සූරියවැව නුවන් ජයසේකර –
වසර 17කට පෙර තිස්සමහාරාම උනාව ප්‍රදේශයේදී සිය බිරිදගේ බාලවයස්කාර නැගණියව අපයෝජනය කිරීමේ වරදට වරදකරු වු 59 හැවිරිදි දෙදරු පියෙකුට වසර 14ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්, රුපියල් 10,000ක දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ එක හමාරක වන්දියක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා ඊයේ (19) සවස නියම කළේය.
මෙලෙස සිර දඩුවම්, දඩ හා වන්දි නියම වුයේ තිස්සමහාරාම ගෝනගමුව පදිංචි ඔලොක්කුව පටබැදිගේ විජේසිරි නැමති 59 හැවිරිදි දෙදරු පියෙකුටය.
චුදිත පුද්ගලයා 2006.04.21 වන දින නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවේ චුදිතගේ නිවසසේ නැවතී සිටි චුදිතගේ බිරියගේ බාලවයස්කාර නැගණියව බලහත්කාරයෙන් අපයෝජනය කර තිබේ.
සිද්ධියෙන් පසු අගතියට පත් වු දැරිය සිද්ධිය සම්බන්ධයෙන් සිය ඥාතියෙකුට පවසා පසුව සිද්ධිය පිළිබදව තිස්සමහාරාම පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව විමර්ශන පැවැත් වු තිස්සමහාරාම පොලිසිය චුදිත පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව නිති පතිවරයා විසින් චුදිතට එරෙහිව හම්බන්තොට මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකරන ලදි. ඒ අනුව පැවති නඩු විභාගයේදී චුදිත පුද්ගලයා අදාල චෝදනා සඳහා වැරදි කරු බවට පත්විය.
ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා චුදිතට අදාල චෝදනා සදහා වසර 14ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කළේය. ඊට අමතරව රුපියල් 10,000ක දඩ මුදලක්ද නියම කල අතර එය නොගෙවන්නේ නම් තවත් වසර 01ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කළේය.
එමෙන්ම ඉහත දඩුවම් වලට අමතරව අගතියට පත් බාලවයස්කාර දැරියට රුපියල් ලක්ෂ එක හමාරක වන්දි මුදලක් ගෙවන ලෙසත්, චුදිත එය නෙගෙවන්නේ නම් ඉහත දඩුවම්වලට අමතරව තවත් වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඩුවමකුත් නියම කළේය.
නිතිපති වරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ අනුරාධ විජේසුරේන්ද්‍ර පැමිණිල්ල මෙහෙයවන ලදි.