හැටන් රංජිත් රාජපක්ෂ –
මස්කෙලිය ප්‍රදේශයේ හය හැවිරිදි පාසල් දැරියක් කිලෝමිටර් දෙකක දුරක් විනාඩි 14 කින් පාගමනින් ගොස් ගිනස් වාර්තාවක් තැබිමට ඊයේ (31) දින සමත්විය.

විග්නේෂ්වරන් ශස්මිකා නැමති මෙම හය හැවිරිදි දියණිය මස්කෙලිය සෙන් ජොශප් දමිල මහා විද්‍යාලයේ 01 වසරේ අධ්‍යාපනය ලබන දැරියකි.
එම පාසල් සිසුවිය මස්කෙළිය ශ්‍රී පාද මාර්ගයේ බ්‍රවුන්ලෝ වතුයායේ හින්දු කොවිල අසල සිට මස්කෙලිය පොලිස් ස්ථානය දක්වා කිලෝමිටර් දෙකකට අධික දුරක් විනාඩි 14 කින් පාගමනින් ගොස් මෙම ගිනස් වාර්තාව පිහිටුවිමට සමත් වී ඇත.
පාසල් දැරිය පාගමනින් ගොස් ගිනස් වාර්තාවක් තැබීම අධික්ෂණය කිරීම සඳහා ගිනස් වාර්තා අධික්ෂණ කමිටුවේ මෙරට නියෝජිත ජුඩ් නිමලන් ද එක්වී සිටියේය.
දෙමව්පියන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේත් , ඇය අධ්‍යාපනය ලබන පාසලේ සිසු සිසුවියන්ගෙත් සහයෝගයෙන් සහ මස්කෙලිය පොලිසියේ නිලධාරින්ගේද ආරක්ෂාව මැද්දේ වි. ශස්මිකා දියණිය මෙම වාර්තාව පිටවූවාය. .
වි.ශස්මිකාගේ පියා වන එස්.විග්නේෂ්වරන් මිට මාස කිහිපයකට ප්‍රථම යාපනයේ සිට කොළඹ දක්වා පාගමනින් ගොස් මෙරට වාර්තාවක් තැබු නිසා තමන්ට ගිනස් වාර්තාවක් තැබීමට ආශාවක් ඇති වු බව වි.ශස්මිකා දියණිය කීවාය.
ගිනස් වාර්තාව පිහිටුවිමෙන් අනතුරුව මෙරට ගිනස් වාර්තා අධික්ෂණ කමිටුවේ සමාජික ජුඩ් නිමලන් විසින් ඇයට හිමි සහතික පත සහ පදක්කම පිලිගන්වනු ලැබුවේය.







