ශ්‍රියානි විජේසිංහ –
නිවසක මාසික විදුලි බිල ගෙවීම සදහා දැනට ලබා දී ඇති දින 40 ක කාලය දීර්ඝ කරන ලෙසත් විදුලි බිල කොටස් වශයෙන් ගෙවීම සඳහා ක්‍රමවේදයක් සකසන ලෙසත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාර රජයෙන් ඉල්ලා සිටියි.
පසුගිය වසරේ ජනවාරි මාසයේදී විදුලි බිල් නොගෙවූ විදුලි පාරිභෝගිකයින් 253,465 ක් සඳහා රතු නිවේදන නිකුත් කර ඇති අතර රතු නිවේදන නිකුත් කිරීම 60% කින් වැඩි වී තිබෙන බව ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයින් සංඛ්‍යාව ලක්ෂ 68 ක් වන බවත් මෙම වසරේදී දෙවතාවක් විදුලි ගාස්තු සංශෝධනය කරන ලද අතර 2022 වසරේදී මසකට ඒකක 180 ක් පරිභෝජනය කරන ලද විදුලි පාරිභෝගිකයෙකුගෙන් විදුලි බිල සදහා අයකරනු ලැබුවේ රුපියල් 3,755.00 ක මුදලක් බවත් පෙන්වා දෙන සභාපතිවරයා විදුලි ඒකක 180 ක් පරිභෝජනය කරනු ලබන විදුලි පාරිභෝගිකයෙකුට මේවන විට ගෙවීමට සිදුවන මුදල ආසන්න වශයෙන් රුපියල් 10,500.00 ක් යැයිද පවසා සිටියි.







