අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තමන්ට එරෙහි නඩු තීන්දුවක් ක්‍රියාත්මක නොකරන්නැයි දුම්කොල සමාගම නීතිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලලා…

by editor
නොවැම්බර් 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • නීති විරෝධී ඩන්හිල් සිගරට්ටුව තහනම් කළ අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම වලක්වන ලෙස දුම්කොල සමාගම නීතිපතිවරයාගෙන් ලිඛිතව කළ ඉල්ලීමක් එළියට!

ලංකා දුම්කොල සමාගම විසින් හඳුන්වා දුන් නීති විරෝධී රසගන්වන ලද ඩන්හිල් සිගරට්ටුවට  එරෙහිව පසුගිය 17 වැනිදා අභියාචනාධිකරණය විසින් ලබා දුන්  තීන්දුව ක්‍රියාත්මක කිරීම වලක්වන ලෙස  දුම්කොල සමාගම නීතිපතිවරයාගෙන්  ලිඛිතව ඉල්ලා තිබේ.

දුම්කොල සමාගම වෙනුවෙන් පෙනී සිටින සුදත් පෙරේරා ඇසෝසියේට් නීතිඥ සමාගම නීතිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින්නේ මෙම තීන්දුව අභියෝගයට ලක් කරමින් සිය සේවා දායකයා ශ්‍රේෂ්ඨාධිකරණයට යන තුරු අභියාචනාධිකරණයෙන් ලබා දුන් තීන්දුව අනුව  දුම්කොල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් එම නිශ්පාදන අලෙවි කරන්නන් සොයමින් කරන වැටලීම් නවත්වන්නට නියෝග කරන ලෙසය.

අභියාචනාධිකරණයෙන් ලබා දුන් තීන්දුවට හේතුවන ඉතිහාස කතාව මෙසේය.

ඩන්හිල් ස්විච්, ඩන්හිල් ඩබල් කැප්සියුල්, ජෝන් ප්ලේයර් ගෝල්ඩ් ෆ්‍රෝ කූල්  නැමැති  සිගරට් වර්ග තුන  දුම්කොල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය 2016.09.01 දිනැති අංක 1982/33  දරන අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාරව නෛතිකව  ප්‍රශ්න කර තිබිණි.

එහිදී ප්‍රධාන වශයෙන්ම  රස ගන්නවන ලද ඩන්හිල් සිරගරැට්ටුව අලෙවියට  එරෙහිව මාතර අනුරාධපුර කොළඹ දිස්ත්‍රික්කවල නඩු පැවරූ අතර  එම නඩු  විමසූ මහාධිකරණය  මේ රස ගන්වන ලද සිගරට් අලෙවිය    තහනම් කරනු ලැබුවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එම තීන්දුව අභියෝගයට ලක් කරමින් දුම්කොල සමාගම අභියාචනාධිකරණයට නඩුවක් ගොනු කළේය.  පසුගිය  නඩු කටයුතු  සැලකිල්ලට ගෙන සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු  අභියාචනාධිකරණය විසින් 2023.11.17 දින  මීට අදාලව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පහළ උසාවියෙන් ලබා දුන් තීන්දුව අනුමත කළේය.

දුම්කොල සමාගම වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සමාගම නීතිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින්නේ තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් මෙම අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව තහනමක් ගන්නා තෙක් එම අධිකරණ නියෝගය ක්‍රියාත්මක වීම වලක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙසය.

සිගරට් විකිණීමෙන් රජයට ලැබෙන සියයට 65ක බදු අදායම අහිමිවීම මේ අවස්ථාවේ රටේ ආර්ථිකයට බරපතල ප්‍රශ්නයක් ඇති කර ඇති නිසා මෙම නියෝගය නිකුත් කිරීම සාධාරණ බව ද දුම්කොල සමාගමේ නීතිඥවරු නීතිපතිවරයාට යෝජනා කරති.

මේ අතර පසුගිය 21 දා අඟහරුවාදා මෙම නඩු තීන්දුව ගැන පාර්ලිමේන්තුවේ දී ද කතා විය.

අභියාචනාධිකරණය දුම්කොල සමාගමට එරෙහිව පසුගිය 17 වැනිදා ලබා දුන් අධිකරණ තීන්දුව අධිකරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙහි පළ නොවීම සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී අධිකරණ ඇමතිවරයාගෙන් විමසුවේය. විපක්ෂ නායකවරයා පැවසුවේ මෙම තීන්දුව ජනතාව අතරට යෑම නැවතී ඇති ආකාරය සැකයක් උපදවන බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු තුනකට පසු කාසල්රී වාන් දමයි… විමලසුරේන්ද්‍ර ජලාශයත් පිටාර ගලයි!  

Next Post

රාජපක්ෂලාට ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් ගැන අධිකරණ ඇමති කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.