විදේශ මුදල් ව්‍යාපෘති 179න් සාධනීය මට්ටමක පවතින්නේ ව්‍යාපෘති 31 පමණක් බව ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හෙළි කරයි.
මෙම ව්‍යාපෘති 179හි ප්‍රගතිය ගැන වාර්තාවක් ඉක්මනින් ලබාදෙන ලෙසට කාරක ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හට කරාක සභාව විසින් දන්වා ඇත.
ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (21) රැස් වූ අවස්ථාවේදී මේ බව අනාවරණය වී ඇත.
විදේශ අරමුදල් සපයනු ලබන ආයතන වලින් විදේශ මුදල් ව්‍යාපෘති සඳහා ආසන්න වශයෙන් රු. ට්‍රිලියන 2.6 මුදලක් ලැබී ඇති බවට මෙහිදී අනාවරණය වී ඇත.
මෙම ව්‍යාපෘති තුළින් අපේක්ෂිත අරමුණු ඉටුකර නොගන්නා බවත්, රටේ විදේශ ණය සිඝ්‍රයෙන් ඉහළ යන බවත් කාරක සභාව පෙන්වා දී ඇත.
අදාළ අමාත්‍යංශවල, එහි ක්‍රියාත්මක ආයතනමෙන්ම මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවා ඇති ව්‍යාපෘති අධීක්ෂණ ඒකකවල දුර්වලතාවයන් මේ සඳහා හේතු වී ඇති බව කරක සහව මෙහදී අවධාරණය කරන ලදී.
මෙම ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂන රාජකරුණා, සුදත් මංජුල, නිපුණ රණවක, ගුණතිලක රාජපක්ෂ යන කාරක සභා මන්ත්‍රීවරුන් මෙන්ම, කාරක සභා සභාපතිවරයාගේ අවසරය මත ගාමිණී වලේබොඩ, නීතිඥ වසන්ත යාපාබණ්ඩාර යන මන්ත්‍රීවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.