පර්සි කුරුනේරු –
නිවාඩුවට පැමිණි යුද හමුදා කෝප්‍රල්වරයෙකුට ඊයේ (01) රාත්‍රියේ දී පහර දී මන්නයකින් කොටා බරපතල තුවාල සිදුකළ හමුදාවෙන් පැන විත් සිටින සෙබලෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි කැකිරාව පොලිසිය පවසයි.
මෙම හමුදා කෝප්‍රල්වරයාත් හමුදාවෙන් පැනවිත් සිටින සෙබලාත් කැකිරාව කුඹුක්වැව ගමේ පදිංචි කරුවන් බවත්, ඔවුන් දෙදෙනාගේ පවුල් අතර කාලයක සිට ආරවුලක් තිබුණු බවත් පොලිසිය කියයි.
මේ වනවිට මන්න පහර කෑ කෝප්‍රල්වරයාත් ඔහුට පහර එල්ල කළ හමුදාවෙන් පැනවිත් සිටින හමුදා සෙබලාත් දඹුල්ල මූලික රෝහලේ වාට්ටු අංක 1 හි ප්‍රතිකාර ගනිමින් සිටින බව වාර්තා වේ.
කැකිරාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







