බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home විද්‍යා හා තාක්ෂණ

ශුක්‍රාණු ඩිම්බ හෝ ගර්භාෂ බිත්තියක් නැතිව “මිනිස් කළලයක් ” නිර්මාණය කළ පුදුම හිතෙන පර්යේෂණය!

by editor
ඔක්තෝබර් 27, 2023
in විද්‍යා හා තාක්ෂණ
Share on FacebookShare on Twitter

බීබිසී –

ශුක්‍රාණු, ඩිම්බ හෝ ගර්භාෂයක් භාවිතා නොකරම, මුල් අවධියේ පවතින මිනිස් කළලයකට ඉතා සමාන වස්තුවක් නිර්මාණය කිරීමට විද්‍යාඥයින් සමත්ව තිබේ.

මූලික සෛල (ස්ටෙම් සෛල) යොදාගනිමින් නිර්මාණය කළ මේ “කළල ආදර්ශය”, දින 14ක් වයසැති මිනිස් කළලයකට මුළුමනින්ම සමානබව, වයිට්ස්මාන් ආයතනයේ විද්‍යාඥ කණ්ඩායම පවසයි.

පර්යේෂණාගාරයේ දී, ගර්භණීබව සඳහා වන පරීක්ෂණයක (ප්‍රෙග්නන්සි ටෙස්ට්) ධනාත්මක ප්‍රතිඵල (පොසිටිව්) පෙන්නුම් කරන හෝමෝන පවා ඉන් නිකුත්වී ඇත.

කළල ආදර්ශ තැනීමේ අභිලාෂය වන්නේ, අපෙ ජීවිතයේ මුල්ම අවස්ථාවන් පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා සදාචාරාත්මක මාර්ගයක් සැපයීම ය.

ශුක්‍රාණුවක් විසින් ඩිම්බයක් සංසේචනයවීමෙන් පසු උදාවන පළමු සති කීපය නාට්‍යාකාර වෙනස්කම් සිදුවන අවධියකි – මෙසමයේ දී, නොපැහැදිලි සෛල එකතුවක් ඉන් ටික කලකට පසු ස්කෑන් එකක් හරහා හඳුනාගත හැකි යමක්බවට වර්ධනය වෙයි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

මෙම තීරණාත්මක කාලයේ දී ගබ්සාවන් හා උපත් ආබාධ ඇතිවීම අති සුලබ නමුත්, ඒ ගැන අපට ඇති අවබෝධය අල්ප ය.

“ඒක හරියට කළු පෙට්ටියක් වගේ. මේක මේ කියනවට කියන කතාවක් නෙවේ – [මේ කාලය ගැන] අපේ දැනුම ඉතාම සීමිත යි,” වයිට්ස්මාන් ආයතනයේ මහාචාර්ය යාකුබ් හනා අප හා පවසයි.

ආරම්භක අමුද්‍රව්‍ය

කළල පර්යේෂණ නීතිමය, සදාචාරාත්මක හා තාක්ෂණික වශයෙන් ගැටලුකාරී ය. නමුත් දැන්, ස්වභාවික කළල වර්ධනය අනුකරණය කරන ක්ෂේත්‍රයක් සීඝ්‍රයෙන් වර්ධනයවෙමින් පවතියි.

නේචර් ජර්නලයේ පළකෙරුණු මේ පර්යේෂණය, මුල් අවධියේ කළලයක මතුවන ප්‍රධාන ව්‍යුහයන් සියල්ල අනුකරණය කරන පළමු “පූර්ණ” කළල ආදර්ශය ලෙස, පර්යේෂණය සිදුකළ ඊශ්‍රායල කණ්ඩායම විසින් විස්තර කෙරුණි.

“මේක ඇත්තෙන්ම දවස් 14ක මිනිස් කළලයකට මුළුමනින්ම සමානැ,”යි පවසන මහාචාර්ය හනා, මෙවැන්නක් “මීට කලින් සිදුකරලා නැහැ,”යි ද පැවසීය.

ශුක්‍රාණුවක් හා ඩිම්බයක් වෙනුවට මෙහි ආරම්භක අමුද්‍රව්‍යයන් වූයේ, ශරීරයේ ඕනෑම ආකාරයක පටකයක්බවට වර්ධනයවීමේ හැකියාව ලැබෙන ලෙස යළි සකසන ලද එක් මූලික සෛල වර්ගයක් (naive stem cell නම් වර්ගය) ය.

අනතුරුව, මෙම මූලික සෛල මුල් අවධියේ මිනිස් කළලයකින් හමුවන සෛල වර්ග හතරක්බවට හැරෙණු පිණිස ‘තල්ලුවක්’ ලෙස රසායනික ද්‍රව්‍ය යොදනු ලැබුණි:

  • අපිබ්ලාස්ට සෛල – කළලයබවට වර්ධනය වෙයි
  • පෝෂබ්ලාස්ට සෛල – වැදෑමහබවට වර්ධනය වෙයි
  • අධෝබ්ලාස්ට සෛල – බීජාණු මඩියබවට (yolk sac) වර්ධනය වෙයි
  • බහිර්කකලාවර මධ්‍යචර්ම සෛල

මේ සෛලවලින් 120ක් නිශ්චිත අනුපාතයකට අනුව මිශ්‍රකළ විද්‍යාඥයින්, අනතුරුව එය නිරීක්ෂණය කළේ ය.

එම මිශ්‍රණයෙන් 1%ක පමණ ප්‍රමාණයක්, මිනිස් කළලයකට සමාන නමුත් සර්වසම නොවන ව්‍යුහයක්බවට ස්වයංසිද්ධව එකලස්වීමේ ගමනක් ආරම්භ කළේ ය.

“මම මේ සෛලවලට ලොකු ගෞරවයක් දෙන්න ඕන – අපි නියමාකාර මිශ්‍රණය යි, නියමාකාර පරිසරය යි ලබා දුන්නම [ඒ ක්‍රියාවලිය] ඉබේම ඇරඹෙනවා,” මහාචාර්ය හනා පවසයි. “ඒක පුදුමාකාර සංසිද්ධියක්.”

අනතුරුව, සංසේචනයෙන් පසු දින 14ක් ගතවූ කළලයකට සැසඳිය හැකිවන තෙක් මේ කළල ආදර්ශයන්ට හැදීමට සහ වැඩීමට ඉඩ ලබාදුනි. බොහෝ රටවල සාමාන්‍ය කළල පර්යේෂණ සඳහා පනවා ඇති නීතිමය සීමාව මෙය යි.

මෙම ලිපිය සඳහා විඩියෝ ඇමතුම ලබා ගත්තේ රෑ මැදියමේ වුව ද, කළල ආදර්ශයේ “විශිෂ්ට අන්දමේ සියුම් නිර්මාණ ශිල්පය” පිළිබඳ ත්‍රිමාණ පැහැදිලි කිරීමක් මට ලබාදුන් මහාචාර්ය හනාගේ හඬේ වූ උනන්දුව මට ඇසුණි.

සාමාන්‍යයෙන් වැදෑමහබවට වර්ධනය වන පෝෂබ්ලාස්ටය කළලය ආවරණය කරමින් පිහිටා තිබෙණු මම දුටිමි. එහි, ‘lacuna’ යනුවෙන් හැඳින්වෙන කුහර ද අඩංගු විය. මේවා, කළලය වෙත පෝෂ්‍ය පදාර්ථ ලබාදෙනු පිණිස මවගේ රුධිරයෙන් පිරෙයි.

එහි, අක්මාවක හා වකුගඩුවල ඇතැම් කාර්යයන් ඉටුකරන බීජාණු මඩිය (පෙකණි ආශයිකාව) ද, මේ අදියරේ කළල වර්ධනයෙහි ප්‍රධාන ලක්ෂණයක් වන බයිලැමිනා කළල මඬල ද පෙනෙන්නට තිබුණි.

මිනිස් සිරුරේ වර්ධනය ගැන අධ්‍යයනය

වෙනස් වර්ගවල සෛල ඇතිවන්නේ කෙසේදැ යි පැහැදිලි කිරීමට, සිරුරේ ඉන්ද්‍රියන් වර්ධනයවීමේ මූලික පියවර දැකීමට හා ජානමය රෝග (ආරයෙන් වැළඳෙන රෝග) ගැන වඩාත් හොඳ අවබෝධයක් ලබාගැනීමට මෙවැනි කළල ආදර්ශයන් උපකාරී වනු ඇති ය යන්න මෙහි අපේක්ෂාව යි.

 

මුල් වැදෑමහ සෛලවලට කළලය වට කරන්නට නොහැකි නම්, කළලයේ අනෙක් කොටස් නිර්මාණය නොවනබව දැනටමත් අධ්‍යයන විසින් පෙන්වා දී තිබේ.

මේ තාක්ෂණය යොදාගනිමින්, නාලස්ථ සංසේචනයේ දී (IVF) ඇතැම් කළල සාර්ථක නොවන්නේ මන්දැයි අවබෝධකර ගැනීමට උපකාරවීමෙන් IVFහි සාර්ථකත්ව අනුපාත වැඩිදියුණු කිරීම ද, යම් ඖෂධයක් ගර්භණී සමයේ දී ලබාගැනීමට තරම් ආරක්‍ෂිත ද යන්න පරීක්ෂා කිරීම ද සම්බන්ධයෙන් කතාබහක් ඇතිවී තිබේ.

ෆ්‍රැන්සිස් ක්‍රික් ආයතනයේ කළල වර්ධනය පිළිබඳ පර්යේෂණයන්හි යෙදෙන මහාචාර්ය රොබින් ලවෙල් බැජ්, මේ කළල ආදර්ශ “ඇත්තෙන්ම හොඳයි වගෙ පේනවා”යි ද, “ඇත්තටම සාමාන්‍ය යි වගේ පේනවා”යි ද මා සමග පවසයි.

“මං හිතන්නෙ මේක හොඳ යි, මේක ඉතා හොඳින් කරලා තියෙනව කියලා මං හිතනවා, මේකෙ හැම දෙයක්ම පැහැදිලියි වගේම, මම ඇත්තෙන්ම බොහොම පැහැදීමෙන් ඉන්නේ මේ ගැන,” ඔහු පවසයි.

නමුත්, වත්මන පවතින 99%ක අසාර්ථකවීමේ ප්‍රතිශතය වැඩි දියුණු කළ යුතුබව ද ඔහු පවසයි. බොහෝ අවස්ථාවන්හි දී ස්වයංසිද්ධව එකලස්වීමට කළල ආදර්ශය අපොහොසත් වුවවොත්, ගබ්සාවක දී හෝ වඳභාවයේ දී සිදුවන්නේ කුමක්දැ යි අවබෝධකර ගැනීම ද අපහසුවනු ඇත.

නීතිමය සීමා

කළල වර්ධනයට දින 14න් පසු සිදුවන විකසනය අනුකරණය කිරීමට හැකි ද යන ප්‍රශ්නය ද මෙම පර්යේෂණ අළලා මතුවෙයි.

කළල ආදර්ශයන්  කළලවලට වඩා පැහැදිලිව වෙනස් බැවින්, මෙය නීතිවිරෝධී නොවනු ඇත.

“සමහරු මේක කැමැත්තෙන් පිළිගනීවි – නමුත් සමහරු අකමැති වේවි,” මහාචාර්ය ලවෙල්-බැජ් පවසයි.

මේ කළල ආදර්ශයන් සැබෑ කළලයන්ට සමානකම් දැක්වීම වැඩිවන තරමට, ඒවා නිසා මතුවෙන සදාචාරාත්මක ගැටළු ද වැඩිවෙයි.

ඒවා සත්‍ය මිනිස් කළල නොව කළල ආදර්ශයන් වුව ද, සැබෑ කළලවලට බෙහෙවින් සමාන ය.

“ඉතින් අපි ඒවා සාමාන්‍ය මිනිස් කළල නියාමනය කරන විදියටම නියාමනය කරනවද, නැත්නම් ඒවා භාවිතා කරන විදිය ගැන ඊට වඩා පොඩ්ඩක් නම්‍යශීලී වෙනවද?”

පොම්පෙවු ෆාබ්‍රා විශ්වවිද්‍යාලයයේ පර්යේෂණ සහ සෞඛ්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අල්ෆොන්සෝ මාටිනස් ආරියස්, එය “ඉතාම වැදගත් පර්යේෂණ කොටසක්” ලෙස හැඳින්වීය.

විද්‍යාගාරයක් තුළ දී, “මේ වැඩ කටයුතු නිසා පළමු වතාවට මූලික සෛලවලින් [මිනිස් කළලයක] සම්පූර්ණ ව්‍යුහයක් හදාගන්න පුළුවන්වෙලා තියෙනවා,”යි පැවසූ ඔහු, “ඒ නිසා මිනිස් සිරුරේ සැකැස්ම වර්ධනය වෙන්න මඟ පාදන සිදුවීම් අධ්‍යයනය කරන්න දොර විවර වෙලා තියෙනවායැ,”යි ප්‍රකාශ කළේ ය.

මේ කළල ආදර්ශ යොදාගෙන ගර්භණීබවට පත්වීම සදාචාර විරෝධී, නීති විරෝධී සහ ඇත්තෙන්ම සිදුකළ නොහැක්කක්බව පර්යේෂකයෝ අවධාරණයකොට පවසති. සෛල 120ක් එකලස් කිරීම, කළලයකට ගර්භාෂ බිත්තියට සාර්ථකව අධිරෝපණය විය හැකි සීමාවෙන් ඔබ්බට යයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලංසා එක්ක කුඩු ගංජා ගැන විවාද කරන්න නාමල්ට දැනුම මදි… සනත් නිශාන්ත කියයි

Next Post

තමා රටේ නැති අතරේ ගුරු විදුහල්පතිවරුන්ට මුහුණ දීමට සිදුවූ සිද්ධියෙන් අගතියට පත් සියලු දෙනාට අධ්‍යාපන ඇමති කනගාටුව පල කරයි…

Related Posts

විද්‍යා හා තාක්ෂණ

NASA ආයතනයෙන් සඳ මත මිනිස් ජනාවාසයක් හැදීමේ ඓතිහාසික මාර්ග සිතියම එළිදක්වයි: 2026 දී විශේෂ කාර්ගෝ මෙහෙයුම් 3ක් සඳේ දක්ෂිණ ධ්‍රැවයට!

මැයි 27, 2026
විද්‍යා හා තාක්ෂණ

චීනයේ සෙරෙස් (Seres) සමාගමෙන් මෝටර් රථ තුළටම වැසිකිළි පහසුකමක්!…

අප්‍රේල් 18, 2026
Gen-Z-Vs-Gen-Y
විද්‍යා හා තාක්ෂණ

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මිනිස්  බුද්ධිය හැකිලෙයි!  තාක්ෂණය අපව ගෙනයන්නේ කොතැනට ද?… අමෙරිකානු පර්යේෂණයකින් හෙළි කරන බිහිසුනු කතාවක්…

පෙබරවාරි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.