සුමිත් පොතුපිටිය –
වෙසක් සහ පොසොන් දිනවලදී නිවැසියන් නොමැති අවස්ථාවල රාත්‍රි කාලයේ නිවාස බිඳුම් රැසක් සිදුකල පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුවිල කලුවා නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන 19 හැවිරිදි තරුණයෙක් බව පොලිසිය කීය.
සැකකරු විසින් සොරකම් කල ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් රන් සහ රිදී මාල 3 ක්, වලලු, මුදු, කරාබු ජෝඩු 4 ක්, උණුකල රන් කැබලි 9 ක්, පෙන්ඩනයක් සහ ජංගම දුරකථන දෙකක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
සොරකම් කළ රන්භාණ්ඩ අලෙවි කර මිළදී ගත්බව කියන යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී දුම්න්ද රාජපක්ෂ සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් ගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක සුජිත් ද සිල්වා සහ උප පොලිස් පරීක්ෂක දයාසේන ප්‍රධානත්වයෙන් වැටලීම කර ඇත..







