ශ්‍රියානි විජේසිංහ –
කොරෝනා වෛරසය කුඩා දරුවන්ට දැඩි බලපෑම් ඇති නොකරන බව මේ වන විට හෙළිවී ඇතැයි ද විශේෂයෙන්ම අපගේ දරුවන්ගේ ශරීරය තුළ කොවිඩ් වෛරසයට ඔරොත්තු දිය හැකි හොඳ ප්‍රතිශක්තියක් ගොඩනැගී ඇති බව පැහැදිලි වී ඇතැයි ද ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේය.
දරුවන්ට උපතේදීම බීසීජී එන්නත ලබා දීම මාස හයක් යන තෙක් මව්කිරිදීම, ඉන්ප්ලුවන්සා හා ඩෙංගු රෝගයන්ට දරුවන් ගොදුරු වීම , සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පාන ලබා දීම නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ තත්ත්වයක පැවතීම කොවිඩ් වෛරසයට ඔරොත්තු දීමට හේතුවක් විය හැකියැයි විශේෂඥවරයා පැවසීය.
කොරෝනා දෙවන රැල්ල බවට පත්වූ බ්‍රැන්ඩෙක්ස් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් පීසීආර් පරික්ෂාවට ලක් කිරීමේදී වෛරසය ආසාදනය වූ කුඩා දරුවන් හඳුනා ගැනීමට හැකි වූයේ කීප දෙනෙකු පමණක් යැයි ද හෙතම පැවසීය.
මේ අනුව පෙනී යන්නේ අපගේ දරුවන්ගේ ශරීරය තුළ කොවිඩ් වෛරසයට ඔරොත්තු දිය හැකි හොද ප්‍රතිශක්තියක් ගොඩනැගී ඇති බවයැයිද වෛද්‍ය දිපාල් පෙන්වාදේ.







