ශ්‍රියානි විජේසිංහ –
ව්‍යාජ ලිපිලේඛණ සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රජයේ රෝහල් වෙත බෙදා හැරීමට කටයුතු කළ නිලධාරීන්ව ලබන නොවැම්බර් 16 දාට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම අද රහස් පොලීසියට නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදුකරන පරික්ෂණවලට අදාල නියෝග නිකුත්කළ මහේස්ත්‍රාත්වරිය විමර්ශන ඉක්මන් කර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන මෙන් නියෝග කර තිබුණාය.
මෙවැනි අපරාධයක දී පොදු ජනතාවට ඇති එකම පිහිට අධිකරණය බවත් අධිකරණය පිළිබඳ විශාල ගෞරවයක් සහ විශ්වාසයක් ඇති බවත් සිවිල් අයිතිවාසිකම් පිලිබද වෛද්‍යවරුන්ගේ ඒකාබද්ධ සංධානයේ සභපති වෛද්‍ය චමල් සංජීව මහතා පැවසුවේය.