අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උමාරා ජාතික ගීය  විකෘති කළාද?… උමාරා නංගිට වැරදුන තැන ඉන්දිකා උපමාලි කියයි!

කටහඬ කියන්නෙ තම තමන්ගෙ අයිතියක්. නමුත්  කන කියන්නෙ සංස්කෘතික මෙවළමක්....

by editor
අගෝස්තු 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දිකා උපමාලි –

උමාරා විසින් ගායනා කළ ජාතික ගීයෙ උච්චාරණය සම්බන්ධව බොහෝ දෙනා බොහෝ මත ඵළ කරලා තිබුණා. ගායනය මගෙ විෂය නිසාත්, ඒ තුළ තවමත් හදාරමින් සිටින නිසාත් මට සැමදා ඒ පිළිබඳ ව ඇති කුතුහලය නිසාත් , ඒ පිළිබඳ ව ලියන්න හිතුනා.

මුලින්ම කියන්න ඕනෙ උමාරා කියන්නෙ කුසලතා පිරි ගායිකාවක් බවත් ඇය ගායනා කළ වස්සානයට, මලකුත් තිබුණා වැනි ගීත මා බෙහෙවින්ම ප්‍රිය කරන ගීත බවත්. මා පළ කරන අදහස් කිසි වෙකුටත් පහර ගැසීමකට නොව ලංකාවෙ සංගීත භාවිතය සම්බන්ධ ව ඇති විවිධ ගැටලු කාරී තත්ත්වයන් කීපයක් ( මට වැටහෙන ආකාරයට) පිළිබඳ  අදහස් බෙදාහදා ගැනීම අප කාහටත් හොඳයැයි සිතූ නිසා මේ සටහන ලියනා බවත්.

මේ ගායනය සම්බන්ධව මතුව එන කාරණා කීපයක් තියෙනවා.

පළවෙනි එක උමාරා ගේ හොඳ ගැයුම් අප කොතෙක් අසා තිබුණද ජාතික ගීයෙහි ගායනයෙහි ප්‍රධාන ගැටලු කීපයක්ම දක්නට ලැබීමයි.

  1. හුස්ම  කළමනාකරණයෙහි දොස්,
  2. එම හේතුව නිසාම වචන  සහ වාක්‍ය කැඩෙන තැන් වල දොස්,
  3. තැනක දෙකක ශෘති සම්බන්ධ  ගැටලු.
  4. උච්චාරණ දෝෂ

ඇගේ ගායනය තුළ ඇය සැබෑවටම “මහතා” ලෙස උච්චාරණය නොකරනවා යන්නයි මගේ අදහස. ඇය ගයන්නේ මාතා කියලා තමයි. නමුත්  ගායනයේදී ඇය විසින් ඇති කරනු ලබන තාක්ෂණික කාරණයක් මුල් කොට “හ” යනුවෙන්  ශබ්ද වේ.

දැන් ඈ ශබ්ද කළ හ යන්න පසෙක තබා ඔපෙරා ගායන ශෛලිය පිළිබඳ මගේ අද්දැකීම් ටිකක් බෙදා ගන්නම්.

බටහිර ඔපෙරා ගායන සම්ප්‍රදාය කියන්නෙ ඉතාලි භාෂාව සමග වර්ධනය වූ කලාවක්. පසුව ප්‍රංශ, ජර්මන්, රුසියානු, ඉංග්‍රීසි ආදී තව නොයෙක් යුරෝපීය භාෂාවන්  එක්ව අද ද වර්ධනය වෙමින්  විවිධ හැල හැප්පීම්වලට මූණ දෙමින් යාවත් කාලීන වන කලාවක්. ඔපෙරා ගායන ශෛලිය තුළ බස හැසිරවීම, මෙහෙ පමණක් නොවෙයි, යුරෝපයෙත් මතභේද වලට ලක් වෙච්ච  අවස්ථා එමටයි. එමනිසා ජර්මානු ජාතික වාග්නර් ගේ ඔපෙරා ඔහු හැඳින්වූයේ “සංගීත රංග” යනුවෙන්. භාෂාව පිළිබඳ  ප්‍රශ්න අපට පමණක් නොවේ යුරෝපයෙත් තිබුණා.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අනික ඔපෙරා ගායන සම්ප්‍රදාය හැදෑරීම යනු ඔලිම්පික්වලට යන ක්‍රීඩකයෙක් අවුරුදු ගානක් තම ශරීරය, ඉරියව්, කෑම බීම, චර්‍යාවන් සියල්ල මනාව පාළනය කරමින්  කැපවෙන්න ඕන කලාවක්. උදරයේ මාංශපේෂීන් ගේ සිට ශරීරයේ ඉරියවු චලන පවා පුහුණු කළයුතු කලාවක්.. ඒ වගේම බටහිර ඔපෙරානම්  ඉතාලි, ප්‍රංශ, ජර්මන් වැනි භාෂාවන්ද ප්‍රගුණ කළ යුතුයි. ඔපෙරාවේ ආරියා ගායනයන්ට අමතරව රෙසිටෙටිව්ස් , (කතා අඬහැර,) ගායනාද වෙනම ප්‍රගුණ කළ යුතුයි.

උමාරා නංගිට  අතපසු උනේ මොකද්ද?

සාමාන්‍යයෙන් බටහිර ඔපෙරා ගායන vowels ස්වර, ගැයුමේදී හඬ භාවිතය සහ උච්චාරණය, උගුරෙහි  පසුපස දෙසට යෙදෙන අතර, ග්‍රසනිකාව ආශ්‍රය කරගෙන, හඬ උදරය දෙසට , එසේත් නැත්නම් යටිබඩ දෙසට  තෙරපීමක් සිදු කරයි. තවත් විධියකින් කියනවා නම්  මහාප්‍රාචීරය පහළට තෙරපීමක්  කරයි. එවිට ස්වර ඛණ්ඩනය නොවී ඇදෙන ස්වරයක් ලෙස ( legato) මනාව ගැයේ. හඬටද යම් බරක් හිමිවෙන අතර විබ්‍රාටො vibrato  තාක්ෂණය පවත්වා ගැනීම ද පහසු වේ. Vibrato  තාක්ෂණය සඳහා මෘදු තල්ලෙහි භාවිතය  පිළිබඳවද අවබෝධයක් තිබිය යුතුය. මේ සියලු තාක්ෂණික ගායනයන් සිදු කෙරෙන්නේ මනා හුස්ම කළමනාකරණයකිනි.

ප්‍රමාණවත් ව හුස්ම නොමැති කමත්, අදාළ තැනෙහිදී එය හුස්ම මගින් හඬ උස් පහත් නොකිරීමත් නිසා “හ “අකුර උගුරෙන් යන්තම් ශබ්දවෙනවා. කෙටියෙන් කියනවානම් එය නිවැරදි ඔපෙරා තාක්ෂණය නොවේ. ඇත්තටම වාහනේක ගියර් දානවා වගේ ඔය ශ්‍රී ලංකා මාතා කොටසෙදි හුස්ම මගින්  පහළට තෙරපුමක් දෙන්න අවශ්‍යයි. උමාරා නංගිට මොනයම් හේතුවකින් ඒ අවස්ථාව ගිලිහෙනවා.

එක්කො එයා පුරුදු වෙච්ච  විධිය,  එක්කො එයා ඒ තාක්ෂණය නොදැන සිටීම

එක්කො එදින ඈ අසනීප තත්ත්වයෙන් ඉන්නට ඇති. නොයෙකුත් අසනීප තත්ත්වයන් ගැස්ට්‍රයිටිස්, ආතතිය, නිදි මැරීම ,අධික තෙහෙට්ටුව වැනි අවස්ථාවන් හිදී අපට හුස්ම පාළනය කරගන්න බෑ. කොපමණ වැඩ දැනන් හිටියත්.  සජීවී ගායනයක් කියන්නෙ එදා දවසෙ අපි බොහොම පරිස්සමෙන්  සැහැල්ලුවෙන්  එය පවත්වාගෙන යායුතු කලාවක්.

අපටම කියලා ගායන සම්ප්‍රදායක් තියෙනවද?

මං  කියනවා නෑ කියලා.

අපි ගයන හින්දුස්ථානි රාග ශෛලිය ඉන්දියාවෙ එක නෙමෙයි, ඒක සිංහල කටවල්  වලින් කියන සිංහලට අනුව යම් යම් සියුම් වෙනස්කම්  එක්ක , කාලයක් තිස්සෙ අපිම හදන් යන එකක්.

අනික රාගධාරී සංගීතයේ එන බඩා ක්‍යාල් සහ චොටා ක්‍යාල්වල එන පබැඳුම් කිසිම තේරුමක් නොදැන අපි කොපමණ කලක් කියා ඇද්ද?. දැන් නම් මං දකිනවා අපේ කැම්පස් ආචාර්ය මණ්ඩලයෙ  රශ්මි මිස්ලා අසිත් සර්ලා  වගේ අය එහි අරුතත් කියා දෙනවා වගේම හින්දි බසත් උගන්වනවා.

සෞන්දර්යෙට ළමයි ගන්න පරීක්ෂණයෙදි ප්‍රාදෙශීය මට්ටමේ රාග ගැයුම් ඇහෙනවා. ඒ දරුවන්ගෙන් ස කියලා කට අරිද්දිම ඒක ඉන්දියානු ස නෙමෙයි  අපේ සිංහල බසෙහි නාසික්‍ය ලක්ෂණ රැගත් එකක් බොහෝවිට.  එක් එක් ගුරුවරුන්ගෙ උච්චාරණයන් ට අනුව පුහුණුව ලැබූ දරුවන්ගෙන්. මොකද කීයෙන් කී දෙනයිද ඉන්දියාවෙ ගිහිං  ඉගෙන ගෙන ආපු ආචාර්යවරු ලංකාවටම ඉන්නෙ.

අපේ බටහිර ගායනාත් එලෙසමයි. මං බටහිර ගායනය පළපුරුදු ගුරුවරු කීපදෙනෙකුගෙන් ඉගෙන ගත්තා. එක් එක් කෙනා ගෙ ක්‍රමවේද විවිධයි .ඒක නොවලැක්විය හැකි කාරණයක්. කෙනෙකුගෙ හඬකට ඒ කෙනාගෙ ආකල්ප පවා බලපානවා.

ජන ගීත් එහෙමයි… ස්වර සප්තකය නිවැරදි ශෘතිමත පිහිටා ගයන්න ඉගෙන ගත්තු අපි කොහෙද ගැමියගෙ අමු හැඟීම ගන්නෙ. අපිට තියෙන්නෙ  එහෙන් මෙහෙන් එකතු කරලා කිසිම නිර්නායකයක් නැතුව හිතුමනාපයන්ට අනුව හදාගත්තු භාවිතයක්.

අද රියැලිටි වැඩසටහන්වල වැරදිම ආභසයක් තමයි හැම ගායන සම්ප්‍රදායක්ම  ඒ ගායන සම්ප්‍රදාය ට අදාළ ශික්ෂණ කාලයක් ගෙන පුහුණු නොවී  හුදු අනුකරණයෙන් ගැයීම. තරග කරුවන් පමණක් නොවේ විනිශ්චය මණ්ඩලවල සාමාජිකයින්ද එසේ ගයා පෙන්වනවා. ඒක අපි කාගෙවත් වරදක් නොවේ.  ගීත හැර අපට පැහැදිලි නිර්ණායක මත ගොඩනැගුනු සංගීත කලාවක් නොමැති කමේ අවුල සහ හැදෑරීමක් නොමැති කම. ඕනෙම ගායන ක්‍රමයක් මට පුලුවන් යන තැනට තරග කරුවන් සහ වත්මන්  තරුණයන් පත්වීම  සහ සියලු විජ්ජාවල් විනාඩි තුනේ ගීතය තුළ කර පෙන්වීමට උත්සාහ දැරීම. ලංකාවෙ ගීත ගැයීම හැර වෙනත් ගායන ශානරයන් නොමැති නිසා අපට ද  වරින් වර හඬට නොයෙක් වර්ණ ගන්වන්නට සිදුවී ඇත.( අකමැත්තෙන් වුවද).

විබ්‍රාටෝ සහ සිරස් අතට කට ඇරලා උච්චාරණය කියන්නෙ ඔපෙරා ශෛලිය නොවේ. ඔපෙරාවෙහි  ගැඹුර ගැන කතා කිරීම මෙහි මූලික අරමුණ නොවන නිසා ඒක ගන්නෙ නෑ  මේ මොහොතෙ. ඕනෙම සම්ප්‍රදායක් අනුකරණාත්මකව ගයන්න ගියොත් අමාරුවෙ වැටෙනවා.

සංගීයට ගැන බොරු කරන්න ලේසියි…

හැබැයි අපේ රටේ වෙනත් කලාවන් කෙසේ වෙතත් සංගීතය සම්බන්ධ බොරු කරන්න හරිම ලේසියි. මොකද අපි සංගීතය  කියලා තවම හිතං ඉන්නෙ භාෂාව නිසා.

උමාරා නංගිගෙ ගැයුමෙත් සංගීතය සම්බන්ධ ඉහත මම සඳහන් කළ තාක්ෂණික දෝෂ කොපමණ තිබුණත්  අපට ප්‍රශ්නය උනේ ” හ” යන්නක්. ඒ කියන්නෙ  උච්චාරණ දෝෂයක්. ඒ කියන්නෙ අපේ කන්දෙක  භාෂාවට මිස සංගීතයට සංවේදී නෑ.  උමාරගෙ ගැයුමෙ නෙමේ අනාදිමත් කලෙක පටන් අපි පිච් අවුට් ගැයුම්, අමු හඬවල්, (සුසර නැති) හිතූ හිතූතැන්වල හුස්ම හිරවෙන ගැයුම්, ටොන් ගණන් අහගෙන එන්නෙ.. අපිට ඒවා ප්‍රශ්න   නෙමෙයි.  ගීතයෙ පද ටික වැරදුනේ  නැතිනම් එච්චරයි. ඒ කියන්නෙ අපි තවම හිතන්නෙ ජාතික සංගීතය කියන්නෙ භාෂාව කියලා.

භාෂාව සංගීතයේ ප්‍රධානම අංගයක් තමයි. භාෂාවක් නැතුව අනන්‍යතාවයක් නෑ. ඒත් භාෂාවම  සංගීතයේ සංරචකයක් ලෙස  වර්ධනය උනා නම් බසත් තව පොහොසත් වේවි.

දැන්  මම කියන්න යන්නෙ තවත් කතාවක්. ලංකාවෙ ඔපෙරාව සම්බන්ධ ව වරින් වර රතු එළි පත්තු වෙනවා. කොහොමින් හරි මේ කතා බස් එක්ක මං මගෙ යාලුවෙකුට කිවුවා පෙරට වඩා කොහොම හරි මිනිස්සු ඔපෙරා ගැන දන්නවා නේද කියලා. එයා මගෙන් ඇහුවා ඒ දන්නෙ ඔපෙරා කියන වචනෙද , සංකල්පයද , භාවිතය පිළිබඳවද මිනිස්සු දන්නෙ කියලා. ඒ මොහොතෙයි මාත් ඒ ගැන හිතුවෙ. මං හිතන්නෙ බොහෝ දෙනා දන්නෙ වචනෙ පමණයි,

දේවාර් සූරියසේන වැනි ශිල්පීන්ද, කේමදාස මාස්ටර්, සිංහල ඔපෙරා හඬ සම්බන්ධ ව පර්‍යේශන කළා. ඒ වගේම කිශානි ජයසිංහ වැනි ඔපෙරා ගායිකාවන්  දන්නෝබුදුන්ගේ වැනි ගීත එම ශයිලියෙන් ගැයීමට ගොස් මේ වගේම දෙබරෙට ගල්ගැසීමක් සිදු උනා. ඇය දක්ෂ ඔපෙරා ගායිකාවක්. ඔය අතරේ කේමදාසයන්ගෙ අග්නි ඔපෙරාවෙ ශ්‍රියා ආරියාව විදෙස් රටක music composer  කෙනෙක් දැවැන්ත සන්ධ්වනි සංගීත කණ්ඩායමක් සමඟ තරංගා ගුණතිලක විසින් ගායනා කෙරෙනවා.

කේමදාසගෙ පිරිනිවන් මංගල්ලය, මානසවිල ගැයුම් සඳහා විෂය ප්‍රවීණයන්ගෙන්  නොයෙක් උපහාසාත්මක කතා අසන්නට ලැබුණා.

පසුකාලීනව වර්ණදාසි, දොරමඩල, අග්නි වෙද්දි ඒ තත්ත්වයන් යම් මට්ටමකට දුරුව ගොස් තිබුණා. කේමදාසගේ ඔපෙරා බටහිර ඔපෙරාවට සමාන නෑ… එහෙමත් නැත්නම්  “මේවා ඔපෙරාද? ඔපෙරාවල නැටුම් නෑ නෙ, හඬවල් මීට වඩා ප්‍රබලයි නෙ…”  වගේ අදහස් අපටම හිතෙන්න ගත්තා.

කෙසේ හෝ  මේවා බරහිර ඔපෙරාවට සමාන නෑ කියන ගානට කේමදාස  මාස්ටර් ඒවා ට දේශීය අනන්‍යතාව ක් දුන්නා .ඔහුගෙ නිර්මාණවල තානීය ගුණය සහ අලංකාර පැහැදිලිවම පෙරදිග අනන්‍ය ලක්ෂණ පෙන්වන වෙනම තාක්ෂණික ක්‍රමවේදයක්.  හුස්ම භාවිතය (ගායනයේදී) පවා බටහිර ශෛලියට හාත්පස වෙනස් වූවක්. .ඒ නිසා වෙන්න ඇති පසුකාලීනව ඔහුගේ නිර්මාණ ප්‍රේක්ෂකයා වැළඳ ගන්නෙ. ඒත් අදටත් ඔපෙරා ශෛලිය කියන්නෙ ලංකාවට සහ සිංහල බසට ආගන්තුක  පර්‍යේශණාත්මක මට්ටමේ තියෙන එකක්.

ජාතික ගීය ඔපෙරා ශෛලියෙන් නොගැයිය යුතු ද?

ජාතික ගීය ඔපෙරා ශෛලියෙන් නොගැයිය යුතුයැයි යන අදහසේ මම ඉන්නෙ නෑ. මොකද මම පවා මහත් අභිමානයකින් එය එම ශෛලියෙන් ගැයුවොත් කොයිවගේදැයි කියා ගෙදර ඉද්දි ගයා බලා තියෙනවා.

කෙසේ වෙතත් ගායනය යනු සියුම් කලාවක්. ඒකට නිශ්චිත හැඩයක් කියන්න බෑ. ඒක දවසගානෙත් වෙනස් වෙන දෙයක්. එක හැඟීමකට ඔබේ හඬ දිව්‍යලෝකෙට ඇහෙන්න  ගායනා කරවන්න පුලුවන් වගේම ඔබව සදාකාලිකව ගොලුකර දමන්නත් පුලුවන්.

උමාරාට එදා සිදුවූ දේ බොහෝ දුරට ශ්වසනයේ අපහසුතාව නිසා සිදුවූ දොසක් විය හැකියි. එය එසේ නම් මං ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. සජීවී ගැයුමක් කියන්නෙ ලේසිපාසු දෙයක් නෙමේ. කෙසේ වෙතත්  ජාතික ගීය ගයද්දි, රට මොන තරම් බංකොලොත් උනත් ඕනම මිනිහෙකුට තමන් රටට තියෙන ආදරේ හැඟීමෙන් ප්‍රකාශ වෙනවා.

උමාරගෙ ගැයුමෙ ඊලඟ අඩුව එය හැඟීම් විරහිත ගැයුමක්. කටහඬ කියන්නෙ තම තමන්ගෙ අයිතියක්. නමුත්  කන කියන්නෙ සංස්කෘතික මෙවළමක්. ඔන්න ඔතනයි ප්‍රශ්නෙ…. – (මුහුණු පොතෙන් උපුටා ගැනුණි)

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අභිරහස් උණ රෝගයකින් මිය ගිය යාපනයේ පාසල් ගුරුවරියගේ මරණයට විවෘත තීන්දුවක්

Next Post

කන්කසන්තුරේ තිස්ස විහාරයේ වස් ආරාධනා පින්කමට දෙමළ පක්ෂවලින් විරෝධයක්

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.