බංගලිදේශයේ ඩකා නගරයට කිලෝමීටර් 200ක් පමණ දකුණින් පිහිටි ජලෝකාටි දිස්ත්‍රික්කයේ සිදුවූ රිය අනතුරකින් අවම වශයෙන් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් තවත් 23 දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය සෙනසුරාදා වාර්තා කළේය.
එරට වේලාවෙන් පෙරවරු 10.00 ට පමණ බස් රථයක් මාර්ගය අයිනේ තිබූ පොකුණකට පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
මියගිය අය අතර අවම වශයෙන් කාන්තාවන් අට දෙනෙකු සහ ළමුන් තිදෙනෙකු සිටින බව වාර්තා වේ.
ගලවා ගැනීමේ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක වන බැවින් මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බව ප්‍රාදේශීය පොලිසිය පවසයි.
අනතුරට හේතුව කුමක්ද යන්න වහාම පැහැදිලි වී නොමැත.







