ශ්‍රියානි විජේසිංහ –
2022 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ වෛද්‍යවරු දහසකට අධික ප්‍රමාණයක් රට හැර ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ හේතුවෙන් පර්යන්ත රෝහල්වල රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යාමේ දැඩි ගැටලු මතුව ඇතැයි සංගමයේ ලේකම් වෛදය හරිත අලුත්ගේ පෙන්වාදේ.
අනීතික තර්ජන සහ නීති පැනවීම්වලට වඩා රට තුළ වෛද්‍යවරුන් රැදී සිටිම දිරිමත් කිරීම වෙනුවෙන් රාජ්‍ය ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක විය යුතු බවත් මේ සම්බන්ධයෙන් කරුණු අටකින් සමන්විත තම සංගමයේ යෝජනාවලිය ජනාධිපතිවරයා ඇතුළු සියළු පාර්ශව වෙත ඉදිරිපත් කළ බවත් ලේකම්වරයා කියයි.
වෛද්‍යවරු මෙරට රඳවා ගැනීම සඳහා මෙම යෝජනා වහාම ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය ඇමතිවරයා විසින් පත් කර ඇති සෞඛ්‍ය ක්ෂේත්රයේ බුද්ධි ගලනයට විසදුම් සෙවීමේ කමිටුව හරහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන්නැයි සංගමය ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
මෙම යෝජනා අතර නව වැටුප් ව්‍යුහයක්, නේවාසික පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් ඉහළ නැංවීම, පශ්චාත් උපාධි අධ්‍යයන අවස්ථාවන් පුළුල් කිරිම, අසාධාරණ බදු ප්‍රතිපත්ති වෙනස් කිරිම ඇතුළු ඉල්ලීම් අටක යෝජනාවලියක් ඇතුළත් කර ඇත.







