සුමිත් පොතුපිටිය –
මතුගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය සුරාබදු නිළධාරීන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් කොල්ලකෑ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුරලිය සහ මතුගම ප්‍රදේශයේ පදිංචි 30 සහ 33 වියැති පුද්ගලයන් දෙදෙනෙක් බව පොලිසිය කීය.
සැකකරුවන් සන්තකයේ තිබී කඩුවක්, මන්නා පිහියක් සහ හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 5 යි මිලිග්රැම් 553 ක් ද සොයාගෙන ඇති බව පොලිසිය පැවසුවේය.
සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
මතුගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







