සුමිත් පොතුපිටිය –
අද (13) පස්වරුවේ තාප්පයකට යටවී අසාධ්‍යව රෝහල්ගත කළ නගර සභා සේවකයා මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ පානදුර වලපල ප්‍රදේශයේ පදිංචි අජිත් කුමාර ද සිල්වා නමැති 48 හැව්රිදි සිව්දරු පියෙකු බව සදහන් වේ.
මියගොස් ඇති තැනැත්තා පානදුර දුම්රිය නැවතුම්පොළ ආසන්නයේ පිහිටි නගර සභාවට අයත් කසල අංගනයේ තාප්පය ආසන්නයේ පිරිසිදු කිරීම් කටයුතු වල නියැලී සිටීයදී තාප්පය ශරීරය මතට කඩාවැටී තිබේ.
අවට සිටී අය ඉන් මුදාගෙන පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහිදී මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්නගේ උපදෙස් මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර ෙගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වයි.