මනම්පිටිය නිමල් ජයරත්න –
සිවිල් ආරක්ෂක බලකායේ පොළොන්නරුව මූලස්ථාන කලාප කාර්යාලයේ නිල නිවසක දින කිහිපයක් නවාතැන් ගෙන එම බලකායට අයත් බොලරෝ රථයකින් පැමිණ වාලච්චේන ඕමනියාමඩු ප්රදේශයේ පුරාවස්තු හාරමින් සිටි පස් දෙනෙකු එම කැණීමට උපයෝගි කරගත් භාණ්ඩ රැසක් සමග අද 10 සවස විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දුන් වාලච්චෙන පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතර, බෝගම්පිටිය, අම්පාර, මැදිරිගිරිය සහ වැලිකන්ද අසේලපුර ප්රදේශයේ පදිංචි අවුරුදු 25 ත් 45 ත් යන වයසේ පසු වන්නන් බව පරීක්ෂණ පවත්වන වාලච්චේන පොලිසිය සඳහන් කරයි.
ඔවුන් සතුව තිබූ, නිදන් හෑරීමට උපයෝගි කරගත්, උදලු තුනක්, කුළු ගෙඩි තුනක්, පූජා භාණ්ඩ කිහිපයක්, යකඩ කූරු තුනක්, විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන පොලිසියට ඉදිරිපත් කර ඇති බව වාලච්චේන පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර අප කළ විමසීමකදි සඳහන් කළේය.
සැකකරුවන් සිවිල් ආරක්ෂක බලකායේ වැලිකන්ද රිදීපොකුණ මූලස්ථානයට අයත් බව කියන බොලරෝ වර්ගයේ කැබ් රථයකින් වාලච්චේන ඕමනියාමඩු ප්රදේශයේ සිද්ධිය වූ ස්ථානයට ගෙනවිත් දැමූ බවට එක් සැකකරුවකුත් පොලිසියට කරුණු ඉදිරිපත් කර ඇති බවද පරීක්ෂණ සිදුකරන වාලච්චේන
සිද්ධිය සම්බන්ධ අප එහි අණදෙන නිලධාරී ලුතින් කර්නල් ඩී,ජේ.එස්.එල්. පොන්වීරගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තමන් එවැනි සිද්ධියක් නොදන්නා බවත්, එවැනි සිද්ධිවලට තමන් සම්බන්ධ නැති බවත්ය.
සැකකරුවන් වාලච්චේන මහේස්ත්රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාලච්චේන පොලිසිය සඳහන් කරයි.







