ක්‍රීඩා අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයේ දී හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන්ට කතා කිරීමට අවස්ථාවක් ලබා නොදීම සම්බන්ධව රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් තමන්ට කතා කරන්නට අවස්ථාවක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 220කට ආසන්න පිරිසෙන් ඉල්ලා සිටියේය.
ඔහු කීවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට අවස්ථා තුනක දි දුරකථන ඇමතුම් දී වෙලාව ඉල්ලා සිටියත් එය ලබා දුන්නේ නැති බවය.
“ තුන් පාරක් ඉල්ලා තිබුණත් මට වෙලාවක් ලබා දීලා නෑ. මේක මොන බලපෑමක් ද?. කොහොම කාට කඩේ යනව ද?. කාට එහෙයි එහෙයි කියනව ද?.”
“මම ඉල්ලනවා මෙතන දි අද දිනයේ කතා කරන්න අවස්ථාවක් දෙන්න. සමාන්‍ය සදාචාරයක් පාර්ලිමේන්තුවේ. මෙහෙම විවාදයක දි හිටපු ඇමතිවරුන්ගෙන් අහලා තමයි කතා දෙන්නේ.”
“මම ඉල්ලනවා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු 220කට ආසන්න පිරිසෙන් මට අවස්ථාවක් දෙන්න කියලා කතා කරන්න. මේක බොහොම කැතයි.”
මේ අවස්ථාවේදී විපක්ෂ නායකවරයා කීවේ රජය පාර්ශවයෙන් ඉඩ නොලැබුනොත් විපක්ෂයෙන් රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාට වෙලාව ලබා දෙන බවය.
කතානායකවරයා රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාට කතා කිරීමට අවස්ථාව ලබා දෙන බව පොරොන්දු වූයේය. ඉන් අනතුරු ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු විසින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ඔහුගේ වේලාවෙන් විනාඩි 10ක කාලයක් රොෂාන් රණසිංහ වෙත ලබාදෙන බව කථානායකවරයාට දැනුම් දුන්නේය.
විජයදාස රාජපක්ෂ ඇමතිවරයා සිය කාලයෙන් විනාඩි 9ක් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට ලබාදීමට කටයුතු කළේය.







