බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතිරි වී ඇත්තේ මහපාර පමණයි… EPF සහ  ETF අරමුදල්වලට වෙන දේ ගැන කියන්න අධිකරණයටත් ගිය වසන්ත කියයි…

by editor
අගෝස්තු 10, 2023
in පුවත්
Wasantha Samarasinghe
Share on FacebookShare on Twitter
  • මිනිස්සු මේ අපරාධය ඉවසන්නේ නෑ.. ජනතා නියෝජිතයෙක් නම් මිනිස්සුන්ගේ මුදල් කොල්ල කන මේ   පනතට පක්ෂව අත් ඔසවන්න එපා.  122 පාර්ලිමේන්තුවේ දි අත උස්සනකම් රඟන රනිල් මේ නටන්නේ ලිප ගිනි මෙලවෙන තෙක් කකුළුවො නටන නැටුම… වසන්ත සමරසිංහ කියයි!

එකම බැඳුම්කරයක සමාන තත්ත්ව යටතේ  ආයෝජනය කළ කණ්ඩායම් හතරකින්  එක් කණ්ඩායමක්වූ සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදලේ  බැඳුම්කර ආයෝජන  පමණක්  පොලිය සියයට 20ක සිට සියයට 09 දක්වා අඩු කිරීමෙන් පුද්ගලයෙකුගේ  මූලික අයිතිවාසිකම් කඩ නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තින්දුව මේ රටේ විධායක ජනාධිපතිවරයා අධිකරණයට කර ඇති බලපෑමේ තරම සම්බන්ධව තක්සේරුවක් ලබා ලැබෙන්නේ යැයි  අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති   වසන්ත සමරසිංහ අද (10) විශේෂ මාධ්‍ය හමුවක දී  පැවසුවේය.

ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිර්මාණය වන්නේ  අධිකරණය, විධායකය සහ ව්‍යවස්ථාදායක යන කුළුණු තුන මත පාලනය පවතිනතාක් පමණක් බව කී  වසන්ත සමරසිංහ රටේ විධායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව සාක්කුවේ දමාගෙන, අධිකරණය පාගාගෙන ගෙනයන මේ වියරු ඒකාධිපති හැසිරීමට එරෙහි වීමට ඇති එකම තැන මහපාරේ අරගලය පමණක් බවය.

“ අධිකරණයට අපි කිව්වේ මේ ණය ප්‍රතිව්‍යුගතකරණයෙන්  මූලික අයිතිවාසිකම් කඩ වෙනවා කියලා. නීතිපතිවරයාගේ පාර්ශවයෙන් යළි යළිත් කියන්නේ එහෙම දෙයක් වෙන්නෙ නෑ කියලා.  අපේ නීතිඥ මණ්ඩලය ඇහුවෙ එකම අවස්ථාවක එකම තැනක  ආයෝජනය කරන කණ්ඩායම් හතරකින් එක් කණ්ඩායමක විතරක් පොලී අනුපාතය අඩු කිරීම සමානාත්මතාවයේ මූලධර්මය බිඳෙන්නේ නැද්ද, ඒක මූලික අයිතිවාසිකම් කඩවීමක් නොවේද යන්නයි.

මෙතන වෙන්නේ මෙහෙම දෙයක්.  ණය ප්‍රතිව්‍යුහගත කරණය හරහා සේවක අර්ථසාධක අරමුදලට සහ සේවක භාරකාර අමුදලට පමණක් වෙනම නව බැඳුම්කරයක් හඳුන්වලා දෙනවා. ඒ නව බැඳම්කරයේ පොලිය සියයට 09යි. දැන් එම නව බාඳුම්කරයට  සමස්ථ බැඳුම්කරවලින් සියයට 26ක් මිලදි ගෙන තියන සේවක අර්ථසාධක අරමුදලට සහ සේවක භාරකාර අරමුදලට මාරු වෙන්න කියනවා.  අපි ඇහුවේ අඩු පොලී අනුපාතයකට මාරු කරලා පොලි ආදායම මේ කොට්ඨාසයේ විතරක් අඩු කිරීම මූලික අයිතිවාසිකම් කඩවීමක් නොවේ ද කියලා.

“සේවකයින්ට අසාධාරණයක් වෙන්නේ නැතිනම් ඇයි සියයට නවයක පොලියකට සීමා වුන නව බැඳුම්කරයක් ගෙනෙන්නේ.  ඇයි ඒකට මාරු වෙන්න කියන්නේ… ඇයි සියයට 23 දක්වා ඇති පොලී අනුපාතයක් සහිත බැඳුම්කරවල ආයෝජනය කළ සේවක අර්ථසාධක සේවක භාරකාර මුදල්  සියයට 09 පොලියකට කියන බැඳුම්කරයකට මාරු කරන්න හදන්නෙ යන්නයි.  ඒ වගේම ඇයි සේවක අර්ථ සාධක පනත සංශෝධනය කරන්නේ කියලත් අපි ඇහුවා.”

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

“පවතින ඉහළ පොලී අනුපාතයක කළ ආයෝජනයක් අඩු පොලියට මාරු කරන්න සේවක අර්ථ සාධක අරමුදල් පනත යටතේ  මුදල් මණ්ඩලයට බලය නෑ.

දැන් මුදල් මණ්ඩලයට පැවරිලා තියනව වගකීම තමයි  සීයට 23
18, 15, 12 පොලි අනුපාතවලට  2043වනවිට කල් පිරෙන,  සියයට 12ක වාර්ෂික පොලී අනුපාතයක් ලැබෙන EPF, ETF මුදල් ආයෝජනය කර ඇති  බැඳුම්කර සියල්ල සියයට 09ක පොලියක් සහිත නව   බැඳුම්කරයට මාරු කිරීම.

ඒ සියයට 09 පොලියෙන්    බදු ගෙවන්නත් ඕන. පරිපාලන වියදම් අරින්නත් ඕන. ඒවට සියයට 03ක් අත්හැරියම ප්‍රතිලාභියට ලැබෙන්නේ  සියයට 06ක පොලියක්.

ඒත් ඒ බැඳුම්කරවලම ආයෝජනය කළ පෞද්ගලික ආයතනවල මුදලට   පොලිය  සියයට 20යි.

ලැබිය යුතු පොලිය කොල්ල කනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අපේ නීතිඥ මණ්ඩලයට තර්ක කළේ ඒ වෙනුවෙන්.  නීතිපති දෙපාර්තමේන්තුව රජය වෙනුවෙන් කිව්වේ එහෙම දෙයක් නෑ කියලා. අපි ඇහුවේ අනිකුත් ඛාණ්ඩ තුනට බල නොපන පොලී අනුපාතය අඩු කිරීම සේවක අර්ථ සාධක අරමුදලට සහ සේවක භාරකාර අමුදලට    බලපෑම මූලික අයිතිවාසිකම් කඩවීමක් නෙමෙයි ද කියලා.

ආණ්ඩුව කිව්වේ එහෙම වෙන්නේ නෑ කියලා.

අධිකරණය තීන්දුවක් දුන්නා මූලික අයිතිවාසිකමක් කඩවී නෑ කියලා.

මේකෙන් පේනවා රනිල් වික්‍රමසිංහ අධිකරණයට කළ බලපෑමේ ප්‍රමාණය.

“රනිල් මීට කලින් අධිකරණයට කිව්වා මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට, පාර්ලිමේන්තුවෙන් ගන්න තීරණවලට බලපෑම් කරන්න එන්න එපා කියලා.”

“ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් හැදන්නේ    අධිකරණය විධායකය සහ ව්‍යවස්ථාදායකය කියන කුළුණු තුන මත. පාර්ලිමේන්තුව සාක්කුවේ දාගෙන අධිකරණය පාගගෙන    රනිල්ගෙ කුළුණ විතරක් නම්  රට කරන්න හදන්නේ   හෙට දවසේ රටේ  ස්වාධීනත්වය ස්වෛරීත්වය නීතියේ ආධිපත්‍ය බරපතල විදිහට අර්බුදයකට ලක් වෙනවා කියලා නොවෙයිද  මේ කියන්නෙ.”

මේ ගැන වැඩකරන ජනතාවට කියනවා. දැන් ඉතිරිවෙලා තියෙන්නෙ මහ පාරේ සටන. ඔබ විශ්‍රාම යද්දි ඔබත් ඔබේ ආයතනයත් එකතු වී උපයා ගත්  ඔබේ අරමුදල කොල්ලකන්න ආණ්ඩුව නීති හදනවා.

ඔබට ලැබිය යුතු පොලි අනුපාතය අඩු කරලා ඔබට ලැබිය යුතු පොලී ආදායම නැති කරනවා. ඒ සඳහා පාර්ලිමේන්තුවෙ  පොහොට්ටුවේ හොර කල්ලිය එක්ක නීති හදලා පාර්ලිමේන්තුවෙ අත උස්සලා සම්මත කරගන්නවා.

මේ ඔබේ ගෙට  පැනලා ගේ ඇතුලේ කියන දේයි කොල්ලකමින් තියෙන්නෙ. ඔබ විශ්‍රාම යද්දි ඔබට ගෙවන්න තියන විශ්‍රාම අරමුදල් මේ  කොල්ල කන්නේ.

මේ කොල්ලය හමුවේ තවත් ඔබ නිහඬ නම්  ඒක බරපතල ප්‍රශ්නයක්. ඒ කොල්ලකෑමට එරෙහිව එකතු වෙන්න.

අත්තනෝමතිකත්වය පෙන්නලා රටම බය කරන්න හැදුවට වැඩ කරන ජනතාව ඊට බය නෑ.

පාර්ලිමේන්තුවේ 122 රනිල්ට අත උස්සනකම් රනිල් දඟලයි. කකුළුවා හැලියේ දඟලනවා වගේ. රටේ ජනතාව එළියට බහිනකම් දඟලන්න…

Tags: නවතම
Share69Tweet43
Previous Post

සධාතුක පෙරහැර කරඩුව වැඩමකරවිමට ඇතුන් හය දෙනෙක් යෝජනා වෙයි!

Next Post

සම්පන්දන්ගේ සහ සෙන්දීල් තොණ්ඩමන්ගේ උපදෙස් පිට කඩවත් ප්‍රාදේශීය ලේකම් බොරළුකන්ද රජ මහා විහාරයේ පන්සල් වත්ත සුද්ද කිරීම නවත්වයි!

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.