බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාගලට බැනල පැය 03න් ඇමති ධූර අහිමි කරගත් රොෂාන් රණසිංහ කවුද? … බීබීසී කියන කතාව!

by editor
නොවැම්බර් 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන සාගල රත්නායක සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ ඊයේ (නොවැම්බර් 27) පාර්ලිමේන්තුව හමුවේ කළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් රටේ වැඩි අවධානයක් යොමු විය.

එම ප්‍රකාශය කර පැය 3ක් ගතවීමටත් පෙර ඔහු ධුරය දරමින් සිටි ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග යන අමාත්‍ය ධුරයන්ගෙන් රොෂාන් රණසිංහ ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

ඒ අනුව පසුගිය වසරක පමණ කාලයක් පුරා උණුසුම් පුවත් මවමින් ක්‍රීඩා ක්ෂේත්‍රය සමග බැඳුණු සිදුවීම් ගණනාවකට කතා නායකයා වූ හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහගේ දේශපාලන ඉතිහාසය පිළිබඳව බීබීසි සිංහල සේවය සොයා බැලීමක් කළේය.

කවුද මේ රොෂාන් රණසිංහ ?

අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන් 1975 වර්ෂයේ ඔක්තෝම්බර් මස 24 වෙනිදා උපත ලබා ඇත.

පොලොන්නරුව රාජකීය විදුහලෙන් අධ්‍යාපනය හදාරා ඇති ඔහු පසුව ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධයෙන් ඩිප්ලෝමාවක් හැදෑරීම සඳහා 1993 වර්ෂයේදී ජපානය බලා ගොස් තිබේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

එලෙස ජපානය බලා ගිය රොෂාන් රණසිංහ කලක් එහි රැකියාවක නිරත වීමෙන් අනතුරුව තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

නිව් යුරෝනිපොන් ඉන්ටර්නැෂනල් (ප්‍රයිවට්) ලිමිටඩ් නමින් 2005 වර්ෂයේදී ලියාපදිංචි කරන ලද එම සමාගම යටතේ හිටපු අමාත්‍යවරයා වාහන අමතර කොටස් සහ වාහන අලෙවි ව්‍යාපාරය ආරම්භ කරනු ලැබිය.

මෙම ආයතනයට අනුබද්ධිත ශාඛා වාද්දුව, පානදුර, දඹුල්ල, මාතර, වැලිසර, පොතුහැර සහ අම්පාර යන ප්‍රදේශවල පිහිටා තිබේ.

එමෙන්ම එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ ජපානයේ ද යුරෝනිපොන් සමාගමේ ශාඛා ඇත. විවාහකයකු වන හිටපු අමාත්‍යවරයාට දරුවන් දෙදෙනකු ද වේ.

රොෂන් රණසිංහ සාගල රත්නායකව හමුවූ මොහොතක්…

රොෂාන් රණසිංහ ගේ දේශපාලන ගමන් මග

ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කළ රොෂාන් රණසිංහගේ දේශපාලන ගමනේ මුල් ගුරුවරයා වන්නේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් 2010 වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කය වෙනුවෙන් තරග කරනු ලැබු රොෂාන් රණසිංහ පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ මනාප ජන්ද 56,223ක් හිමිකර ගනිමිනි.

කෙසේවුවද 2015 වර්ෂයේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත් වීම හේතුවෙන් රොෂාන් රණසිංහ සිය සහයෝගය එවකට ජනාධිපති ධුරය සඳහා තරග කළ මහින්ද රාජපක්ෂ වෙත ලබා දීමට තීරණය කරන ලදී.

එම ජනාධිපතිවරණයෙන් පසුව 2015 වසරේ පැවති මහ මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු රොෂාන් රණසිංහ එවර පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ මනාප ජන්ද 76,825 ක් හිමිකර ගනිමිනි.

2019 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ගේ ජයග්‍රහණය උදෙසා රොෂාන් රණසිංහ කැපවී කටයුතු කළේය.

2019 වසරේදී පැවති ජනාධිපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රොෂාන් රණසිංහ පත් කරනු ලැබීය.

2020 වසරේ පැවති මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් තරග වදින රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා මනාප ඡන්ද 90,615ක් හිමිකර ගනු ලැබුවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දෙවැනි ස්ථානයට පත්වෙමිනි.

එම මැතිවරණයේ දී ඔහුගේ දේශපාලන ගුරුවරයා වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මනාප ඡන්ද 111,137ක් ලබාගනිමින් දිස්ත්‍රික්කයේ පළමු ස්ථානයට පත්විය.

 Roshan-Ranasinghe
රොෂාන් රණසිංහ

ඇවිදින මංතීරුව නිසා උණුසුම් වූ පොළොන්නරුව

2019 වසරේදී මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් වූ ඔහු 2020 වසරේ අගෝස්තු මස 12 වෙනිදා ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් සහ දේපල සංවර්ධන පිලිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්   දිවුරුම් දෙනු ලැබිය.

එවකට පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය වටා ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය 2021 වසරේදී ගත් තීරණයට එරෙහිව මහා සංඝරත්නය ප්‍රමුඛ ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධයක් එල්ල විය.

කෙසේ වුවද මහා සංඝරත්නය සහ ගොවි සංවිධානවල අනුමැතිය ලබා ගෙන පරාක්‍රම සමුද්‍රය වටා ඇවිදින මංතීරුව ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ වරක් ප්‍රකාශ කළේය.

මෙම සිද්ධිය සමග රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ ප්‍රදේශයේ රජය නියෝජනය කරනු ලබන දේශපාලඥයින්ට ප්‍රබල විරෝධයක් එල්ල විය.

මෙම විරෝධතාව හේතුවෙන් පරාක්‍රම සමුද්‍රය වටා ඇවිදින මංතීරුව ඉදිකිරීමේ ව්‍යපෘතිය අත්හිටුවීමට රජය තීරණය කරන ලදී.

කැබිනට් අමාත්‍ය ධුරයක් දක්වා

මේ අතර 2022 වසරේ දී රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයාට කැබිනට් අමාත්‍ය පදවියක් හිමිවිය.

වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස ඔහු එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

ආර්ථික අර්බුදය හමුවේ පැන නැගුණු මහජන විරෝධය උග්‍ර වීම හේතුවෙන් රටින් පලා ගොස් තමා ධුරයෙන් ඉවත්වන බව එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් කොට තිබු රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු බහුතර ඡන්දයෙන් නව ජනාධිපතිවරයා බවට පත්විය.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කැබිනට් මණ්ඩලයේ දී රොෂාන් රණසිංහට ඔහු ඊට පෙර දරනු ලැබූ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධූරය සහ වාරිමාර්ග ‍අමාත්‍ය ධුරය හිමිවිය.

කතාබහට ලක්වූ ක්‍රීඩා අමාත්‍ය ධූරය

ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ඔහු විසින් ගනු ලැබූ තීරණ සමාජයේ නිරන්තර අවධානයට පාත්‍ර විය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හා ශ්‍රී ලංකා කරාටේ සම්මේලනය තහනම් කිරීමට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කිරීමට කටයුතු කිරීම වැනි තීරණ නිසා රොෂාන් රණසිංහ අමාත්‍යවරයාගේ භූමිකාව ආන්දෝලනාත්මක එකක් විය.

පසුගිය සති කිහිපය පුරා ඔහු දේශපාලන පිටියත්,මාධ්‍ය ලෝකයත් නිරන්තරයෙන් උණුසුම් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සමග වර්ධනය වී තිබු ගැටුම්කාරී තත්ත්වය හේතුවෙනි. එය එතනින් නොනැවතී මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ගයක් දක්වාත් ඊයේ දිනයේ දී ඔහුගේ අමාත්‍ය ධුරය අහිමිවීම දක්වාත් දිග්ගැසී තිබේ.

Ranil
සාගල රත්නායක කවුදැයි අසා පාය තුනකින් රොෂන් රණසිංහ කැබින්ටුවෙන් පළවා හැරීමට ජනපති කටයුතු කළේය…

ICC තහනමට පෙර සිදු වූයේ කුමක්ද?

දිගින් දිගටම ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන සාගල රත්නායක වෙත දෝෂා රෝපණ එල්ල කළ ඔහු ඊයේ දිනයේ (නොවැම්බර් 27) අවසාන වරට පාර්ලිමේන්තුව හමුවේ කළ කතාවේදී ජනාධිපතිවරයා ‘තමන්ව කොටු කිරීමට සැලසුම් කරන බවට’ ප්‍රකාශ කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ “මගේ ජීවිතය නැතිවෙන්න පුළුවන්. මාව මහමග මරලා දාන්න පුළුවන්. ඒක අදද, හෙටද අනිද්දාද කියලා දන්නේ නැහැ. ඒකට ජනාධිපතිවරයාත්, සාගල රත්නායකත් ඉදලා ඒකට වගකියන්න වෙයි.”යනුවෙනි.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේදී සිදුකළ එම ප්‍රකාශයෙන් පැය කිහිපයක් ඇතුළත ජනාධිපතිවරයා විසින් ඔහුගේ අමාත්‍ය ධුර වලින් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ ඉවත් කරනු ලැබීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තව අවුරුදු 07ක් තුළ ඉංග්‍රීසි භාෂාව ප්‍රධාන අධ්‍යාපන මාධ්‍ය කරගත් විශාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්… ජනපති කියයි!

Next Post

හෙට සිට යළිත් දෙගොඩතලා යන මහ වරුසාවක්…! කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.