තමන්ට වෙඩි ප්‍රහාරය එල්ල වන්නේ පවතින ක්‍රමය විසින් බව උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
මොන ගැටලු පැන නැගුන ද, මොන අභියෝග ඉදිරිපත් වුවද මේ ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් කැපවන බව ද මන්ත්‍රීවරයා කීවේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේය.
“වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසින් කරගෙන යනවා. ඒ අවස්ථාවේ මං ගැන සොයා බලපු හැමෝටම ස්තුතියි.”
“මේ සිද්ධිය කලෙ කවුද මොන පුද්ගලයොද කියන එකට වඩා මට හිතෙන්නේ මේ පවතින ක්‍රමය විසින් වෙන්න ඕන මට ඒ ප්‍රහාරය එල්ල වෙන්න ඇත්තේ”
“අපි මුලු පාර්ලිමේන්තුවම දන්නවා අපේ රටේ තියන ක්‍රමය වැරදියි කියලා. මුලු රටේ ජනතාවත් දන්නවා මේ ක්‍රමය වැරදියි කියලා. සමාජ ක්‍රමයත් වැරදියි. අප කරගෙන යන දේශපාලන ක්‍රමයත් වැරදියි. ඒ වැරැද්ද නිසා තමයි මුළු රටම අද මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ.”
අපි මේක නිවැරදි තැන හොයා ගන්න ඕන. වෙනස් වෙන්න ඕන තැන කොතැන ද කියලා හොයාගෙන ඒ වෙනුවෙන් රටේ ජනතාව සහ දේශපාලන නායකයන් වැඩ කරන්න ඕන.
ඒ වෙනස වෙනුවෙන් තමන් කටයුතු කරන බව උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා කීවේය.
මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් කිරීමේ අවශ්‍යතාවය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, වාසුදේව නානායක්කාර, දයාසිරි ජයසේකර මන්ත්‍රීවරු ප්‍රහාරය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සම්බන්ධව අවධාරණය කළහ.







