පිටකොටුව ප්‍රදේශයේ අද ඇති වූ ගින්නෙන් පිළිස්සුම් තුවාල ලැබූ පුද්ගලයින් 17 දෙනෙකු කොළඹ මහ රෝහලට ඇතුළත් කර ඇත.
තුවාල ලැබූවන්ගෙන් හය දෙනෙකුගේ තත්ත්වය බරපතල බව කොළඹ මහ රෝහලේ ආරංචි මාර්ග සඳහන් කළේය.
කොළඹ, පිටකොටුව 2 වන හරස් වීදියේ පිහිටි රෙදිපිළි අලෙවිසැලක අද අලුයම මෙම ගින්න හටගෙන තිබිණි.
ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවන බලකායේ ගිනි නිවන රථ 7ක් පිටත් කර යවා ඇත.







