බාලවයස්කාර දැරියන් සඳහා අවශ්‍ය සායනික පහසුකම් මෙන්ම අනිකුත් උපදෙස් ලබාදිමට ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් කටයුතු කරණ බව ද හෙතෙම පවසයි.
අඩු වයසින් දරුවන් ප්‍රසුත කරණ බාලවයස්කාර දැරියන් වැඩි දෙනෙකු සදහා පියවරුන් සිටින බවද මහාචාර්ය ලංකා දසනායක කියයි.
සමාජ වටපිටාව, නුගත්කම, දුප්පත්කම, මව්පිය රැකවරණය නොලැබීම, ආදි හේතු නිසා බාලවයස්කාර දරුවන්ගේ ගැබ් ගැනීමේ වැඩිවීමක් දක්නට ඇති බවද මහාචාර්යවරයා පෙන්වා දෙයි.
අක්මිමන තල්ගස්යාය ශ්‍රි අශ්වත්ථාරාම විහාරස්ථ සිරි පවරකිත්ති දහම්පාසලේ වාර්ෂික ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරිමේ අවස්ථාවට එක් වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.