සිකුරාදා නෙදර්ලන්තයට එරෙහිව බුලවායෝ හි ක්වීන්ස් ක්‍රීඩා සමාජයේ පැවති ICC පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් සුදුසුකම් ලැබීමේ තරගයේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ චර්යාධර්ම සංග්‍රහයේ පළමු වන මට්ටම කඩ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංගට තරවටු කර, අවම දඩයක් පනවා තිබේ.
වනිඳු හසරංග “ජාත්‍යන්තර තරගයක් අතරතුර ක්‍රිකට් උපකරණ හෝ ඇඳුම් පැළඳුම්, බිම් උපකරණ හෝ සවිකිරීම් සහ උපාංග අනිසි ලෙස භාවිත කිරීම” සම්බන්ධ ක්‍රීඩකයන් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ චර්යාධර්ම සංග්‍රහයේ 2.2 වගන්තිය කඩ කර ඇති බව සොයා ගන්නා ලදී.
මීට අමතරව අවුරුදු 2ක කාලයකදී දෙවැනි වරද වූ හසරංගගේ විනය වාර්තාවට එක් දෝෂ ලකුණක් එකතු වී ඇති අතර, ඔහුගේ දෝෂ ලකුණු සංඛ්‍යාව 2ක් දක්වා ඉහළ ගියේය.
හසරංග දැවී යාමෙන් පසුව ඔහු නැවත ක්‍රීඩාගාරය වෙත පැමිණෙන විට ආක්‍රමණශීලී ලෙස පිත්තෙන් හතරේ සීමාවට පහර දුන්නේය.
පිටියේ විනිසුරුවන් වන මාර්ටින් සාගර්ස් සහ ග්‍රෙග් බ්‍රැත්වේට්, තෙවැනි විනිසුරු ජයරාමන් මදනගෝපාල් සහ සිවුවැනි විනිසුරු අසීෆ් යාකූබ් විසින් මෙම චෝදනාව එල්ල කරන ලදී.
පළමු වන මට්ටම කඩකිරීම් සඳහා නිල තරවටු කිරීමක අවම දඬුවමක්, ක්‍රීඩකයකුගේ තරග ගාස්තුවෙන් සියයට 50ක උපරිම දඩයක් සහ අවාසි ලකුණු එකක් හෝ දෙකක් එක් කිරීමක් සිදු වේ.







