බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තොරතුරු තාක්ෂණ සේවයටත් සියයට 18 වැට් බද්ද අය කරනවා… රාජ්‍ය ප්‍රතිපත්තියට තොරතුරු තාක්ෂණ සේවයත් යටත්! ජනපති කියයි…

by editor
දෙසැම්බර් 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රතිපත්තියක් ලෙස 18%ක වැට් බද්දක් පැනවීමට රජය තීර්ණය කර ඇති බැවින්  එය සෑම ක්ෂේත්‍රයකටම අදාළ විය යුතු බවත් තොරතුරු තාක්ෂණ සේවාවන් විෂයෙහි ද 2024 ජනාවාරි මස 01 දා සිට වැට් බද්ද ක්‍රියාත්මකවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ  තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශවල වැය ශීර්ෂය අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනු අවස්ථාවේ ඊට එක්වෙමිනි.

එහදී ජනාධිපතිවරයා මෙසේද ප්‍රකාශ  කළේය. ජනාධිපතිවරයා කීවේ තොරතුරු තාක්ෂණ විෂයට සම්බන්ධව විදෙස් මුදල් වලින් වැටුප් ලබන සෑම දෙනාගේම ආදායම ආදායම් බද්දෙන් නිදහස් කර ඇති බව සිහි කරන බවය.

එහිදී ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

අමාත්‍යාංශය විසින් මා වෙත ලබා දුන් වාර්තාවට අනුව Pickme, Uber, Daraz වැනි සේවා සපයන්නන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විෂය පථයට නොගැනෙන නිසා ඔවුන් ආදායම් බදු හෝ වැට් බද්දෙන් නිදහස් නොකළ බව දැනුම් දී තිබෙනවා.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

18%ක වැට් බද්දක් පැනවීම සම්බන්ධයෙන් මෙම සමස්ථ ක්ෂේත්‍රයටම ප්‍රශ්න ඇති වී තිබෙනවා. තොරතුරු තාක්ෂණ සේවාවන් සපයන පුද්ගලයින්ට ශ්‍රී ලංකාවෙන් පිටත විදේශ මුදල් මඟින්  ලැබෙන ගෙවීම් ආදායම් බද්දෙන් නිදහස් බව මම කියන්න කැමතියි. තොරතුරු තාක්ෂණ සේවා සැපයීම 2019 දෙසැම්බර් 31 දක්වා වැට් බද්දට යටත් වූ අතර 2020 ජනවාරි 1 වනදා සිට එය වැට් බද්දෙන් නිදහස් වුණා. නමුත් නව සංශෝධනයට අනුව තොරතුරු තාක්ෂණ සේවා සපයන්නන්  2024 ජනවාරි 1 වැනිදා සිට වැට් බදු ගෙවිය යුතුයි.

තොරතුරු තාක්ෂණ සමාගම් අපනයන ඉලක්කරගත යුතු නමුත්, එහි සේවා අපනයනය ශුන්‍ය අගයක් ගන්නා බැවින් තොරතුරු තාක්ෂණ සේවා කර්මාන්තයට බරක් නොවන පරිදි කටයුතු කිරීමට හැකියාවක් නැහැ. ඒවගේම, ඉන්දියාවේ පවා සියළුම වර්ගයේ තොරතුරු තාක්ෂණික මෘදුකාංග සැපයුම් සේවා නිෂ්පාදන සඳහා භාණ්ඩ හා සේවා බදු අනුපාතය (GST) 18% ක් ලෙස පනවා තිබෙනවා.

ප්‍රතිපත්තියක් ලෙස 18%ක වැට් බද්දක් පැනවීමට අප තීරණය කර තිබෙනවා. එය සෑම ක්ෂේත්‍රයකටම අදාළ විය යුතුයි.

මේ වන විට, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් කියනවා ඔවුන්ට ඉදිරියට යන්න පුළුවන්, අපිට යම් සහයක් ලබා දෙන්න කියලා. ඇතැමුන් ඊට විරුද්ධ වෙනවා. ඔවුන් සෑම විටම කරන්නේ විරුද්ධ වීම පමණයි.

2003 අපි ටාටා සමාගම ගෙන ඒමට සූදානම් වු විට ඔවුන් සියලුදෙනා ඊට විරුද්ධ වුණා. නමුත් ඔවුන් ආදායම් එකතු කිරීම් සහ අභ්‍යන්තර කටයුතු සේවා ඩිජිටල්කරණය කිරීම පිළිබඳ අවධානය යොමු කළයුතුයි. දැන් ඔවුන් කියනවා ඔවුන්ට එය සිදු කරන්න පුළුවන් කියලා.

දැන් අවුරුදු 20කට පසුව නැවත අධාර් (ARDAR) පද්ධතියේ වැඩ කටයුතු සිදු කරමින් පවතිනවා. අප මෙය 2015 දී ආරම්භ කළ විට ඊට විදේශීය සේවකයන් අවශ්‍යද කියා ලොකු විවාදයක් ඇතිවුණා.

ඒක තමයි ලොකුම විවාදය බවට පත් වුණේ. එසේ නොමැතිව මෙම වැඩකටයුත්ත ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව නොවෙයි. අවසානයේ විදේශීය සේවකයන් ඊට සම්බන්ධ වුණේ නැහැ. නමුත් ඒ කෑගහපු අයගෙන් බාගයක්ම දැන් රටින් පිටවෙනවා.

අපට බරපතල පිරිස් හිඟයක් තිබෙනවා. ඒ නිසා ඕනෑම සමාගමකට විදේශීය  පුද්ගලයින්  අවශ්‍ය නම්, අපි එයට ඉඩ දෙනවා. අපි තවත් පිරිස් පුහුණු කිරීමට සැලසුම් කර තිබෙනවා, නමුත් එයින් පුහුණු පිරිස් පිළිබඳ ප්‍රශ්නය විසඳන්නේ නැහැ. පළපුරුදු පිරිස් රටින් පිටව ගොස් තිබෙනවා. ඒ නිසා යම් සමාගමකට විදේශීය කාර්ය මණ්ඩලය අවශ්‍ය නම්, අපි ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබා දිය යුතුයි.

අප AI තාක්ෂණය පිළිබඳ පර්යේෂණ සඳහා පමණක් මෙවර අයවැයෙන් රුපියල් බිලියන එකහමාරක් වෙන් කර තිබෙනවා. ඒ වගේම වෙනත් තාක්ෂණික පර්යේෂණ සඳහා තවත් බිලියන 8ක්  වෙන් කර තිබෙනවා. මෙම ප්‍රතිපාදන භාවිතා කර මෙම ක්ෂේත්‍රයට ප්‍රයෝජනයක් ගැනීමට උත්සාහ කළ යුතුයි.

අප සිදු කරන්නේ පර්යේෂණවලට අවධානය යොමු කිරීම සහ පර්යේෂණ වලට උදව් කිරීමයි. මොකද ඔබ තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ විභවය දෙස බැලුවහොත්, SLASCOM පවා බිලියන 5ක් පිළිබඳව කතා කළා. නමුත් අපි තවම බිලියන දෙකහමාරකටවත් ළඟා වී නැහැ. නමුත් මම හිතන්නේ ඔවුන්ට බිලියන හතකට පමණ ළගා විය හැකියි.  ඔවුන්ට ඉදිරියට යාමට අවශ්‍ය සහාය රජය විසින් ලබා  දීමට සූදානම්.

අපි ඉතා වේගයෙන් ඩිජිටල්කරණය දෙසට ගමන් කරමින් සිටිනවා වගේම අපි ඉදිරි වසර දෙක තුන තුළ එම අරමුණු ඉටුකර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

ඔබට 18%ක වැට් බද්දක් ගෙවීමට සිදු විය හැකි නමුත් එයින් ඔබ රටේ සංවර්ධනයට දායක වෙනවා. අප කෘත්‍රීම බුද්ධිය හෙවත්  AI තාක්ෂණය පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. මොකද අප AI තාක්ෂණය සමඟ ඉදිරියට යා යුතුයි. එසේ නොමැති වුවහොත් අපට අඩු ආදායම් සහ අඩු වැටුප් සහිත නිෂ්පාදන කර්මාන්තයක් වෙනුවෙන් මියන්මාරය සමග තරග කිරීමට සිදු වෙනවා. අලුතින් ඩිජිටල් පරිවර්තන ආයතනයක් පිහිටුවීමට අප කටයුතු කරන අතර එය යම් ප්‍රතිපත්ති රාමුවක් තුළ ක්‍රියාත්මක වනු ඇතියි. නමුත් ඔවුන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය මෙන් ව්‍යාපෘති කළමනාකරණයට සම්බන්ධ වන්නේ නැහැ. මෙය වසර 10කට පෙර කළයුතුව තිබූ කටයුත්තක්.

ඒ වගේම ඩිජිටල් තාක්ෂණය සහ නවෝත්පාදන කවුන්සිලය පිහිටුවීමට අප සැලසුම් කර තිබෙනවා, එය තාක්ෂණ ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් වාණිජකරණය කිරීම පිළිබඳව සොයා බලනු ඇතියි.

මෙම කටයුතු සඳහා මෙරට ඉතිහාසයේ කිසිදා මෙවන් මුදලක් වෙන් කර නැහැ. මෙවැනි විශාල මුදලක් වෙන් කර තිබෙන්නේ පළමු වතාවට බව කිවයුතුයි.

අපි ශක්තිමත් විද්‍යාත්මක සහ තාක්ෂණික පදනමක් ඇති රටක් බවට පත්විය යුතුයි. එසේ නැතිව අපට ඉදිරියට යන්න බැහැ. කෘෂී නවීකරණ වැඩපිළිවෙළද ඊට සම්බන්ධ වෙනවා. කෘෂිකර්මාන්තය සඳහා තාක්ෂණය යොදා ගැනීම සහ ඵලදායීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ එහිදී අවධානය යොමු වෙනවා. මේ වෙන් කර ඇති මුදල් වලින් කොටසක් ඒ සඳහා ද ලබාදීමට අප අපේක්ෂා කරනවා.

අපට ඇත්තේ සීමිත භුමි ප්‍රමාණයක්. එය උපරිමයෙන් භාවිතයට ගනිමින් නිෂ්පාදන ඉහළ නංවා ගැනීම සඳහා නව තාක්ෂණය භාවිතා කළයුතුයි. මෙම කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් මෙරට  ආරම්භ කිරීමට ද අප කටයුතු කරනවා. ඊට රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද දායකත්වයක ලබා ගන්නවා.

ඒ වගේම වී ඇතුළු අනෙකුත් බෝගවල ඵලදායීතාව ඉහළ නංවා ගැනීමට අප කටයුතු කළයුතුයි. විශේෂයෙන් රබර් ගත් විට අපට එම කර්මාන්තය ආශ්‍රිතව විසඳාගත යුතු ගැටළු තිබෙනවා.

ඒ වගේම පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අප විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා ශ්‍රී ලංකාව තුළ ඉහළ විභවයක් පවතිනවා.

සුළං බලයෙන්  පමණක් ගිගාවොට් 30ක් 40ක් දක්වා විදුලිය නිෂ්පාදනය කළ හැකි බව ප්‍රකාශ කරනවා. සූර්ය බලශක්තිය මගින් ගිගාවොට් 200ක් පමණ නිෂ්පාදනය කළ හැකි බව අමාත්‍යාංශය විසින් ඇස්තමේන්තු කර ඇති අතර ශෘහස්ත සූර්ය බලශක්තිය නොමැතිව එය දෙගුණයක් වන බව අමාත්‍යවරයා මට පැවසුවා.එසේ නම් මේ සඳහා අපට ඉහළ විභවතාවක් පවතිනවා. අපට මෙම බලශක්තිය ඉන්දියාවට අළෙවි කළ හැකියි. එහිදී අප හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා  පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.

ඉංජිනේරු විද්‍යාවෙන් කිසිවෙකුට අපව පරාජය කරන්න බැහැ. අපේ රටේ පැරණි ගොඩනැගිලි ඊජිප්තුවරුන් ගොඩනැඟු ඇතැම් පිරිමීඩවලට වඩා  උසස් මට්ටමක තිබෙනවා. එදා අපේ මුතුත් මිත්තන් ගොඩනැඟු චෛත්‍ය අර්ධ රවුම් ආකාරයට නිර්මාණය කෙරුණා. එය බොහෝ අසීරු කටයුත්තක්. ඒ වගේම සීගිරිය වැනි විශිෂ්ට නිර්මාණ අපේ රටේ සිදු කෙරුණා. එම නිර්මාණ අපේ රටේ විශිෂ්ටත්වය ලෝකය හමුවට ගෙන ගොස් තිබෙනවා. එවන් විශිෂ්ඨ නිර්මාණ ඇති අනෙක් එකම රට චීනයයි. චීනය සමඟ ගත්විට අප ඉතා කුඩා රටක්.

අද (අ.පො.ස)  උසස් පෙළ විභාගය සමත්වන සිසුන් දෙස බැලූ විට දැනට පවතින විශ්වවිද්‍යාලවලට අමතරව ඔවුන් වෙනුවෙන් තවත් විශ්වවිද්‍යාල අවශ්‍ය වෙනවා. අප රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද සහාය ඇතිව එම විශ්වවිද්‍යාල ආරම්භ කරනවා. ඒ අනුව ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයට අනුබද්ධව තවත් විශ්වවිද්‍යාල දෙකක් කුරුණෑගල සහ සීතාවක ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඊට අමතරව NSBM ආයතනය රජයේ පිළිගත් විශ්වවිද්‍යාලයක් බවට පත්වනු ඇතියි. චෙන්නායි IIT හි මණ්ඩපයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට අප ඉන්දියාව සමග සාකච්ඡා කර තිබෙනවා.  එය ඉදිරියේදී ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කරනු ඇතියි. මේ විශ්වවිද්‍යාල ආරම්භ කරන්නේ  තාක්ෂණය සහ  විද්‍යාව වෙනුවෙන්. ‍

ඒ වගේම විදේශ ආධාර යටතේ තවත් විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට අප සාකච්ඡා කරනවා. මේ අන්දමින් නව විශ්වවිද්‍යාල තුන හතරක් ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඉන්දියාවෙන් ලැබෙන විශ්වවිද්‍යාලයත් සමඟ එය පහක් බවට පත්වෙනවා.මෙම විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වීම සහතික කිරීම වෙනුවෙන් අප අවශ්‍ය නීති සංශෝධනය කරනවා.

 

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට මෙන්ම විදේශීය විශ්වවිද්‍යාලවලට ඔවුන්ගේ මණ්ඩප පිහිටුවීමට අප ඉඩ ලබාදෙන අතර ඒවායේ සියලු කටයුතු තාක්ෂණය සහ කළමනාකරණය යන විෂය ක්ෂේත්‍ර  මත පදනම් විය යුතුයි. අපේ අපේක්ෂාව විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය පුළුල් කිරීමයි. මේ ආකාරයට විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ පරිවර්තනයක් සඳහා අවශ්‍ය පදනම සකස් කිරීමට අප කටයුතු කරනවා.

ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා යටතේ  ඇති කළ මහවැලි කලාපය සහ නිදහස් වෙළෙඳ කලාප දෙක මේ රටේ සිදුවූ විශාල පරිවර්තනයක් බව කිවයුතුයි. අප දැන් සිදු කිරීමට සූදානම් වන දේ ඊටත් වඩා විශාල පරිවර්තනයක් වනු ඇතැයි කියා මම විශ්වාස කරනවා. එම නිසා එය සාර්ථක කර ගැනීමට සියලුදෙනා සහාය ලබා දිය යුතුයි.

ආණ්ඩුවේ සිටියත්, විපක්ෂයේ සිටියත් මෙම කටයුතු සඳහා මා සමඟ එක්වන්න කියා මම සියලුදෙනාගෙන් ඉල්ලනවා. අපි සියලුදෙනා එක් වෙලා රට තුළ විද්‍යාත්මක සහ තාක්ෂණික විප්ලවයක් ඇති කරමු.

ඒ වගේම ආයෝජන සම්බන්ධයෙන් නීති ගෙන ඒමට අප කටයුතු කරනවා.  එළැඹෙන ජනවාරි, පෙබරවාරි මාස වන විට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය ඉවත් වී යනු ඇතියි.එම කටයුතු සඳහා ආර්ථික කොමිෂන් සභාව ප්‍රතිස්ථාපනය කෙරෙනවා. සියලු ක්ෂේත්‍රයන්හි ආයෝජන රටට ආකර්ශණය කර ගැනීම එහි අරමුණයි.

එහි කටයුතු දැන් සිදුවන අන්දමට වඩා වෙනස් ආකාරයට සිදුවනු ඇතියි.එහිදී කාර්මික ප්‍රදේශ සහ ආයෝජන කලාප වෙන් කෙරෙනවා. ඒ වගේම ආයෝජන ප්‍රවර්ධන කලාප පිහිටුවීමට ආයෝජන යටිතල පහසුකම් සංස්ථාවක් ද පිහිටවනු ලබනවා.  රජය සමග පෞද්ගලික අංශයත් ඊට සම්බන්ධ වෙනු ඇතියි. ඒ සියල්ලම පොදු සමාගම් ලෙස ලියාපදිංචි වෙනවා. ඉන් පසුව ඔවුන් ඔබට ‍සේවාව ලබාදෙයි.

යෝජිත සංස්ථාව විසින් මෙම ආයෝජන කලාප අධීක්ෂණය සහ නියාමනය කරනු ලබනවා. ඒ වගේම ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක් ද පිහිටවනු ලබන අතර එය ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරනු ඇතියි. ඒ නිසා මෙම ආයතන තුන එකිනෙකට සම්බන්ධ වෙනවා. එය තමයි විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීම සඳහා අප විසින් සකස් කර ඇති නව ආයතන ව්‍යහුය.

ඒ වගේම වරාය කොමිෂන් සභා පනතෙන් එය මූල්‍ය නගරයක් බවට පත් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. අපිට ෂර්මන් සහ ස්ටර්ලින් සමාගමෙන් ලැබුණු කෙටුම්පත තිබෙනවා. ඔවුන් එය යාවත්කාලීන කර තිබෙනවා. ඔවුන් සිදු  කරන්නේ රෙගුලාසි සකස් කිරීමයි.

එමඟින් අක්වෙරළ මූල්‍යකරණය සඳහා ප්‍රතිපාදන සලසා තිබෙනවා. රජයේ අපේක්ෂාවන් සහ ලබන වසරේ සැලසුම් කර ඇති කටයුතු ඔබට ඉදිරිපත් කිරිමට මම සිතුවා. මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ ඔබ සියලුදෙනාගේ සහයෝගය ලැබෙනු ඇතියි කියා මම විශ්වාස කරනවා.

මම එදා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස සිටියදී  ප්‍රේමදාස ජනාධිපතිවරයා මගෙන් විමසුවා “ඔබ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය භාර නොගන්නේ ඇයි” කියා. මම කිව්වා “ජනාධිපතිතුමනි, මම නීතිඥයෙක්, මම විද්‍යාඥයෙක් නෙවෙයි” කියලා. ඔහු කිව්වා  මම කියන දේ අහලා  ඔබ එම අමාත්‍යාංශය භාරගන්න” කියලා. මට එදා එම අමාත්‍යාංශය තුළ බොහෝ වැඩ කිරීමට හැකි වුණා. ඒ වගේම මට නැවත එම අමාත්‍යාංශයේම වැඩ කරන්න අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කන්දකාඩු සිද්ධිය ගැන නිසි විමර්ශනයක් පවත්වා ඊට නිලධාරීන් සම්බන්ධනම් දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා… පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්!

Next Post

 හරීන්  අර්ජුනගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කරයි…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.