ශ්‍රියානි විජේසිංහ
අවශ්‍යතාවයක් නොමැති ප්‍රදේශවල සේවය කරන රජයේ පශු වෛද්‍යවරු අත්‍යාවශ්‍ය ප්‍රදේශයන් වෙත මාරුකර හරින්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යංශය ලේකම්වරයාට උපදෙස් දී ඇත.
ඇමතිවරයා මෙසේ උපදෙස් දී ඇත්තේ රජයේ පශු වෛද්‍ය සංගමය ඇමතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව යැයිද පැවසේ.
දැනට පශු වෛද්‍යවරුන්ගේ දැඩි අවශ්‍යතාවයක් නොමැති ප්‍රදේශවලට පවා පශු වෛද්‍ය නිලධාරින් අනුයුක්ත කිරීම මගින් අවශ්‍යතා පවතින බොහෝ ප්‍රදේශවලට ඔවුන්ගේ සේවාවන් ලබා දීම ඉතාමත් දුෂ්කර වී ඇති බව ඔවුහු ඇමතිවරයාට දැනුම් දී තිබේ.
විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවලට රජයේ පශු වෛද්‍යවරුන්ගේ සේවාව අවශ්‍ය නොවන බව එම සංගමය පසුගිය 01 වෙනිදා ඇමතිවරයා සමග පැවති විශේෂ සාකච්ඡාවකදී පෙන්වා දී ඇත.







