සූරියවැව නුවන් ජයසේකර –
හම්බන්තොට වරාය පොලිස් බල ප්රදේශයට අයත් මහවැලි කාර්යාල පිටුපස මාර්ගයේදී පසුගිය 17වන දින සවස ගොවි සංවිධාන සභාපති වරයෙකුට එල්ල වූ මැර ප්රහාරයට අදාල සැක කකරුවන් අත් අඩංගුවට ගැනීමට වරාය පොලීසිය මෙතෙක් කටයුතු කර නොමැති බව පවසමින් වලව වම් ඉවුර ගොවි නායකයන් ඇතුලු ගොවින් අද (21) දහවල් හම්බන්තොට වරාය පොලීසිය පොලිසිය අසලට ගොස් විරෝධතාවයක නිරත වූහ.
පසුගිය 17 වන දින සවස හයයි තිහට පමණ මෙලෙස කිසියම් පිරිසකගේ ප්රහාරයට ලක්ව තිබුනේ UD 60 සූරිය ගොවි සංවිධානයේ සභාපතිවරයා වන කරුණාතිලක ගොවි මහතාටය. ප්රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඔහු ප්රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර මේ වන විටත් නේවාසිකව ප්රතිකාර ලබයි..
විරෝධතාවයට එක්ව සිටි පිරිස් චෝදනා කළේ අදාල ප්රහාරය එල්ල කල මැරයින් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට වරාය පොලිසිය කටයුතු කර නොමැති බවත් අදාල විමර්ශන කටයුතු මන්දගාමීව සිදුවන බවත් ය.
විරෝධතාව සඳහා වලව වම් ඉවුර ගොවි සංවිධාන නියෝජිතයන් හා ගොවීන් විශාල පිරිසක් එක්ව සිටියහ.