බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home විද්‍යා හා තාක්ෂණ

කලකට පෙර අඟහරු ජලය පිරුණු උණුසුම් සජීවී භූමියක්… අඟහරුගේ  මනරම් අතීතයේ අලුත්ම කතාව නාසා ආයතනය කියයි!

by editor
ජනවාරි 27, 2024
in විද්‍යා හා තාක්ෂණ
Share on FacebookShare on Twitter

රොයිටර් අසුරිනි –

කලෙකට පෙර  අඟහරු ග්‍රහයා මත යෝධ ද්‍රෝණියක් පිරවූ ජලයෙන් තැන්පත් වූ පැරණි විල් අවසාදිත පැවැත්ම තහවුරු කරන දත්ත NASA හි රෝවර් Perseverance විසින් රැස් කර ඇති බව සිකුරාදා සිදුකරන ලද අධ්‍යයනකයකින්  පසුව  නාසා ආයතනය නිවේදනය කළේය.  

රොබෝ රෝවරය විසින් සිදු කරන ලද පොළව විනිවිද යන රේඩාර් නිරීක්ෂණ වලින් සොයා ගෙන ඇති පරිදි   අඟහරු ග්‍රහයාගේ මතුපිට ප්‍රදේශ වරෙක ජලයෙන් වැසී තිබී අතර එහි  ක්ෂුද්‍රජීවී ජීවය පැවතිය හැකි බවට වූ න්‍යායාත්මක තහවුරු කිරීම සඳහා මින්  විශාල පිටිවහලක් ලැබී තිබේ.

නාසා ආයතනය අඟහරු ගවේෂණය සඳහා යැවු Perseverance රෝවරය..

නව පරිච්ඡේදයක් ආරම්භ කරමින්  ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ (UCLA) සහ ඔස්ලෝ විශ්ව විද්‍යාලයේ කණ්ඩායම් විසින් මෙහෙයවන ලද මෙම පර්යේෂණය, Science Advances සඟරාවේ ප්‍රකාශයට පත් කර තිබිණි.

එම පර්යේෂණයට පදනම් වූයේ 2022 මාස කිහිපයක් පුරා  මෝටර් රථ ප්‍රමාණයේ  රෝද හයක රෝවරය විසින් සිදුකරන ලද පොළොව මතුපිට ස්කෑන් කිරීම්වලදී  අඟහරු මතුපිට  කක්ෂයේ සිට ගෙතුම්, අවසාදිත වැනි ලක්ෂණ සහිත යාබද වපසරියකට ගමන් කරන  පෘථිවියේ ඇති ගංගා ඩෙල්ටාවන් වැනි  ආවාට තට්ටුවේ  නිරීක්ෂණයන්ය.

රෝවරයේ RIMFAX රේඩාර් උපකරණයෙන් නිකුත් වූ ශබ්ද මගින් විද්‍යාඥයින්ට අඩි 65 (මීටර් 20) ගැඹුරකින් යුත් පාෂාණ ස්ථරවල හරස්කඩ දර්ශනයක් ලබා ගැනීමට හැකි විය. මෙම භූගත නිරීක්ෂණය සෑබෑ ලෙසම පොලව කැණ නිරීක්ෂණය කරන හරස්කඩක් ලෙස නිරික්ෂණය කළ හැකි වූ බව එම පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කරමින්    ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ   ග්‍රහලෝක විද්‍යාඥ ඩේවිඩ් පේජ් පවසා තිබිණි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පෘථිවියේ විල්වල තිබෙන ආකාරයටම ජලයෙන් ගෙන යන පාංශු අවසාදිතයන් ජෙරේසෝ ලෙස නම් කර ඇති අඟහරු ආවාටයේ සහ එහි ඩෙල්ටාවේ හමු වී තිබේ. එවා  එම ඩෙල්ටාව පෝෂණය කරන ගංගාවක් නිසා තැන්පත් වූ බවට එම ස්තරවලින් නොවරදින සාක්ෂි සපයන බව විද්‍යාඥයෝ කීහ.

දිය සිඳුනු නිම්නය… සීතල, ශුෂ්ක, අජීවී අඟහරු වරෙක උණුසුම්, තෙත් සහ   වාසයට සුදුසු ස්ථානයක් විය.

මෙම සොයාගැනීම් මගින් පෙර අධ්‍යයනයන් දිගු කලක් තිස්සේ යෝජනා කර ඇති මතය ශක්තිමත් කර තිබිණි.

සීතල, ශුෂ්ක, අජීවී අඟහරු වරෙක උණුසුම්, තෙත් සහ   වාසයට සුදුසු ස්ථානයක් විය.

වසර බිලියන 3 කට පමණ පෙර නිර්මාණය වූවා යැයි සැලකෙන අඟහරු මතුපිට ඇති    අවසාදිතයන් – අනාගතයේදී පෘථිවියට ප්‍රවාහනය කිරීම සඳහා Perseverance රොබෝ රෝවරය විසින් එකතු කර තිබේ. එසේ එකතු කරන ලද සාම්පලවල සමීප පරීක්ෂණයක් කිරීමට විද්‍යාඥවරු  බලාපොරොත්තු වෙති.

මේ අතර, නවතම අධ්‍යයනය නම්, විද්‍යාඥයන්   භූ-ජීව විද්‍යාත්මක   පදනමක් මත සිදුකළ අඟහරු ගවේෂණය එම  ග්‍රහලෝකයේ නියම ස්ථානයේ දී ම සිදු කළ බවට පිළිගැනීමට ලක්වීමය.

2021 පෙබරවාරි මාසයේදී ගොඩබැස්වූ ස්ථානයට ආසන්න ස්ථාන හතරකදී Perseverance රෝවරය විසින් සිදුරු  කරන ලද   මූලික සාම්පල දුරස්ථ විශ්ලේෂණයෙන් අපේක්ෂා කළ   අවසාදිත ස්වභාවයට වඩා ගිනිකඳු ස්වභාවයක් ඇති පාෂාණ පිළිබඳ අනාවරණය   පර්යේෂකයන් මවිතයට පත් විය.

මේ සම්බන්ධව කළ අධ්‍යයන දෙක පරස්පර නැති බව නාසා ආයතනය කියයි. ගිනිකඳු පාෂාණ පවා ජලයට නිරාවරණය වීම හරහා වෙනස් වීමේ සලකුණු පෙන්නුම් කර තිබිණි.  2022 අගෝස්තු මාසයේදී එම සොයාගැනීම් ප්‍රකාශයට පත් කළ විද්‍යාඥයින් තර්ක කළේ අවසාදිත තැන්පතු ඛාදනය වී ඇති බවය.

ඇත්ත වශයෙන්ම, සිකුරාදා වාර්තා කරන ලද RIMFAX රේඩාර් කියවීම් ආවාටයේ බටහිර මායිමේ හඳුනාගත් අවසාදිත ස්ථර සෑදීමට පෙර සහ පසුව ඛාදනය වීමේ සලකුණු සොයා ගත් අතර, එහි සංකීර්ණ භූ විද්‍යාත්මක ඉතිහාසයක් පිළිබඳ සාක්ෂියක් බව  ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ   ග්‍රහලෝක විද්‍යාඥ ඩේවිඩ් පේජ් පැවසුවේය.

“අපි රෝවරය ගොඩබැස්වූ තැන ගිනිකඳු පාෂාණ තිබුණා,  පේජ් පැවසීය.

“මෙහි ඇති සැබෑ ප්‍රවෘත්තිය නම් අපි දැන් රෝවරය  ඩෙල්ටාවට ධාවනය කර තිබීමයි.  දැන් අපට මේ ඩෙල්ටානේ  විල් අවසාදිතයන් පිළිබඳ සාක්ෂි දක්නට ලැබෙනවා.    එය ඉතා සතුටුදායක කතාවක්…”  විද්‍යාඥ ඩේවිඩ් පේජ් කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයි.සී.සි. තහනම දින කීපයකින් ඉවත් වේවි… හරීන් විශ්වාසයෙන් කියයි!

Next Post

සෝමාලියානු මුහුදු කොල්ලකරුවෝ දික්ඕවිටින් මුහුදු ගිය ධීවරයින් 06ක් සමග ට්‍රෝලර් යාත්‍රාවක් පැහැර ගනිති..

Related Posts

විද්‍යා හා තාක්ෂණ

NASA ආයතනයෙන් සඳ මත මිනිස් ජනාවාසයක් හැදීමේ ඓතිහාසික මාර්ග සිතියම එළිදක්වයි: 2026 දී විශේෂ කාර්ගෝ මෙහෙයුම් 3ක් සඳේ දක්ෂිණ ධ්‍රැවයට!

මැයි 27, 2026
විද්‍යා හා තාක්ෂණ

චීනයේ සෙරෙස් (Seres) සමාගමෙන් මෝටර් රථ තුළටම වැසිකිළි පහසුකමක්!…

අප්‍රේල් 18, 2026
Gen-Z-Vs-Gen-Y
විද්‍යා හා තාක්ෂණ

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මිනිස්  බුද්ධිය හැකිලෙයි!  තාක්ෂණය අපව ගෙනයන්නේ කොතැනට ද?… අමෙරිකානු පර්යේෂණයකින් හෙළි කරන බිහිසුනු කතාවක්…

පෙබරවාරි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.