මෙතෙක් සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශය පුරාවිද්‍යාවට සිදුකර ඇත්තේ බරපතල ව්‍යසනයක් බවත් ඇමතිගේ ගැත්තෙක් පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ධූරයට පත් කිරීමට මේ වනවිට ඔහු දරන අපරිනත උත්සාහය මෙතෙක් ක්ෂේත්රයට කළ ව්‍යසනය වඩාත් තීව්ර කරන්නක් බවත් හිටපු පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දසානායක සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

ඔහු කියන්නේ ඇමතිවරයා විසින් පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් වරයා ලෙස පත් කරන්නට හදන මහාචාර්ය ගාමිණි රණසිංහ යනු පර්යේෂණ පත්‍රිකාවක් කෙසේ වෙතත් පත්තර කොලකෑල්ලක්වත් ලියා නැති අයෙක් බවය.
ඔහු විෂය පිළිබඳ ප්‍රමාණිකයෙක් ද නොවන බව හිටපු පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා කියයි.
අචාර්ය සෙනරත් දිසානායක පවසන්නේ ගාමිණී රණසිංහ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් තනතුරට මෙතෙක් සපුරා ඇති එකම සුදුසුකම ඇමතිට ගැතිකම් කිරීම පමණක් බවත් මේ දේශපාලන ගැත්තා පුරාවිද්‍යා අධ්යක්ෂ ධූරයට පත් කළහොත් පුරාවිද්‍යාවට දෙවියන්ගේම පිහිට බවත්ය.
මහාචාර්ය ගාමිණී රණසිංහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ මහාචාර්යවරයෙකි.








