බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය ලිය වරුණ

හිතට දැනෙන රසට පුඩිමක් හදමු…

by editor
ඔක්තෝබර් 24, 2020
in ලිය වරුණ
Share on FacebookShare on Twitter

1. ඇපල් පුඩිම්

අවශ්‍ය ද්‍රව්‍ය

  • දිය කර ගත් බටර් කෝප්පයක්
    සීනි කෝප්පයක්
    පාන් පිටි කෝප්පයක්
    බේකිං පවුඩර් තේ හැඳි 2ක්
    පොතු හැර චොප් කර ගත් ඇපල් ගෙඩි දෙකක්
    කුරු දු කුඩු තේ හැන්ඳක්

සීනි, පිටි, බේකිං පවුඩර් සහ කිරි හොඳින් මිශ්‍ර කර ගන්න. දැන් භාජනයක් ලිප තබා සීනි මේස හැන්ඳක් දමා සීනි ටික කැරමල් කර එයට ඇපල් සහ කුරුඳු කුඩු එක් කර මිශ්‍ර කරන්න. ඇපල් තරමක් පිසීගෙන එන විට ලිපෙන් බා කලින් සාදාගත් මිශ්‍රණයට එක් කර බටර් තවරා ගත් ට්‍රේ එකක දමා සෙල්සියස් අංශක 180 ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 30 බේක් කරගන්න.

2. බනානා පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

  • ආනමාළු හෝ ඇම්බුන් වර්ගයේ කෙසෙල් ගෙඩි 3ක්
    සීනි මේස හැඳි 4ක්
    දෙහි යුෂ ස්වල්පයක්
    බනානා එසන්ස්
    ජෙලටින් තේ හැඳි 3ක්
    කහපාට කලරින්
    විපින් ක්‍රීම්

කෙසෙල් ගෙඩි පෙති කපා සීනි හා දෙහි යුෂ එක් කර මද ගින්නේ තබා ස්ටූ කරගන්න. ජෙලටින් තේ හැඳි 2ක් දමා ඩබල් බොයිල් කර වතුර කෝප්ප බාගෙකට දමා බනානා එසන්ස් හා කලරින් දමා ජෙලි එකක් සකසා ගන්න. එයට ස්ටූ කරගත් කෙසෙල් එක් කර ශීතකරණයේ තබන්න.

3. චොක්ලට් පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය

  • කිරි කෝප්ප 4ක්
    ජෙලටින් තේ හැඳි 6ක්
    බිත්තර 4ක්
    චොක්ලට් පව්ඩර් මේස හැඳි 3ක්
    සීනි ස්වල්පයක්
    වැනිලා තේ හැඳි 3ක්

බිත්තර කහමදවලට සීනි එක් කර බීට් කරගන්න. එයට කිරි දමා ලිපේ තබන්න. මිශ්‍රණය උතුරන විට චොක්ලට් පව්ඩර් දමා කලවම් කර ලිපෙන් බාන්න.
ජෙලටින් ඩබල් බොයිල් කර කැටි නොගැසෙන්න හැඳි ගාන්න. එයටම වැනිලා එකතු කරන්න. බිත්තර සුදු මද ඝන වෙන තෙක් බීට් කර සියල්ලම කිරි මිශ්‍රණයට කලවම් කරන්න. දැන් ශීතකරණයේ තබන්න. අවශ්‍ය නම් චොක්ලට් ග්‍රේට් කර පුඩිම සරසා ගන්න.

4. නූඩ්ල්ස් පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය

  • නූඩ්ල්ස් කෝප්ප 4ක්
    බිත්තර 7ක්
    ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 2ක්
    සීනි
    වැනිලා ස්වල්පයක්

නූඩ්ල්ස් ටික පොඩියට කපාගන්න. බිත්තර සහ සීනි වලට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කර හොඳින් බීට් හෝ බ්ලෙන්ඩ් කරගන්න. බිත්තර මිශ්‍රණයට නූඩ්ල්ස් සහ වැනිලා එක් කරගන්න. සීනි ස්වල්පයක් හා වතුර ටිකක් එක් කර කැරමල් කරගෙන ස්ටීම් කළ හැකි භාජනයක අඩියට දමන්න. එයට සාදා ගත් මිශ්‍රණය එක් කර පියනකින් හොඳින් වසා ස්ටීම් කරගන්න.

5. බිස්කට් පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය

  • මාරි බිස්කට් පැකට් 3ක්
    අයිසින් සීනි ග්‍රෑම්300
    බටර් ග්‍රෑම්150
    චොකලට් පව්ඩර් මේස හැඳි 1 1/2ක්
    වැනිල තේ හැන්ඳක්
    ක්ෂණික කෝපි මේස හැන්ඳක්
    මද රස්නෙන් යුතු වතුර කෝප්පයක්
    චොකලට් සෝස් සහ අවශ්‍ය නම් උඩින් ඉසීමට කජු

බටර් වලට චොකලට් පව්ඩර්, වැනිලා සහ අයිසින් සීනි එක් කර හොඳින් බීට් කරගන්න. කෝපි වතුර කෝප්පයකට සාදා ගෙන, එයට බිස්කට් කීපය බැගින් එක් කර මදක් පොඟවා ගන්න. බඳුනකට පොඟවා ගත් බිස්කට් තට්ටුව දමා, ඒ මතින් සාදාගත් චොකලට් අයිසින් තට්ටුවක් දමා ගන්න. නැවත බිස්කට් තට්ටුවක් දමා චොකලට් අයිසින් තට්ටුවක් එක් කරන්න. අවසානයේ දී අයිසින් වලින්ම කවර් කරගන්න. එයට උඩින් කජු සහ චොකලට් සෝස් දමා පැයක් පමණ ශීතකරණයේ තබන්න.

6. බිස්කට් – කේක් පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය

  • ග්‍රෑම්500 ක රවුම් බටර් කේක්
    ඇඟිලි විස්කෝතු 25ක්
    කොකෝවා කුඩු ග්‍රෑම් 150
    බිත්තර 4ක සුදුමද
    එළකිරි බොතල් 3/4

කේක් එකට වඩා තරමක් ලොකු බඳුනක් ගෙන එය තුළට කේක් එක දමන්න. පසුව ඇඟිලි විස්කෝතු කේක් එක වටේ රවුමට භාජනයේ ඇතුළත සිටුවා තියන්න. විස්කෝතු සහ කේක් එකේ උස සමාන විය යුතුයි. සෙමින් සෙමින් කේක් එක පෙඟෙන සේ කේක් එකට උඩින් කිරි වත් කරන්න. කොකෝ කුඩු වතුර ස්වල්පයකින් උණුකර කිරි වලට උඩින් කේක් එක මතුපිටට දමන්න. බිත්තර සුදු මද හොඳින් බීට් කර කේක් එක මත දමා විනාඩි 15ක් සෙල්සියස් අංශක 180 ට බේක් කරගන්න.

7. ලෙමන් මෙරූන් පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය

  • සිනී ග්‍රෑම් 200
    කෝන්ෆ්ලා තේ හැඳි 1 1/2ක්
    පිටි මේස හැන්ඳක්
    වතුර කෝප්ප 2 1/2ක්
    බිත්තර 3ක්
    ලෙමන් යුෂ තේ හැඳි 5ක්
    සිහින්ව ගා ගත් දෙහි ගෙඩියක ලෙලි
    මාගරින් ග්‍රෑම්50ක්
    අයිසින් සීනි ග්‍රෑම්100ක්
    ලුණු ස්වල්පයක්

වතුර ස්වල්පයකට පිටි, සීනි සහ ලුණු එක් කර මිශ්‍ර කරන්න. ඉතිරි ජලය උණුකර එම පිටි මිශ්‍රණයටම වත්කරන්න. මිනිත්තු 15 ක් පමණ ලිපේ තබා හැඳි ගාමින් පිසගන්න. මිශ්‍රණය බඳුනෙන් ඉවතට ගෙන සිසිල් කරන්න. මෙයට බිත්තර කහමද දමා හොඳින් ගසා නැවත විනාඩි 2 ක් පමණ ලිපේ තබා උණු කරගන්න. සිහින්ව ලියා ගත් දෙහි ලෙලි ද එක් කර ලිපෙන් ඉවතට ගන්න. බටර් දමා හොඳින් ගසා ගෙන බේක් කළ හැකි පුඩින් බඳුනකට දමාගන්න.
බිත්තර සුදු මද සහ සීනි වෙනම බඳුනක ඝණ වනතුරු බීට් කර පුඩින් මිශ්‍රණය මතට වත් කර මෙය 180°C ට මිනිත්තු 15ක් පමණ බේක් කරගන්න.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තුන්වන රැල්ල බාර් වලින් එන්න නියමිතයි… රට තවත් අනතුරේ නොදා බාර් වහන්න..

Next Post

ඇමතිකම් වැඩි කරගන්න ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් හදන්න හදයි…

Related Posts

ලිය වරුණ

අමාරු කාලෙට අපූරු කෑම… කෙහෙල්බඩ වලින් සියඹලා වලින් ඖෂධීය කෑම හදමු…

ජූනි 13, 2022
අරුණි විජේවර්ධන
පුවත්

නව විදේශ ලේකම් අරුණි විජේවර්ධන වැඩ භාර ගනී

මැයි 23, 2022
Apsari Thilakarathna
ලිය වරුණ

ජීවිතය ඉගෙන ගන්න දෙන්න.. දරුවන්ට සියල්ල ලබා දීම සෙනෙහස නොවේ…

දෙසැම්බර් 3, 2020

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.